අලුතෙන් හදන ඔබේ නිවසටත් මෙන්න මේ දේවල් 14 එක්කරන්න එපා

අළුත්වැඩියාව කියන වචනය ඇහෙනකොටත් කෙනෙක්ට හිත ගැස්සිලා යන, ඉස්සෙල්ලම මතක් වෙන දේ තමයි සල්ලි වියදම. ගොඩක් දෙනෙක් අළුත්වැඩියා කටයුතු වලට වෘත්තිය ශිලිපින්ගේ සේවාව ලබාගැනීමට යොමු නොවී තමන්ගේ දැනුම භාවිතා කරමින් ඒ කටයුතු තමන් ගේ අතින්ම නිමවීමට උත්සාහ කරනවා. වෘත්තිය ශිල්පියෙක් නම් යම් ඉදිකිරීමකට, නිර්ර්මාණයකට හෝ අළුත්වැඩියාවකට වඩාත් සුදුසුම අමුද්‍රව්‍ය මොනවාද, නිසි මිනුම් මොනවාද, ස්ථාන ගත කිරීමට සුදුසු තැන් සහ ක්‍රම මොනවාද ආදි ශිල්පිය දැනුම භාවිතයෙන් නිසි ප්‍රමිතියකට සහ ගුණාත්මක බවින් වැඩි ආකාරයෙන් එම කටයුතු සිදුකරයි.සල්ලි වගේම කාලයත් ඉතිරි කරගත හැකි ක්‍රමයක් නිසා ගොඩක් දෙනෙක් මෙය වාසිදායකයි කියලා හිතුවත් හරියාකාර දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව නිවසේ ප්‍රධාන අළුත්වැඩියා කටයුතු කිරීමට උත්සාහ කිරීම එතරම් උචිත අදහසක් නෙවෙයි. නමුත්, වියදම පැත්ත ගැන පමණක් හිතන බොහෝ දෙනාට මේ දේවල් ගැනත් මගහැරී යනවා. ඒ නිසාම ඔවුන් අතින් සිදුවන බොහෝ අළුත්වැඩියා කටයුතු වල අඩුපාඩු දුර්වලතා සහ නොගැලපීම් දැකිය හැකිය.

විශේෂයෙන්ම නිවසට පැමිණි කෙනෙකුට වටපිටාව දකින විට “මේ නිමාව නම් ආධුනිකයෙක්ගේ වැඩක්” කියලා හිතෙන තරම් අඩුපාඩු ඔවුන්ට නිරික්ෂණය විය හැකියි. ඔබ සතු සීමිත දැනුම නිසා යම් යම් කටයුතු වලදි ඔබ ආධුනිකයෙකු මෙන් බොහෝ අඩුපාඩු සහිතව නිවසේ අලංකරණ සහ ඉදිකිරීම් කටයුතු සිදුකරනවා ඇති. ඉතින් ඔබට උදවුවක් විදියට මෙන්න මේ වගේ ඔබ අළුත්වැඩියා කටයුතු වලට ආධුනිකයෙක් කියලා පෙන්නුම් කරන දේවල් ඔබේ නිවසට එක්කරන්න එපා.

01. ප්ලාස්ටික් ජනෙල් පඩි (windosills)

මේවායේ පැහැය සහ මතුපිට ස්වභාවය කාලයත් සමඟ ඉතා ඉක්මනින් වෙනස් වී යයි. බොහෝ විට කහ පැහැයට හැරී දුර්වර්ණ වීම, පළුදි වීම, පැල්ලම් ‍රැඳීම සහ කලු තිත් මතුවීම වැනි හානි මතුවීමට පටන්ගනියි. උණුසුම් කාලගුණයට නිරාවරණය වීම නිසා ප්ලාස්ටික් රත්වීමට පවා ඉඩ ඇත. ස්වභාවික පාෂාණ, ලී වැනි නවින ආදේශක අමුද්‍රව්‍ය වලින් වර්තමානයේ මේවා නිර්මාණය වේ.

