‘අම්මට ආදරේ නිසා මම එයා එක්ක විවාහ වුනේ නෑ’ නිළියන්ගෙන් පවා වශී වුන දයාන් කියන කතාව

ගීයකට පුළුවන් ද අපිව කොච්චර ⁣මනෝ ලෝකයට අරන් යන්න. මියුරු ගී හඩකට පුළුවන් ද අපේ හිත මොහොතකට සනසන්න. ස්වර හතර අස්සේ තනු පද අස්සේ දඟ කරන ඔහු දයාන් විතාරණ. මේ ඔහු ගැන කතාවයි. පියාගේ අහිමි විමත් එක්ක මව හා ජිවත් වෙන දයාන් තවමත් තනිකඩ චරිතයක්. අවුරුදු හැටක් සම්පුර්ණ කරන්න පුළුවන් වුන ඔහු සොදුරු කලාකරුවෙක්.

තනිකඩව ජිවිතේ ගෙවන්න හේතුව අහන්න අපි දයාන් සමඟ කතා කළා. ඉතින් ගයාන් අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් “ඇත්තටම මම කොයිම වෙලාකවත් තනිවෙලා කියලා හිතිලා නෑ. මොකද මට ආදරේ ලැබෙනවා විවිධ අයගෙන්. අනික මම විවාහ නොවෙන්න හේතුව මගේ අම්මා. මොකද මට හිතුනා මගේ අම්මාට වෙනස්කමක් වෙයි කියලා. නැන්දම්මා ලේලි සටනේ අසරණ වෙන්නේ පිරිමියා. ඉතින් මම ඒ දේවල් වලට ආස නෑ. මට විවාහ යෝජනා පවා ඇවිත් තියෙනවා. විශේෂයෙන් නළු නිළියන් ගායිකාවන්ගෙන් පවා. ඒත් මගේ ජිවිතේ කාටවත් ඉඩක් වෙන්වුනේ නෑ.” කියලයි,

තනිකඩ දයාන් මෙච්චර සුන්දරත්වයක් තියාගන්න මොනාද කරන්නේ කියලා අපි අහපු ප්‍රශ්නයට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. “නිර්මාංශ මම එළවළු පළතුරු එක්ක තමා ජිවත් වෙන්නේ. අනික මගේ හිත හරිම පිරිසිදුයි. ඒ නිසා ඉතින් වෙනම දේවල් කරගන්න ඕනි නෑ ලස්සන වෙන්න.” කියලයි.

දයාන් කියන්නේ සොදුරු කටහඩක අයිතිකරුවෙක් පමණක් නොව සොදුරු ඡායාරූප ශිල්පියෙක්. කලාකරුවන්ගේ ජිවිත වල බොහෝ දෙනාගේ වටිනා සුන්දර අවස්ථා ඡායාරූපයට ගන්නේ මොහු. ඒ ගැන ඔහු කිවේ මෙවැනි දෙයක් “බොහෝ දෙනා මගේ ඡායාරූපකරණය ගැන වර්ණනා කිරිම ගැන මට තියෙන්නේ නිහතමානි සතුටක්.⁣ ගොඩක් මංගල අවස්ථා පවා මටම කියලා කරගන්න ගොඩක් අය කැමැතියි. ඉතින් මම පුළුවන් කැපවිමෙන් මගේ උපරිම සහයෝගය ඒ අයට ලබා දෙනවා. සමිතා අක්කා තමයි ම⁣ගේ ඡායාරූපකරණයේ මුල් අඩිතාලම දාගන්න මට උදව් කලේ. මගේ ඡායාරූප බොහෝ දෙනා කැමති වෙන්න හේතුව මම කාවවත් අනුකරණය නොකර නිසා.” කියලයි. ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වු දයාන් මේ වන විට, ඡායාරූප ශිල්පියෙකු ලෙසට ප්‍රසිද්ධව ඇත. ඉතින් ඔහුගේ ඉදිරි ජිවිතයට සුබ පැතුම් එක් කරන්නද අපි අමතක කලේ නෑ.