අපේ අහාර වලට කහ එකතු කරගත යුත්තේ ඇයි..?

කහ කියන්නේ ආයුර්වේදයේ එන ප්‍රබල විෂබීජ නාශක ඖෂධයකි. කහ කුළුබඩු වර්ගයක් ලෙසත් මිනිසුන් විසින් පරිභෝජනය කරනවා. හැබැයි, ඉතින් මේ දවස් වල කහ කුඩු මිලෙන් ඉතාමත් අධිකයි. ඒ විතරක් නෙවෙයි, ගුණාත්මක සහා උසස් ප්‍රතිමිතියේ කහ කුඩු හොයාගන්න එකත් ඉතාම දුෂ්කර වෙලා තිබෙනවා.  බොහෝ අය තමන්ගේ ගෙවතු වල වදකහ කහ වගා කරනු ලබනවා. ඒ අයට නම් මේ කාල වකවානුවේදි කහ හිඟය ලොකුවට දැනෙන්නේ නැතිව ඇති. කොහොම වුණත් අද කතාව කහ හිඟය ගැන නම නෙවෙයි. කහ වලින් මිනිස් සිරුරට ලැබෙන හිතකර ප්‍රයෝජන ‍රැසක් පිලිබඳවයි අද අපි කියන්න සූදානම් වන්නේ. කහ (Curcuma longa) යනු පාරම්පරික වෛද්‍ය ක්‍රම වලදි සහා අත් බෙහෙත් වලදි භාවිතා වූ දීර්ඝ ඉතිහාසයක් සහිත ඖෂධයකි. ඒවා හටගන්නේ වදකහ ශාකයේ මුල් වලයි. දකුණු ආසියාතික රටවල බහුලව මේවා වගා කරනු ලබයි. ආහාර රසගැන්වීමට  භාවිතා කරන මෙම කුළුබඩුවේ ඉතා ප්‍රබල ප්‍රති-ප්‍රදාහක ගුණ සහා ප්‍රති-ඔක්සිකාරක ‍රැසක් අඩංගුව පවතියි.

කහ වල අඩංගු කහ පැහැති ස්වභාවය ඇති වන්නේ කර්කියුමින් නම් සංඝටකය අඩංගු වන නිසාය. මේවා ඉඟුරු ශාක කුලයට අයත් වදකහ වල විශේෂයෙන්ම අන්තර්ගත වන සංඝටක වරගයකි. ඒවා මඟින් සිරුරේ ප්‍රති-ඔක්සිකාරක නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සිදුකරයි. පොලිපෙනෝල් සංයුතියක් ඇති නිසා සිරුරේ ප්‍රදාහයන් ඇතිවීම වළක්වා  සිරුර සමනය කිරීම සිදුකරයි. කහ පරිභෝජනය කිරීමෙන් මිනිස් සිරුරට හිමි වන විශ්මිත ප්‍රතිඵල මොනවාද කියා අපි දැන් දැනගනිමු.

01. ජිර්ණ ක්‍රියාවලිය පහසු කරවයි.

ආමාශයේ ඇති වන අජීර්ණ තත්ව සමනය කිරීම සඳහා වදකහ ඖෂධයක් ලෙස භාවිතා කල හැකියි. මෙම කුළුබඩුවේ අඩංගු ඖෂධිය සංඝටක මඟින් පිත්තාශය උත්තේජනය කරවමින් පිත හොඳින් ශ්‍රාවය කිරීම සිදුකරයි. පිත සමඟ මිශ්‍ර වන  ආහාර කොටස් වඩාත් ඉක්මනින් ජීර්ණය කිරීම සිදුකරවයි. බඩ පිපුම සහා ගෑස් තත්වයන් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා වන්නකි.

Turmeric powder in wooden bowls and turmeric capsules on wooden background

02. කහ වල අඩංගු කර්කියුමින් සංඝටක සිරුර තුලදි ප්‍රබල ප්‍රතිප්‍රදාහකයක් ලෙස කටයුතු කරයි.

