අපේ සිරුරේ සිදුවන අපි නොදන්නා අරුම පුදුම දේවල් 11 ක්

මිනිස් ශරීරය ඉතා සංකීර්ණ පද්ධති ‍රැසක එකතුවකි. සිරුරේ ජීවය පවත්වාගැනීමට මේ පද්ධති ක්‍රියාකරන්නේ පුදුම හිතෙන යාන්ත්‍රණයකට අනුකූලවයි. එවන් මිනිස් සිරුර අභ්‍යන්තරයේ දෛනිකව සිදුවෙන අසිරිමත් ක්‍රියාවලින් ගැන දැනුවත් වෙමු.

1 සෑම වසර 10 කට වරක්ම මිනිස් සිරුර පුනර්වර්ධනය වේ

අපේ සිරුරේ දිනපතා මියයන සෛල ප්‍රමාණය මිලියන 70 කට අධික වේ. නමුත්, මෙය සිදුවන්නේ අපටත් නොදැනීමය.සෑම දින 3-4 කට වරක්ම අන්ත්ර යන් අලුත් වෙයි.මාස තුනකට වරක් රතු රුධිරාණු මියයයි. වකුගඩු සෛල වසරකට වරක් අලුත්වැඩියා වේ. වසර 10 කට වරක් සම්පූර්ණයෙන්ම අපගේ සිරුර යලි වර්ධනය වීම සිදුවේ. ඇතැම් සෛල සියවස් ගණන් කල්පවතියි. නියුරෝන එවන් සෛල විශේෂයකි.

2 නාභිය බැක්ටිරියාවන්ගෙන් පිරුණු විශ්වයකට සමාන වේ.

අමුතුම ආකාරයේ කරුණක් වුණත් මෙය තහවුරු වූ දෙයකි.සෑම පුද්ගලයෙකුගේම නාභියේ බැක්ටීරියා දහස් ගණනකින් යුත් පවතින අතර බැක්ටීරියාවන්ටම ආවේණික වු ජෛව පද්ධතියක් ඔවුන් එහි නිර්මාණය කරගනිති. විද්යායඥයින් පවසන්නේ එය බොහෝ දුරට වැසිවනාන්තරයකට සමාන බවයි. ඇතැම් වර්ග වලට අයත් බැක්ටීරියා බහුල ව එහි වාසය කරති. ඒ අනුව සෑම පුද්ගලයෙකු සතුව ඔහුට/ ඇයට ආවේණික වූ බැක්ටීරියාවන් ප්‍රමාණයක් සිටින අතර එම බැක්ටිරියාව ඔවුන්ටම ආවේණික වූ ජෛව පද්ධතියකට හිමිකම් කියති.

3 රස ප්‍රතිග්‍රාහක (taste receptors) පිහිටා ඇත්තේ මිනිස් හදවත තුලයි

කුඩා දරුවන් සතුව බොහෝ රස අංකුර පවතින අතර ඉන් බොහෝමයක් තල්ලේ පිහිටා ඇත. මේවා දරුවා වර්ධනය වන විට කාලයත් සමඟ අතුරුදහන් වි යයි.වැඩිහිටියෙකුගේ මුඛයේ පිහිටා ඇති රස අංකුර ගණන 10,000 ක් පමණ වේ. වයස අවුරුදු 60 පමණ වන විට ඉතිරි වන්නේ මෙම ගණනින් අර්ධයක් පමණි. නවීනතම සොයාගැනීමකට අනුව දක්වා තිබුණේ ඇඹුල් රස හඳුනාගන්නා රස ප්‍රතිග්‍රාහක පිහිටන්නේ හෘදයේ බවයි. ඊට හේතුව වන්නේ එහි ඇති ආසාදන හඳුනාගැනීම පහසු වීමටයි.

4 ආමාශයික යුෂ වලට යකඩ පවා දිය කල හැකියි

අපගේ ආමාශයේ හයිඩ්රෝ ක්ලෝරික් අම්ලය බහුල වේ. එසේ ලබාගත් ආමාශයික අම්ල යුෂ සෙල්සියස් 37 ක උෂ්ණත්වයකින් රත්කර එයට යකඩ සහා ඇල්කලයින් බැටරි දමමින් වරක් විද්යාෝඥයින් පිරිසක් රසායනාගාර පරීක්ෂණයක නියැලිණි. පැය 24 ක් ගත වූ පසු, එම යකඩ තල වල 63% ක් පමණ බර අඩුවී ඇති ආකාරය ඔවුන්ට නිරීක්ෂණය විය. බැටරිය දිනකට වඩා කිසිදු හානියකට පත් නොවී එහි ස්වභාවයෙන්ම ඉතිරි වී තිබුණි. එවැනි දියකර හැරිය හැකි තරමේ අම්ල නිපදවීමට නම් නිපද වා ඇති යුෂ වලින් ගෑස්ට්රි.ක් සෛල විනාෂ වීමට පෙර නව සෛල නිර්මාණය වී තිබිය යුතු වෙනවා.

