‘අපේ මිනිස්සු එක්ක බාගෙට ඇඳලා පාරේ යන්නවත් බෑ’ ජනප්‍රිය නිලි යුරේනි කියන කතාව

නිරූපිකාවක් විදිහට කලාවට විත් රංගන ශිල්පිනියක් වු ඇය නමින් යුරේනි නොෂිකා.මේ වෙද්දි ඇය නිවේදිකාවක්ද වෙනවා. ඔබ ඔබේ ඇදුම් පැළදුම් තෝරගන්නේ ජනප්‍රිය වෙන්නද? “අඩනිරුවත් ඇදුමක් අදින්නෙ ජනප්‍රිය වෙන්න නෙවෙයි. කාලයත් එක්ක පරිණත වුන මම මගේ ඇදුම් පැළදුම්වෙනස් කරගත්තා. මම කොටට ඇදලා ගියත් සමහරු දකින්නේ නිකන් යනවා වගේ. අපේ මිනිස්සු එක්ක බාගෙට ඇඳලා පාරේ යන්න විදියක්වත් නෑ.

මේක ලංකාවේ රටාව. කොටට අදිනවා කියන එක පිරටකට අලුත් දෙයක් නෙවෙයි. ඒ අයට ඒක සාමාන්‍ය දෙයක්. අනික කොටට ඇන්දා කියලා ජනප්‍රියතාවයක් හිමි වෙන්නේ නෑ. මම දකින ජනප්‍රියතාවය වෙනස්. මොකද මම දකින ජනප්‍රියතාවය කියන්නේ තමන් කැමති දේ කියලා තමන්ට පුළුවන් දේ කරලා ගෞරවයත් අනිත් අයගේ ආදරයත් දිනාගෙන ලබාගන්න දෙයක් විදිහට.”

යුරේනි ආදරය විවාහය ගැන ⁣හිතන්නේ කොහොමද ? “ආදරය විවාහය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මේක ඇත්තටම සංකිර්ණ මාතෘකා දෙකක්. සමහර වෙලාවට විවාහය ඇතුලේ ආදරේ නෑ. ආදරය ඇතුලේ විවාහය නෑ. මම විස්වාස කරන එක දෙයක් තමා විවාහය කියන්නේ විස්වාසය කියන දේ කියලා. මටත් තිබුනා හිතේ හංගන හිටපු ආදරයක්. කාටවත් කියන්න බැරි වුන. ඒකයි ආදරය කියන්නේ විවාහයම නොවෙන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්.”

යුරේනි රංගනය දායක වෙන්නේ චරිත තෝරගෙනද? “නෑ මොකද මට මාව විස්වාසයි. මම හිතනවා මට ඕනිම චරිතයක් කරන්න පුළුවන් කියලා. මට අවස්ථාවක් ලැබුනහම මම ඒ හැකියාව උරගා බලන්න දෙපාරක් හිතන්නේ නෑ. මොකද යුරේනි කියන්නේ බෙහොම ශක්තිමත් කෙනෙක්. ඒ නිසා ඕනිම චරිතයක් රඟපාන්න මට පුළුවන් කියලා මම දන්නවා”

කොච්චර කතා කළත් යුරේනි කියන්නේ මේ දවස් වල හැංගුන කලාකාරිණියක්ද, “හැම වෙලාවකම පේන්න හිටියොත් අපේ අගේ නැති වෙනවා. හොද දෙයක් කරලා කෙට් කාලේකට සමාජෙට ආවත් අපිව මතක තියෙනවා මම හිතන්නේ එහෙම. මට හැම තැනම වැඩ භාරගෙන කැපි පෙනෙන කෙනෙක් වෙන්න කොහෙත්ම අවශ්‍ය නෑ.” කියලයි.