අප අවට ලෝකයේ සිදුවන නමුත් අප කිසිදා නොදැකපු දේවල් 25 ක්

ලෝකය ගැන දේවල් දැනගන්න දැනගන්න ඒවා ගැන ඇතිවන කුතුහලයත් වැඩි වෙනවා. ඒ නිසාම බොහෝ දේවල් ගැන අපට අනන්තවත් ගැටලු ‍රැසක් හිතට නැගෙනවා. අප වටා ඇති පරිසරය,ලෝකයේ ඇතැම් සිදුවීම සහා අරුම පුදුම දේවල් ගැන දැනගන්න අපි හරි උනන්දුවන්නේ ඒ හේතුව නිසයි. කියවීමෙන් දැනුම වැඩේ කියලා කතාවකුත් තියෙනවානේ. ඒ නිසාම ඔබ වෙනුවෙන් ඔබ මින් පෙර නොසිතූ ආකාරයේ වෙනස් කරුණු එකතුවක් තමයි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ.හිතලා බලද්දි ඇත්තම තමා කියලා හිතෙන කරුණුත් මේ අතරේ තිබෙනවා. විවේකයෙන් ඉන්න වෙලාවක සමහර දේවල් ගැන ඔබේ හිතට නැගුණු ගැටලු වලට පිළිතුරුත් මේ තහවුරු කරන ලද කරුණු 25 තුල තිබෙන්න පුලුවන්. ඉතින්, විනෝදයටත් එක්ක මේ අරුම පුදුම සත්‍ය කරුණු ටික කියවලා බලන්න!

  • භෞතික විද්‍යාඥයෙකු විසින් පරමාණු සම්බන්ධව පර්යේෂණ සිදුකිරීම පරමාණු එකතුවක් විසින් පරමාණු ගැනම අධ්‍යනය කිරීමකට සමානය.
  • ඉරිදාවකින් ආරම්භ වන සෑම මාසයකම 13 වන දා යනු සිකුරාදාවකි.
  • අප විසින් Pie සහා Pizza යන ආහාර වර්ග රසවිඳින්නේ ඇතුලත සිට පිටත දෙසටයි (inside out)
  • අභ්‍යවකාශය යනු හිස් හෝ ජිවය රහිත අවකාශයක් නොවෙයි. එහි අන්තර්ගත නොමැති කිසිවක් නොමැති තරම්ය.
  • අර්තාපල් අල කොයි ආකාරයෙන් ආහාරයට ගත්තත් අපගේ ආමාශය සිතන්නේ එය පොඩිකල අල බවයි.
  • ස්මාර්ට් දුරකථනයක fingerprint lock එක hack කිරීම සඳහා දුරකථනයේ පිටත කවරය පමණක් තිබීම hacker කෙනෙකුට ප්‍රමාණවත්ය.
  • හවායි දූපතේ ඇති පාසල් තුල surfing ක්‍රීඩාව යනු පාසල් විෂය මාලාවේම කොටසකි.
  • මිනිස් ඇස ඡායාරූප කැමරාවක් වූවානම් එහි resolution අගය මෙගාපික්සල් 576 ක් පමණ අගයක් ගනු ඇත.
  • ලෝක ප්‍රසිද්ධ හචිකෝ නම් සුනඛයාගේ ඡායාරූපය. වසර 9 ක් පුරා තම මියගිය ස්වාමියා එනතුරු බලාසිටීම නිසා මෙම සුනඛයා ජපානයේ පමණක් නොව ලොව බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ මාතෘකාව වුණා.
  • වයස අවුරුදු 6-7 ක් වනතුරුම කුඩා දරුවන් හට හුස්මගැනීම සහා ගිලීම එකවර සිදුකිරීමේ හැකියාව ඇත. නමුත්, වැඩිහිටියන්ට නම් එය සිදුකල නොහැකියි.
  • නෙප්චූන් ග්‍රහයා මත වසර 40 ක් පමණ දිගු ග්‍රීෂ්ම සෘතුවක් පවතියි. නමුත්, එම කාලයේදී ග්‍රහයාගේ මත උෂ්ණත්වය පවතින්නේ ෆැරන්හයිට් අංශක -346 ක් වැනි අගයකිනි.
  • පහත දැක්වෙන්නේ ටයිටැනික් නෞකාව ගැ‍ටුණු හිමකුට්ටියේ ඡායාරූපයකි.