5 චිත්තාවේගයන් වැරදි මතකයන් ඇති කරවයි

ඔබේ මතකය පිලිබඳව ඔබ අධික විශ්වාසයකින් සිටින අයෙක් නම් මේ පුවත ඔබට නරක ආරංචියක් බව නිසැකයි. ඒ ඒ මොහොතේදී අපට ඇති වෙන චිත්තවේග (හැඟීම්) අනුව දෛනිකව අපේ මතකයන් සියල්ල වෙනස් වී යයි.උදාහරණයක් ලෙස: ඔබ අතීතයේදී ඔබේ හොඳම මිතුරිය සමඟ සහභාගී වූ චාරිකාවකදී ඔබ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් නිසා ඔබ දෙදෙනා අමනාප වී කාලයක් එකිනෙකා හමු නොවී සිටීමට කටයුතු කරයි. වර්තමානයේදි, ඔබ එම චාරිකාව සිහිපත් කරන විටදී එය එතරම් ප්රී තිමත් විනෝදජනය අත්දැකීමක් නොවන බව ඔබට හැඟී යයි.ඔබේ මොලය මෙහිදි ඔබට සිදුවූ අමිහිරි මතකය හඳුනාගෙන ඇතැම් විට ව්යාබජ මතකයක් පවා ඇති කරමින් එම සිදුවීමට (අත්දැකීමට)ඔබේ ඇති අකමැත්ත නිසා පහසුවෙන් මතකයට නොඑන ලෙස එම මතකය වෙනස් කරයි.

6 කිරිවල අන්තර්ගතයන් දරුවාට අනුකූලව වරින් වර වෙනස් වෙයි

දරුවාගේ ප්‍රතිශක්තිය ආරක්ෂා කිරිම සහා සමස්ථ වර්ධනය සඳහා මවු කිරි බෙහෙවින් ඉවහල් වේ. මෑතකදි සොයාගත් විද්යාමත්මක අනාවරණයක් වූයේ මවුකිරි ලබාදෙන විටදී වරින් වර මවුකිරි වල අන්තර්ගත ස්වභාවයන් සහා සාන්ද්රතණයන් වෙනස් වෙන බවයි.එය දරුවාට අනුකුලව හැඩගැසෙන විශේෂිත යාන්ත්රසණයක් බවයි ඔවුන් පවසන්නේ.මෙහිදී, මවගේ ශරීරය විසින් දරුවාගේ ඛේටය විශ්ලේෂණය කරමින් දරුවාගේ ශරීරයට අවශ්යශය සංඝටක සමඟින් මවුකිරි ස්වභාවය වෙනස් කිරීම සිදුකරනුලබන බව හඳුනාගෙන ඇත.

7 උදෑසන අවදි වන විට අප පෙර දින සිටියාට වඩා උසින් සහා සිහින් බවින් වැඩිය

අප අවදිව සිටින විට අපගේ කොඳු ඇට පෙළ ආශ්රියත අන්තර් කශේරුකා බිම්බ එකිනෙකට දැඩිව සවිමත් වි තිබෙයි. නමුත්, නින්දේදි ඒවා එසේ සම්බන්ධවි පවතින්නේ නැත. ඒවා රාත්රිබයේදී ලිහිල් ස්වභාවයකට පත් වෙයි. මෙහි ප්රවතිඵලයක් ලෙස උදෑසන අවදි වන විට අප පෙරදිනට වඩා සෙන්ටිමීටර් 1-2 ක් පමණ උසින් වැඩි වී සිටියි. ඒ වගේම ඔබ හොඳින් අවධානය යොමු කර බැලුවොත් ඔබට දැනේවි ඔබේ සිරුරේ බර සැහැල්ලු වී ඇති බවත්. මීට හේතුව වන්නේ රාත්රී කාලයේදි අපගේ ශරීරය අමතර දියර සහා වාතය ශරීරයෙන් දහනය කරමින් ඉවත් කිරීම සිදුකරන ක්රිදයාවලීන්ය. ඒවා ශ්වසනය සහා දහදිය පිටකිරීම යන ශරීර ක්රිකයාවලින්ය. මෙමඟින් එක් රාත්රි යකදී අප පෙර දින සිටි බර ප්රදමාණයට වඩා කිලෝග්රෑවම් 2 ක් පමණ බර අඩු වි යයි.