02. නාන කාමරවලට නොගැලපෙන සොකට් (socket) සවිකර තිබීම

තෙතමනය අධික තැන් වලට (නාන කාමරය වැනි) ආරක්ෂිත පියන් සහිත සොකට් වර්ගයක් සවිකිරිම සිදුකල යුතු බව නිර්දේශයයි. එමෙන්ම ඒවා ජලයට ඔරොත්තු දෙන (water resistant) ආකාරයේ ඒවා වීමත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. සොකට් කේස් එක මත ඇති IP අකුරු දෙක සමඟ ඇති ඉලක්කම් පරික්ෂා කරන්න. නාන කාමරයේදී ආරක්ෂාව සඳහා අවම වශයෙන් level 4 වර්ගයේ සොකට් එකක්වත් භාවිතා කල යුතු බව නිර්දේශයයි.

03. රත් වෙන සංවෘත ‍රැහැන් (hidden wires) සහ කේබල් ක්ලෑම්ප් (cable clamp)

ආරක්ෂිත කේබල් බිත්තියට කර සවිකිරීම බොහෝ විට භාවිතා වෙන ක්‍රමයයි.ප්ලාස්ටික් ක්ලෑම්ප් භාවිතය නිසා බාල වර්ගයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවසේ ඉදිකිරීම් කටයුතු කර ඇති පෙනුමක් සහිත බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. එමෙන්ම ඒවා බිත්තියෙන් ඉවතට වැටීමේ අවදානම තිබිය හැකියි. කුඩා දරුවන් හා සුරතලුන් සිටින නිවසක එවැනි අමුද්‍රව්‍ය භාවිතය ආරක්ෂාකාරී  නැත. එමෙන්ම බිත්ති වල සිදුරු ඇතිකිරීමට  සිදුවන නිසා අවලස්සනක් ඇතිවිය හැකියි වගේම හානි වූ බිත්ති නැවත පිලිසකර කිරීමටත් ඔබට සිදුවිය හැකියි.

04. තීරු වයර්  (power strips) ගණනාවක් ඇද තිබීම

මෙසේ ‍රැහැන් රාශියක් එක් පේණුවකට (switch outlet) සම්බන්ධ කර තිබීමෙන් නිවසේ ප්‍රමාණවත් තරම් පේණු නොමැති බවයි. පැරණි නිවාස ඉදිකිරීම් වල බොහෝ විට එක් කාමරයක ඇත්තේ සොකට් 2-3 ක් පමණි. නමුත් වර්තමානයේදී එම ගණන ප්‍රමාණවත් නැහැ. වෘත්තීය සැලසුම් ශිල්පීන් වැනි අය පළමුවෙන්ම අවධානය යොමුකරන කරුණු අතර මෙයත් ප්‍රධානයි. මෙවැන් විදුලි ‍රැහැන් හැම පැත්තකින්ම විත් එක් පේණුවකට සම්බන්ධ වීම නිවසේ ඇතුලත ඉඩකඩ අවලස්සන කරවනවා වගේම තමයි  අනාරක්ෂිත ‍රැහැන් ඇදීම් නිසා හදිසි ගින්නක් වුණත් ඇති වීමේ අවදානම වැඩිය.

05. සිවිලිම අසමාන ආකාරයෙන් සුදු පැහැ තීන්ත ගල්වාතිබීම

සිවිලිම් සුදු පැහැති තින්ත ගැන්වීම යල් පැන ගිය භාවිතයකි.වහලයේ අසමාන මතුපිටවල්,වයරින්, පයිප්ප සහ ජොයින්ට් ආවරණය වන සේ ප්ලාස්ටර්බෝර්ඩ් භාවිතයෙන් සිවිලිම් යෙදීම අද කාලයේ ඉතා ප්‍රචලිතව ඇති විලාසිතාවකි. නිවැරදි සිවිලිම් වර්ගයක් ‍තෝරාගැනීමෙන් ඔබේ නිවසේ වැඩි ඉඩකඩක් සහිත සැපපහසු බවින් පිරුණු නිවසක පෙනුමක් ඇතිකරගත හැකියි.

