මෙන්න මේ දේවල් තිබෙන ඇත්තම හේතුව ඔබ දන්නවද

එදිනෙදා ජීවිතයේ අපි විවිධ බඩු බාහිරාදිය භාවිතා කරනවා. ඇතැම් භාණ්ඩ වල පිහිටා ඇති කොටස් වලින් තිබෙන ඇත්තම ප්‍රයෝජනය කුමක් වෙන්න ඇති ද කියා ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ සිතාබලන්නට ඇති. ඔබේ කුතුහලයට පිලිතුරු මේ කියන්න යන දේවල් 12 අතරේ තියෙනවාද කියා බලන්න!

01. පලතුරු මත අලවා ඇති ස්ටිකර්

ඇපල්,දොඩම් වැනි පලතුරු වල ස්ටිකරයක් බොහෝ විට අලවා තිබෙන ආකාරය ඔබ දැක ඇති. ඒවායේ නිෂ්පාදිත රට සහා නිෂ්පාදන ආයතනයේ නම සඳහන් කර තිබේ. නමුත් එහි සඳහන් අංක වලින් ඇත්තටම කියවෙන්නේ මොකක්ද? උත්තරය මේකයි: ස්ථාන හතරකින් යුක්ත ඉලක්කමේ පළමු අංකය වන්නේ 4 නම් ඉන් අදහස් වන්නේ මේ පලතුරට කෘමිනාශක දියර ඉස ඇති බවයි. එහි සඳහන් වන්නේ ස්ථාන පහකින් යුත් ඉලක්කමක් සහා එහි පළමු අංකය 9 නම් ඉන් අදහස් වන්නේ කාබනික ලෙස වගාකර ඇති බවයි. ස්ථාන පහකින් යුත් ඉලක්කමේ පළමු අංකය 8 නම්,ඉන් අදහස් වන්නේ පලතුර ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණුකර තිබෙන බවයි.

02. ඩෝනට් වල ඇති සිදුර

ඩෝනට් කියන්නේ ඉතාමත් ජනප්‍රිය වගේම පැරණිතම රසකැවිලි විශේෂයක්. වර්තමානයේදී විවිධ හැඩයන්ගෙන් සහා ප්‍රමාණ වලින් ඩෝනට් සකස් කරනවා. නමුත් අතීතයේදී  ඒවායේ දාර සහා මැද කොටස් හොඳින් බේක් කරගැනීම අපහසු වී තිබෙනවා. ඒ හේතුව නිසා බේකරිකරුවන් මෙන්න මේ ආකාරයෙන් ඩෝනට් එක සිදුරු කර සකස් කිරීමට පටන්ගෙන තිබෙනවා. රවුම් ආකාරයේ හැඩය නිසා සමානව හොඳින් බේක් කරගැනීම පහසු වෙනවා කියලයි ඔවුන් කියන්නේ.

03. වින්ඩ්ස්ක්‍රීන් එකේ තිත් සහිත  frit band එක

වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එකේ තිබෙන frit band එක විශේෂිත සෙරමික් තීන්ත වර්ගයක් මුසු කරලයි සකස් කර තිබෙන්නේ. එහි කාර්යය වන්නේ වීදුරුවේ ඇති යුරේතන් ස්ථරය අහිතකර පාරජම්බුල කිරණෙන් ආරක්ෂා කරනු ලැබීම සහා වීදුරුවේ දාර මත කුණු ‍රැඳීම වැළැක්වීමයි. එහි ඇති තිත් ස්වභාවය මඟින් Frit band එකේ සිට වීදුරුව අතර පැහැදිලිව විනිවිද පෙනෙන ලෙස දර්ශනය කරවනවා. ඒ වගේම මෝටර් රථ නිෂ්පාදනය කරන අතර තුරදී උෂ්ණත්වය වඩාත් සමානව පවත්වාගන්නවා.

04. අව් කණ්ණාඩි

 අව් කණ්ණාඩි පලඳින්නේ අව්වෙන් ආරක්ෂා වීමට පමණක් බවයි අපේ මතකයට නැගෙන්නේ.නමුත් අතීතයේදි එහි භාවිතාව තරමත් වෙනස් එකක් වී තිබෙනවා. .අඳුරු පැහැති කණ්ණාඩි නිර්මාණය කරන ලද්දේ ආර්ක්ටික් වාසීන් විසින්ය. ඒ ඔවුන්ගේ ඇස් හිමපතනයෙන් ආරක්ෂා කරගැනීම සඳහාය. 12 වන සියවසේ දී පමණ චීන විනිශ්චයකාරවරුන් අතරේද මේවා භාවිතය අතිශයෙන්ම ප්‍රචලිත වී තිබී ඇත. සාක්ෂිකරුවන්ට නොපෙනෙන සේ තම හැඟිම් පිටතට පෙනීම සඟවාගැනීමට ඔවුන් මේවා භාවිතාකර තිබුණා.