  • වරක් ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පිරිසක් හට එක් දුරේක්ෂයක් ඔස්සේ අභිරහස් සංඥා කිහිපයක් දැකගැනීමට හැකියාව ලැබීනි. මේ පිලිබඳව වසර 17 ක කාලයක් තිස්සේ ඔවුන් විවිධ පර්යේෂණ සිදුකිරීමට කටයුතු කලද පසුව අනාවරණය වූයේ එම සංඥා නිකුත් වී තිබුණේ ඔවු භාවිතා කල මයික්‍රෝවේව් උඳුනෙන් බවයි. අවුරුදු 17 කට පස්සේ!
  • ඔබ වසර 70 ක් පමණ ජීවත් වන බව සිතුවොත් , ඔබ ජීවත් වන මුලු සඳුදා දින ගණන පමණක් වසර 10 ක් පමණ වේ.
  • අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ගිනි කන්දක් පුපුරා යාම දර්ශණය වන්නේ මේ ආකාරයටයි.
  • ඕසෝන් ස්තරයේ ඇති සිදුර හැකිළෙමින් පවතියි.
  • ජපානය විසින් හඳුන්වාදුන් නවතම ක්‍රීඩාව banzai skydiving නමින් හැඳින්වේ. මෙහිදි සිදුවන්නේ පුද්ගලයෙකු අඩි 9000 ක් තරම් ඉහළ අහසට ගුවනින් ගෙන ගොස් පළමුව පැරෂුටය යානයෙන් ඉවතට විසි කිරීමයි. ඉන් තත්පර 2 ක් ගත වූ තැන පුද්ගලයාද යානයෙන් ඉවතට පැනීම සිදුකල යුතුයි. ක්‍රීඩාවේ අරමුණ වන්නේ පහළට වැටෙමින් සිටියදී කෙසේ හෝ පැරෂුටය අල්ලාගැනීමයි. ගොඩක් අවදානම් වගේම ත්‍රාසජනක ක්‍රීඩාවක් !
  • පෘථිවිය මත ඇති ජීවය සහිත දේවල් අතුරින්, ජීවත් වීම සඳහා මුදල් වැය කරන්නේ මිනිසුන් පමණි.
  • ඔබ හොඳ ගීතයකට සවන් දෙමින් සිටින විට ඔබේ සම නලියන්නට පටන් ගනියි. ඊට හේතුව වන්නේ ඔබ විසින් ගීතයේ උච්ඡස්ථානය (song’s climax) ඇසීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා මොලයේ ඩොපමයින් හෝර්මෝනය වේගයෙන් ශ්‍රාවය වීමයි.
  • ලොව උසින් වැඩිම දිය ඇල්ල වන ඒන්ජල්ස් දිය ඇල්ල පිහිටා ඇත්තේ වෙනිසියුලාවේයි. එහි උස අඩි 3,212 කි.
  • ස්වීඩනයේ පාසල් සිසුන් හට පාසලට පැමිණීම වෙනුවෙන් ඩොලර් 187  ක දීමනාවක් ලබාදේ.
  • සිනහා වසංගතය හෙවත් ‘laughter epidemic’ නම් වසංගතයක් 1962 වසරේදී ටැන්සානියාව පුරා පැතිර යන්නට විය. එය හිස්ටිරියාව හෙවත් මහාපරිමාණ මනෝ විකල්වීමේ රෝග තත්වයක් විය. ඊට ගොදුරු වූ පිරිස ආසන්න වශයෙන් 1000 කට අධිකය. එය මාස 18 ක් වැනි දිගු කාලයක් පුරාවට එරට පැවතී ඇත.
  • මිනිසුන් හට දෂ්ට කල පසු මී මැස්සා මියයයි. එසේ වන්නේ දෂ්ට කිරීමේදී ඌගේ තුඩ මිනිසාගේ සමේ ‍රැඳීම නිසයි. මෙම තුඩ මී මැස්සාගේ අභ්‍යන්තර ශරීර කොටස් වලට සම්බන්ධ වී පවතියි,. එබැවින් තුඩ සම මත ‍රැ‍ඳෙන විට මී මැස්සාගේ සිරුර ඇතුලත ඉන්ද්‍රියයන් ද ඒ සමඟ ගැලවී යාම සිදුවේ.
  • සාමාන්‍යයෙන් බොහෝ විට දන්තාලේපයක වර්ණ තුනක් අඩංගු වේ: සුදු වර්ණය (දන්ත ආසාදන ඉවත් කරවන සංඝටකයක්), නිල්/කොළ වර්ණය (ප්‍රති-ක්ෂුද්‍රීය ජෙල් විශේෂයක්) සහා රතු වර්ණය (විදුරුමස් වල නීරෝගි බව සුරකීමට උපකාරී වන ද්‍රව්‍ය වේ).
  • කොච්චර ක්‍රීඩා කලත් අවසානයක් නැතැයි සිතෙන Tetris වීඩියෝ ක්‍රීඩාවටත් අවසානයක් තිබේ.