06. ලිනෝලියම් පොළොව

පහසු මිලකට මිලදී ගැනීමට හැකිවීම සහ පහසුවෙන් සවිකල හැකිවීම යන වාසි දෙක නිසා ඇතැම් අය මේවා නිවසේ පොළෝ මතුපිටට යොදාතිබේ. නමුත් මේවායේ කලපැවැත්ම අඩුය, මතුපිට සුමට බව නිසා ලිස්සා යෑමෙන් අනතුරු සිදුවිය හැකි අවදානම වැඩිය. මේවා වෙනුවට ලැමිනේට්, ලෑලි පොලොව (parquet), හෝ සෙරමික් ටයිල් වැනි නවීන පන්නයේ අමුද්‍රව්‍ය වලින් නිවසේ බිම් සැකසීම අද කාලයේ ඉතා ජනප්‍රිය වි ඇත.

07. කාමරයේ එක් විදුලි ආලෝක මූලාශ්‍රයක් පමණක් තිබීම

කාමරයකට එක් ආලෝක මූලාශ්‍රයක් ප්‍රමාණවත් නැත. ඉන් ප්‍රමාණවත් ආලෝකයක් කාමරයට නොලැබෙන නිසා මලානික පෙනුමක් ඇතිවේ. එමෙන්ම පෙනුමින් කාමරය තුල ඉඩපාඩු මදි ගතියක් පෙනිය හැකිය. බිත්ති ලාම්පු,පහන් කණු (floor lamps), මේස ලාම්පු (table lamps ),ඉටිපන්දම් කරු (scone) වැනි කාමරයට වැඩියෙන් ආලෝකයක් ලැබෙන සැරසිලි වර්ග භාවිතා කල හැකියි.

08. බාල වර්ගයේ දොර අගුලු සහ හැන්ඩල් භාවිතය

නිවසේ දොර‍ටුව ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වන නිසා ඒ සඳහා භාවිතා කරන අගුලු සහ හැන්ඩල උසස් තත්වයේ ඒවා වීම වැදගත්වේ. බාල වර්ගයේ ඒවා එක්මනින් ගෙවී යන අතර දුර්වර්ණ වීම් වලට ලක්වනවා වැඩියි. පරණ වූ අගුල් මාරු කිරීම සඳහා ඔබගේ මුදල් නාස්ති විය හැකියි. එනිසා තරමක් වැඩි මිලක් ගෙවා හෝ උසස් ප්‍රමිතියක අගුලු සහ හැන්ඩල් දොරවල් වලට යොදන්න.

09. ක්ලැප්බෝර්ඩ් (clapboard) වලින් බැල්කනිය සරසා තිබීම

ලී ක්ලැප්බෝර්ඩ් (wooden clapboard) වලින් බැල්කනිය සැරසීම බොහෝ කාලයක් තිස්සේ පැවතෙන ඉදිකිරීම් භාවිතයකි. දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම, කල්පැවැත්ම, තාපයට ඔරොත්තු දීම මෙන්මපහසුවෙන් සවිකල හැකි වීම වැනි වාසි නිසා මෙය අතිශයින්ම ජනප්‍රිය අමුද්‍රව්‍යක් වී තිබෙනවා. නමුත් නවීන සැලසුම්කරුවන් පවසන්නේ මෙය තරමක් යල් පැන ගිය අදහසක් බවයි. ඒවගේම මුල් ස්වරූපයට වඩා මේවායේ ඉක්මනින් වර්ණය වෙනස්වීම, වියළීයාම සහ පළුදීම් වලට ලක්වනවා වැඩිය.

10. පොලොවේ වර්ණයට ගැලපෙන ප්ලාස්ටික් බේස්බෝර්ඩ් (plastic baseboard)යොදා තිබීම

වයර් සහ ජොයින්ට් ආවරණය වන සේ  බිත්ති වල යට දාර වලට බේස්බෝර්ඩ් යෙදීම තුලින් නිවසට හොඳ නිමාවක් මෙන්ම අලංකාරයක් ද එක්වේ.නමුත්, මේවා පොලොවේ යොදා ඇති අමුද්‍රව්‍ය වල පැහැයට සමාන විය යුතු නැත. ඔබට හැකියි දොරේ පැහැයට සමාන සමාන පැහැයකින් ඒවා ‍තෝරාගන්නට. සුදු පැහැය වඩාත් භාවිතා වන වර්ණයකි.