05. අභ්‍යාස පොත් වල ඇති රතු ඉරි

 වර්තමානයේදී නම් මේ ඉරි කොටසෙන් වෙන් කල ඉඩ භාවිතා කරන්නේ  ගුරුවරු විසින් අපේ ලකුණු සලකුණු කරන්නයි. ඇත්තෙන්ම මුල් කාලයේදී ඉරකින් පොතේ පි‍ටු වෙන් කර තිබී ඇත්තේ හරි අපූරු හේතුවකටයි. ඒ තමයි මී කරදරය. මීයන්ගේ ගහනය අධිකව පැවතුනු නිසා පොත් වල ලියපු පි‍ටු බේරගන්න මේ ආකාරයෙන් පොතේ දාරයක්ම වෙන් කිරීමට ඔවුන් කටයුතු කරලා. ඒ නිසා දාර ආහාරයට ගෙන තිබ්බත් තොරතුරු සහිත මැද පි‍ටුව ආරක්ෂා කරගැනීමට හැකිවෙලා තියෙනවා.

06. ගොල්ෆ් බෝලය වලවල් වලවල් සහිත වීම

පළමුවෙන්ම නිපදවූ ගොල්ෆ් බෝලය ඉතා සුමට සිනිදු එකක් වී තිබෙනවා. ක්‍රීඩා කරන අතරේදී බොහෝ ගොල්ෆ් ක්‍රීඩකයින්ට වැටහී ගියේ භාවිතා කරන ගොල්ෆ් බෝලය වෙනස් විය යුතු බවයි. පරණ වූ, ක‍ටු සහිත සහා පැළුණු බෝල වලින් ගොල්ෆ් ක්‍රීඩා කිරීම ඉතා පහසු බව ඔවුන් අවබෝධ කරගන්නවා. වසර ගණනාවක්ම පරණ බෝල භාවිතා කරමින් තමයි ඔවුන් බොහෝ විට ක්‍රීඩා කර තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස  වර්තමානයේදී නිෂ්පාදකයින් කෘතීම ලෙස පැරණි ආකාරයක් දිස් වන සේ, වල ගැසුණු ගොල්ෆ් බෝල නිෂ්පාදනය කරමින් සිටිති.

07. කමිස, ජැකට් පි‍ටුපස ඇති Half belt කොටස

මෙය බොහෝ විට කෝට් වර්ග,කමිස වල හා ජැකට් වල පි‍ටුපසින් රෙදි හෝ ලෙදර් වලින් සැකසූ කොටසක් ලෙස මසා තිබෙනවා. වසර ගණනකට පෙර මේ කොටස ඇඳුම් වලට සම්බන්ධ කර මැසීම ආරම්භ කර තිබුනේ හමුදා නිල ඇඳුම් සඳහායි. ඉතා පළල් ලෙස හමුදා අලු කබායන් මසා තිබීම නිසා මේ කොටස හරහා පටියක් යවමින් ඒ ආධාරයෙන් කබාය තද කර සකසා ගැනීමට ඔවුන් කටයුතු කලා. රාත්‍රියේදී ඒ පටිය ඉවත් කරමින් කබාය බ්ලැන්කට් එකක් ලෙස භාවිතා කිරීමටත් හැකි ලෙස මසා තිබීමත් මේ කොටස එයට ඇමිණීමට එක් හේතුවක් වී තිබුණා. කාලය කොතරම් ගත වුණත් අදටත් පිරිමි ඇඳුම් බොහෝමයක මේවා මැසීම සිදු කරනවා.

08. Padlock එකේ ඇති කුඩා සිදුරු

අපි “ඉබ්බා” ලෙස හඳුන්වන Padlock එක මූලිකවම භාවිතා වන්නේ දොරවල් සහා ගේට්‍ටු අගුල් දැමීමට වැනි කාර්යයන් සඳහායි. ඒ නිසා නිතර වැස්සට තෙමීමෙන් ඒවා පරණ වී යනවා. ඇතැම් අය සිදුකරන්නේ අලුතින්ම එකක් නැවත මිලදී ගෙන අගුලු දැමීමයි. නමුත්, එහි පිහිටි කුඩා සිදුර දෙකට එන්ජින් තෙල් ස්වල්පයක් වත්කිරීමෙන් එහි ඇති අගුලු නොවැටීම් සහා හිරවීම් ඉවත් වී නැවතත් පෙර පරිදි භාවිතා කල හැකි තත්වයට පත් කර ගත හැකියි.