8 ඔබ ලැජ්ජාවෙන් රතු වන විට ඔබේ ආමාශයත් ඔබව අනුගමනය කරනවා

මෑතකදී විද්‍යාඥයින් හෙලි කල තවත් කරුණක් වූයේ කාන්තාවකගේ සිත දිනා ගැනීමට හැක්කේ ඇයගේ ආමාශය හරහා බවයි. ඔබ තෘප්තිමත්ව සිටින තාක් ඔබ ඉතා කරුණාවන්තව හැසිරීමට පෙලඹෙනවා. ඔබ ආදරයෙන් බැඳී සිටින විට ඔබේ බඩේ සමනල්ලු ඉගිල්ලෙන බවක් ඔබට දැනෙනවා. ඒ වගේම ඔබ ලැජ්ජාශිලීව මුහුණ රතුකරගන්නා විට ඔබේ ආමාශයත් ඔබව අනුගමනය කරමින් එසේම සිදුකරනවා. මෙසේ අනාවරණය වූයේ මිනිසුන් ලැජ්ජාවට පත් වී රතු වන විට ඔවුන්ගේ ආමාශයික ශ්ලේෂලමයන් ද රතු පැහැයක් ගන්නා බව හඳුනාගත් එක්තරා රසායනාගාර පරීක්ෂණයකිනි.

9 සියලු දෙනාටම පාරජම්බුල දෘෂ්ටියක් පිහිටා ඇත.

අක්ෂි පටල සැත්කම් වලදී ඇසේ කාචය ඉවත්කිරීම සිදුකරනු ලබන්නේ එම අක්ෂි රෝගියාට නැවත පාරජම්බුල දෘෂ්ටිය නැතිනම් පෙනීම ලැබෙන පරිදිය.මෙම පෙනීම සාමාන්ය ය අවස්ථා සඳහා භාවිතා වන්නේ නැත. ඇස් වල කාච මඟින් පාරජම්බුල කිරණින් අපේ ඇස් ආරක්ෂා වන ලෙස ස්වභාවිකවම මිනිස් සිරුර නිර්මාණය වී ඇත.ක්ෂීරපායින් අතර පිනිමුවා සතුව මෙසේ පාරජම්බුල දෘෂ්ටියක් පිහිටා ඇත. එම දෘෂ්ටිය හරහා පිනිමුවන්ට විලෝපික පෝලා වලසුන් වැනි සතුන්ගේ ලොම් පැහැදිලිව හඳුනාගැනීමට සහා හිම මත වැවෙන ලිචන් පාසි විශේෂය පහසුවෙන් හඳුනාගත හැකිය.

10 මිනිස් සිරුරින් භාගයක්ම බැක්ටිරීයාවන්ගෙන් පිරී ඇත.

අපේ සිරුරේ ඇති සෛල ප්‍රමාණයට වඩා දස ගුණයක් වැඩියෙන් බැක්ටීරියා සිරුර තුල ජීවත් වෙන බව හඳුනාගෙන තිබූ සොයාගැනීම අසත්යගයක් බව මෑතකදී තහවුරු විය. වැඩිහිටි පුද්ගලයෙකුගේ ශරීරය මිලියන 30-40 ක් පමණ වන බැක්ටීරියා විශාල ප්‍රමාණයකට වාසස්ථානය වී ඇත. එය ආසන්න වශයෙන් අපේ සිරුරේ ඇති සෛල ගණනට සමානවේ. වැඩිම බැක්ටීරියා ඝනත්වයක් ඇත්තේ මිනිස් සිරුරේ ගුදය ආශ්රිසතවයි. මලපහ කිරීම මඟින් බැක්ටීරියා සිරුරෙන් ඉවත් කිරීමට අපේ සිරුරේ සෛල සමත් වේ.

11 ඔබේ ඇස් ඌනපූරක වර්ණ මිශ්රක කිරිම නිසා ඔබ දකින්නේ සුදු වර්ණයයි.

සාමාන්යාය තීන්ත වර්ණ චක්රශයක,විරුද්ධ වර්ණ දෙකක් මිශ්රණ කල විට ඔබට බොහෝ විට ලැබෙන්නේ දුඹුරු පැහැති වර්ණයකි.එයට තවදුරටත් වර්ණක එක් කිරීමේදි වර්ණ උරාගැනීම සිදුවේ.ලා පැහැති වර්ණ චක්ර යක ඇත්තේ වෙනස්ම සිදුවීමකි.ඔබේ ඇස් ලා වර්ණ හඳුනාගන්නේ එක් සංයුතියක් වශයෙනි (එකවර වර්ණ කිහිපයක් එකට). එම නිසා එම වර්ණ ඔබට පෙනෙන්නේ සුදු පාටටයි.