11. කුඩා බවින් වැඩි කර්ටන් පොලු (curtain rods)යොදා තිබීම

මේවා සරල, භාවිතයට පහසු නිමාවක් සහිත වුවත් සිහින් යකඩ පොලු වල එල්ලා ඇති ඇමිණුම් (ස්ට්‍රිංග්ස්) නිතරම එල්ලා වැටීමට බැලීම, යකඩ පොල්ල සහ කොකු මලකඩ කෑමට පටන්ගැනීම නිසා ඒවා බොහෝ කාලයක් හොඳ පෙනුමකින් යුතුව භාවිතා කිරීම අපහසුවේ.මේවායේ ඝනකම් සහ ‍රැළි බවින් වැඩි ජනෙල් තිරරෙදි එල්ලා තැබිය නොහැකිය. සැහැල්ලු තිරරෙදි සඳහා පමණක් භාවිතා කල හැකි නිමාවකින් යුතුය. තිර රෙදි වෙනස් කිරීමට අවශ්‍ය වුවත් මේ හේතුවෙන් එය අපහසු දෙයක් විය හැකියි.

12. ඉලෙක්ට්‍රිකල් පැනල (electrical panel)

නිවසේ ඇතුල් වන දොර‍ටුව අසලම විශාල පැනලයක් බිත්තේ සවිකර තිබීම එතරම් ආකර්ෂණීය නැහැ. මේවා රාක්ක පි‍ටුපස, හෝ වෙනත් කුටියක් ඇතුලත සවිකිරිම තුලින් නිවසේ අපිළිවෙල ගතියක් ඇති නොවේ. ඔබේ ඇඳුම් සමඟ සම්බන්ධ නොවන ලෙස පැනලය වෙනම ස්ථානයක සවිකිරීමට සැලකිලිමත් වන්න. බිත්තියේ ගල්වා ඇති තින්ත වලින් හෝ වෙනත් ක්‍රමයකින් පැනලය පිටතට කැපී නොපෙනෙන සේ ආවරණය කරන්න. එය තවත් රාක්කයක් හෝ නැතිනම් කුඩා යතුරු රඳවන පෙට්ටියක් ආකාරයේ සූක්ෂම ක්‍රමයකට එය සවිකරගැනීමෙන් නිවසේ ඇතුලත පෙනුමට හානියක් ඇති වීමෙන් වළක්වාගත හැකියි.

13. එක ලඟ අසුරා නොතිබිය යුතු ඉලෙක්ට්‍රික් උපාංග ආදිය එක් තැනක තබා තිබීම

මුලුතැන්ගෙයි ප්‍රමාණවත් සොකට් ගණනක් තිබීම ඔබට පහසුවක් ඇතිකරනු ඇත. ඉලෙක්ට්‍රික් භාණ්ඩ එකිනෙකින් ඈත්ව වෙන් වෙන්ව අසුරන්න(ඒවා අසුරාතැබීමට ලබා දී ඇති උපදෙස් අනුව මෙය සිදුකරන්න). විදුලි පරිපථයේ අධි ධාරාවක් ඇතිවීමේ අවදානමින් උපාංග වලට හානි විම වළක්වාගැනීමට මෙන්ම අසල ඇති විදුලි උපකරණ නිසා ඔබට ඇතිවිය හැකි අනතුරු වළක්වාගැනීමට සොකට් කිහිපයක්ම තිබීම වාසිදායක වේ.

14. විශාල පයිප්ප භාවිතය

ජල සැපයුම සහ වැසිකිළි අපවහනය සඳහා සවිකර ඇති පයිප්ප විශාලව පිටතට පෙනීම එතරම් ආකර්ෂණීය නිමාවක් නොගනියි. මෙවැනි අළුත්වැඩියාවන් නිසා නාන කාමරයේ හොඳ නිමාවක් සහිත පෙනුමට හානි ඇතිවිඅය හැකියි.බොහෝ විට මේවා පිටතට නොපෙනෙන සේ සවිකිරීම සිදුවන අතර නවීන ක්‍රම වලට අනුව ඒවා අළුත්වැඩියා කිරීමද ගැටලුවක් නොමැතිව පහසුවෙන් සිදුකරගත හැකි තාක්ෂණික නිමාවන් වලින් සමන්විතය.