09. Headphone ජැක් එක මත ඇති කැපුම් ඉරි

මෙසේ ඉරි 2 ක් හෝ 3 ක් පවතින්නේ අලංකාරය වෙනුවෙන් නම් නෙවෙයි. ඒ සෑම ඉරි කොටසක් ඇතුලතින්ම Headphone එකට වයර් සම්බන්ධ වීමක් සිදු වෙනවා. මේවා පිහිටා නැත්නම් ඔබේ Headphone එකේ එක් ස්පීකරයකින්  විතරයි හඬ ඇසීම සිදුවෙන්නේ.

10. කාසි දාර වල රළු ස්වභාවය

දාර රළු ලෙස සකස් කිරීම ආරම්භ වී තිබෙන්නේ 16 වෙනි සියවසේ මුල් කාලයේදීය. අතීතයේ මිනිසුන් කාසි නිර්මාණට කර තිබූ වටිනා ලෝහ කැබලි කර විකිණීමට පෙලඹී තිබුණා.ඒ විතරක් නොවේ එසේ හානි කරන ලද කාසිවල වටිනාකම වෙනසක් නොමැතිව මිනිසුන් අතරේ හුවමාරු සඳහාද භාවිතා කර තිබුණා. මෙය දිගින් දිගටම සිදුවීම වැළැක්වීමේ අරමුණින් “reeding” හෙවත් කාසි දාර වල ඉරි ස්වභාවයක් ආකාරයෙන් පදම් කිරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. එසේ කර ඇත්තේ කාසු පළුදු වී ඇත්දැයි පැහැදිලිවම හඳුනාගැනීමටයි. අද කාලයේ නම් කවුරුත් කාසි කැබලි කරන්න පෙලඹෙන්නේ නැති වුණා වුණත් මේ සම්ප්‍රදාය තවමත් නොනැසී පවත්වාගෙන යනවා.

11. නියමහ පිහිටීම

 නියපොතු අග ඇති ඝන සම කොටස නියමහ හෙවත් උච්චර්මය කියලා හඳුන්වනවා. හොඳ පෙනුමක් ලබා ගැනීමට සිතා බොහෝ කාන්තාවන් මේ කොටස කපා ඉවත් කරගන්නවා.නමුත් එය වැරදි දෙයක්. ඇත්තටම මේ කොටසේ පිහිටීම මඟින් සිදුකරන්නේ ඔබේ ඇඟිලි වල නියපොතු ආසාදනවලට ලක් වීමෙන් ආරක්ෂා කිරීමටයි. එහි සම ඉවත් කිරීමෙන් ඔබේ නිය බැක්ටීරියා සහා දිලීර ආසාදන වලට පහසුවෙන්ම නිරාවරණය වීම සිදු වෙනවා. ඒ නිසා මින් පස්සේ නිය සත්කාර සිදුකරගැනීමේදී (manicure) ලස්සන ගැන හිතලා මේ කොටස ඉවත් කරගන්න යන්න එපා.

12. භාණ්ඩ සන්නාම වල ඇති  ® සලකුණ

විවිධ සන්නාම සඳහන් කර ඇති අකුරු පෙළක් අසල උඩින් මෙසේ ® අකුරක් සඳහන් කර තිබෙනවා ඔබත් නිතරම දකිනවා ඇති. එහි අර්ථය වන්නේ එම ව්‍යාපාර සන්නාමය පේටන්ට් බලපත්‍රයක් සහිතව ලියාපදිංචි කර තිබෙන බවයි. එම අවසරය ම්ඟින් සන්නාමයට ඉහළින් එසේ ® අකුර සඳහන් කිරීමට නිෂ්පාදකයාට නීතිමය අවසරය හිමිවේ. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපාර සන්නාමයට සම්බන්ධ කිසිඳු දෙයක් අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ උල්ලංඝණය කිරීමකට එරෙහිව නඩු පැවරීමට හැකි බලයක් ද ඒ සමඟ හිමිවෙනවා.

බෝනස්: utility knife

  • මේ පිහියේ අග ඇති cap කොටස ඉවත් කරගනිමින් මුවහත් නැති තලය ඉවත් කරගන්න. slider එක භාවිතයෙන් තියුණු කැපුම් තලය ඉදිරියට ගන්න.