‘අමල්ට ජිවිතේ සමහර තැන් වැරදුනා ඒත් අදටත් එයා මගේ සැමියා’ නදීමාල්ගේ මව කියන කතාව

නදිෂා සජානි නම කියු සැනින් කාගෙවත් මතකයට නොඑන චරිතයක්. නමුත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ ආදරණිය බිරිඳ නැතහොත් නදිමාල් පෙරේරාගේ ආදරණිය මව නොදන්න කෙනෙක් නැති තරම්. මේ සොදුරු කතා බහ ඇය සමඟයි. සංගීතයට උරුමකම් කියන පවුලක් නිසාම අපි නදිෂාගේ පුතු නදිමාල් ගැන මුලින්ම අහන්න හිතුවා. “නදිමාල් කියන්නේ ඇත්තටම අහිංසක දරුවෙක්. එයා ඉපදෙන කොට මම දන්නේ නෑ දුවෙක්ද පුතෙක්ද කියලා. හැබැයි පුතෙක් කියලා දැනගත්තම මම ගොඩක් සතුටු වුනා. කොහෙම වුනත් නදිමාල් පොඩි කාලේ ගීත ගායනා කලේ නෑ. එයා නවය වසරේ තරඟයකට තමා මුලින්ම සිංදු කිවේ. අමල්ගේ තාත්තා මර්වින් පෙරේරා පස්සේ පුතාට පාසලට ගීත නිර්මාණය කරලා දුන්නා. පුතා ජනප්‍රිය වුනේ ප්‍රසිද්ධ කලාකරුවන් එක්ක ගීත ගායනා කලාට පස්සේ “

කාලයක් ඔබත් අමලුත් දික්කසාද වෙලා කියලා ප්‍රචාරයක් ගියා නේද? “අමල් කියන්නේ අදටත් මගේ නිත්‍යානුකූල සැමියා. අපි වෙන් වෙලා නෑ. හැබැයි අමල්ට ජිවිතේ සමහර තැන් වැරදෙන්න ඇති. ඒත් අමල් කවුද මම කවුද කියන්න අපේ පවුල් අය දන්නවා. සමාජ මාධ්‍යයේ මොනා කිවත් ඒ දේවල් වල හරි වැරැද්ද කියන්න අපිට ඕනි නෑ. ජනප්‍රිය පවුල් වලට විවේචන එල්ල කරනවා වැඩියි. කොයි පවුල ඇතුලෙත් පොඩි පොඩි විරසක තියෙනවා. ඒවා සාමාන්‍ය දේවල්.”

අමල් කියන චරිතය ඔබ දකින්නේ කොහොමද? “කොච්චර කාර්යබහුල වුනත් අමල් දරුවන් වෙනුවෙන් කැප වුන තාත්තා කෙනෙක්. මම ජොබ් එකක් නොකර නිසා අමල් තමා පවුලේ සියළු වියදම බලාගන්නේ. අමල් කියන්නේ අද වෙනකන් එයාගේ දුවට පුතාට අතක් උස්සපු නැති තාත්තා කෙනෙක්. 1993 අපි විවාහ වෙනවා. ඉතින් අමල් කියන්නේ සුන්දර චරිතයක් මම දකින විදිහට මම හිතන විදිහට. අපි දෙන්නම අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජිවිතේ කැප කරනවා. නදිමාල්ට වුනත් අපි එයාගේ නිදහස දිලා තියෙනවා. දුව තාම ඉගෙන ගන්නවා. මේ හැමදේම එක්ක අමල් අපි එක්ක ස⁣හයට ඉන්නවා..” කියලයි ඉතින් ඔයාලා වැඩිය දැකලා නැති නදීමාල්ගේ ආදරණීය මව තමයි මේ.