අපේ තරුණය රැසක් වශී කරගත් ඉන්දියාවේ රෝස මල සායි පල්ලවී දැන් තවත් හැඩ වෙලා

ලංකාවේ හැමෝම සිනමාට ගොඩක් කැමතියි. හැමෝම වගේ වෙහෙස මහන්සිය නිවාගන්න පාළුව තනිකම නැතිකරගන්න සිනමාපට නරඹනවා ඉතින් අපේ සිනමා ප්‍රේක්ෂකයන් මේ සිනමාපට වලට රංගන දායකත්වය ලබා දෙන රංගන ශිල්පිනියන්ට වගේම රංගන ශිල්පියන්ටත් ගොඩක් ආදරෙයි, සිංහල සිනමාවට වගේම ඉදීය සිනමාවටත් අපි ගොඩක් ආදරෙයි. ඉතින් ඉන්දීය සිනමාව පිලිබඳ කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි සායි පල්ලවි සෙන්තමාරයි කියන්නේ. විවිද සිනමාපට රැසක් හරහාම ලංකාවේ ප්‍රේක්ෂක සිත් වශී කරගත් ඇය ඉන්දියාවේ නර්තන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. තෙළිඟු, දෙමළ, මලයාලම් සිනමාපට සඳහා රංගන දායකත්වය ලබාදුන් ඇය ‘ප්‍රේමම්’ සහ ‘ෆිඩා’ සිනමාපට වල කල අද්විතීය රංගනය හේතුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන කිහිපයක් ලබාගන්න සමත්වෙනවා.

හැමෝම රංගන ශිල්පිනියක වගේම නර්තන ශිල්පිනියක ලෙස හඳුනාගත්තත් පල්ලවී ජෝර්ජියාවේ ටිබිලිසි රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන් 2016 දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ වෛද්‍යවරියක්ද වනවා. ජෝර්ජියාවේ ඉගෙනුම ලබමින් සිටියදී ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්වන ඇල්ෆොන්ස් පුතාරන් විසින් පල්ලවීට ‘ප්‍රේමම්’ සිනමාපටයේ ‘මලර්’ ගේ චරිතයට ඇයව තෝරාගන්නවා. නිවාඩු දිනවල සිනමාපටයේ රංගනයට දායක වී රූගත කිරීම් අවසන් වූ පසු නැවත සිය අධ්‍යයන කටයුතු සඳහා යොමුවුන පල්ලවී 2014 වසරේ ‘හොඳම කාන්තා ආරම්භක සිනමා රංගන ශිල්පිනිය’ ලෙස සමාන කිහිපයක්ම දිනාගන්න සමත්වෙනවා. ඉතින් ලංකාවේ වගේම ඉන්දියාවේත් හැමෝම ආදරේ කරන සායි පල්ලවීගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.