අම්මෝ.. ඒ නයා දැක්ක පාර මෙගේ උගුරෙන් පහළට කෙළ ගිලූනෙත් නැහැ

කලෙක සිංහල සිනමාවෙන් පේ‍්‍රක්ෂක සිත් අමන්නානන්දයට පත් කර හදබැඳගත් ‘‘ගින්දරී’’ ගැන මේ දිනවල නිතර නිතර කතා වෙනවා ඇය සොඳුරු ආදරවන්තියක්, තවත් විටෙක දුක් කම්කටොලූ උහුලන ගැහැනියක් ලෙස ජීවිතයේ උඩු යටිකුරු වූ සිදුවීම් සමුදායක් සමග ඔබ අප සමග අදහස් බෙදාගන්න එකතු උනා

  • ගින්දරී ආයෙත් කරලියට ඇවිත් කොහොමද ඉතින් ලැබෙන ප‍්‍රතිචාර?
  • ඇත්තටම ගොඩක් හොදයි ඒ වගේම කාලෙකට පස්සේ ලැබිච්ච හොඳ චරිතයක්. ඉතින් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා, ඉදහසේ ඒ වැඩ ටිකත් කරගෙන යනවා,
  • පබෝධා ගින්දරීගෙන් පස්සේ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා නේද. ටිකක් ඒ ගැනත් මතක් කරමු.
  • ඔව් ඇත්තටම ගින්දරී එක්ක මම ආයේ සිනමාවට ආවෙ වසර දෙකකට විතර පස්සේ. පුංචි තිරයෙන් ලොකු නිහැඬියක් තිබුණා මගේ පුතා ගොඩක් පොඩි නිසා. ඒ වුණත් දියණියෝ, ආදර වැස්ස, හද විල අරණ නාට්‍යවලට මම සම්බන්ධ වුණා

අනන්තා කියලා චරිතයක් කළා නේද, ඒ ගැනත් කථා කරමු?

ඇත්තටම ඒක මගේ ජීවිතේ මට ලැබුණු වෙනස්ම චරිතයක් සහ ගොඩක්ම වෙනස්ම අත්දැකීමක්. අනන්තා කියන්නේ ලොකු වලව්වක කුමාරිහාමි කෙනෙක්. ඇය ජීවිතේ ඇති ගොඩක් දේවල් හංගගෙන එයාගේ සතුට කැපකරලා අනිත් අය වෙනුවෙන් ජීවිතයම කැප කරපු චරිතයක් විදිහට තමයි අනන්තව මම හඳුනාගෙන තියෙන්නේ. අපේ සංස්කෘතියට ගොඩක් කිට්ටුවෙන්ම යන තේමාවක් යටතේ ගොඩනැගුන ගොඩක් ලස්සන සුන්දර ලස්සන කතාවක් ඒක ඇත්තටම මගේ රංගන දිවියව් කල හොඳම චරිත වලින් එකක් ඒක

  • පබෝදා එක්තරා ටෙලි නාට්‍යක හිටපු නයි නළුවාට ගොඩක් බයයි කියන්නේ ඇත්තද?
  • ‘‘බුදු අම්මෝ’’ ඒකනම් මතක් කරන්නත් එපා අනේ
  • ඇයි පබෝධා බය ද?
  • අම්මෝ ඔව් මම හරිම බයයි. මම විතරක් නෙමෙයි අනේ ඒ කණ්ඩායමේ ගොඩක් දෙනා නයාට පට්ට බයයි

එහෙනම් ඒ නයා සම්බන්ධ රසබර සිදුවීම් රැසකුත් ඇති.

අම්මෝ ඔව් එක දර්ශනයක් තිබුණා. දේපල ලබා ගන්න අනන්තා කියන චරිතය බිල්ලකට දෙන්න හදන දර්ශනයක් ඒ දර්ශනයේදී මාව බිල්ලට දෙන්න තැනකට අරන් යනවා ඒත් මාව බිල්ලට දෙන්න ලැබෙන්නේ නැහැ හාමු මහත්තයට නාගයා ගහනවා කරනවා ඊට පස්සේ මම බිම වැටිලා ඉන්න තැනට නයා ඇවිත් පෙනේ කරගෙන මුණ ඉස්සරහටම වෙලා ඉන්නවා දැන් නයා මගේ ළඟටම එනවා බයට උගුරෙන් පහළට කෙළ ගිලූනෙත් නැහැ මම ඒ සීන් එක කරන්න බැහැ කිව්වා ඒත් ඒ වැඩේ හරිගියේ නෑ කරන්නම වුණා. බැරිම තැන ඇස් දෙක තද කරගෙන නයා ළඟ බිම දිගා වෙලා හිටියා නයා ගැහුවත් ඇස් දෙක නම් අරින්නේ නැහැ කියලා හිතාගෙන අම්මෝ නයි නළුවා ගැනනම් ඒ වගේ රස කතා නම් ගොඩක්ම තියෙනවා. දවසම නයා එක්ක ෂූටින් නිසා පොඩි සද්දයක් ඇහුණත් ගැස්සිලා බලන්නේ නයා ද කියලා. අපේ කට්ටිය ‘‘ඔන්න නයා’’ කියලා බය කරන කොට කට්ටියගේ කටවල්වලින් හරි ලස්සන සිංහල වදන් පිටවෙනවා.

සැමියා (සිදත්) රඟපෑමෙන් ඉවත් වෙන්න කියන්නේ නැද්ද?

අනේ එයා මට කවදාවත් බලපෑම් කරන්නේ නෑ මම ඉතින් ගොඩක් ආසාවෙන් කරන දේනේ පුංචි කාලෙ ඉඳලම මම රඟපෑවා. රංගන ජීවිතේ ගැන ඇත්තටම මට තෘප්තිමත් වෙන්න පුළුවන්. ඉඩ ලැබෙන විදිහට නිර්මාණවලට දායක වෙනවා