කහ වල ඇති ගුණය මඟින් සිරුරේ ප්‍රදාහයන් ඇතිවීම වළක්වයි. එමෙන්ම හටගෙන තිබෙන සිරුරේ ප්‍රදාහයන් සුවපත් කිරීම සිදුකරයි. බඩවැල් ප්‍රදාහයට ලක්වීමේ රෝගය, අග්න්‍යාශ ප්‍රදාහය සහා ආතරයිටීස් වැනි රෝග තත්ව සමනය කිරිම සඳහා කහ වල අඩංගු කර්කියුමින් සංඝටක ප්‍රබල ඔසුවක් සේ ක්‍රියාකරයි.

03. කහ පිළිකා නාශක ඔසුවකි.

සත්ව විශේෂ කිහිපයක් ඇසුරින් සිදුකල පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ කහ වල පිළිකා සෛල නසමින් පිළිකා තත්ව වර්ධනය වීම වැළැක්වීමට කටයුතු කල හැකි ප්‍රබල සංයුතීන් අන්තර්ගත වන බවයි. එම තහවුරු කරන ලද පර්යේෂණ වාර්තා වලට අනුව දැක්වෙන්නේ කහ මඟින් පිළිකා ව්‍යාප්තිය අවම කිරීම සහා  පිළිකා සෛල විනාශ කිරීම සිදුකරන බවයි. කහ සහා එහි අඩංගු කර්කියුමින් සංඝටක මඟින් පිළිකාකාරක ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරමින් ඒවායේ බලපෑම් අවම කිරීමට කටයුතු කරන බවද සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස ඇතැම් ආහාර වල අඩංගු රසකාරක වර්ණකාරක යනු පිළිකා ඇති කිරීමට සමත් ද්‍රව්‍ය වේ.

Scoop in bowl of turmeric powder with turmeric roots and copy space.

04. වෛරස් ආසාදන වලට එරෙහිව සටන් කරමින් සිරුර ආරක්ෂා කරයි,

ඇතැම් රටවල කහ තේ සමඟ මිශ්‍ර කරමින් පානය කිරීමට හුරු වි සිටියි. ඇතැම් අය කහ කිරි පානය කිරීමට ප්‍රිය කරති. රාත්‍රි නින්දට පෙර කිරි කහ කිරි වීදුරුවක් පානය කිරීමෙන් සිරුරට විශ්මිත ප්‍රතිලාභ ‍රැසක් අතකර ගත හැකි බව සඳහන් වේ හර්පීස් තත්ව, වෛරස් උණ රෝග ,උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි බොහෝ වෛරස් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් කහ වල අඩංගු කර්කියුමින් සංඝටක වලට ඇත. එනමුත්, කහ කුඩු වල අන්තර්ගත වන්නේ 3% ක තරම් කර්කියුමින් ප්‍රමාණයකි. එබැවින් පහසුවෙන් සිරුරට අවශෝෂණය නොවේ. එබැවින් ඉඳහිට පරිභෝජනය කිරීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රතිකාර නොලැබිය හැකියි.

05. ඇල්සයිමර්ස් රෝග තත්වය වැළැක්වීම සඳහා උපකාරි වන ඔසුවකි.

ඇල්සයිමර්ස් රෝගය (Alzheimer’s disease) යනු ලොව බහුලව හඳුනාගත හැකි ස්නායුපරිහාණියට පත් වීමේ රෝග තත්වයකි. මේ හේතුවෙන් ඩිමෙන්ෂියාව හෙවත් මතකය අමතකවීම,භාෂා හා සන්නිවේදන ගැටලු හා පරිකල්පන ශක්තිය අහිමිවී යන මානසික රෝග තත්වය හටගත හැකිය. නමුත්, අවාසනාවකට මෙන් මෙම රෝග නිවාරණය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් තවම බිහිවී නැත. නමුත්, එවැනි තත්වයක් වර්ධනය වීමට පෙර වළක්වාගැනීමේ හැකියාව පවතියි.

මොලයට ඇති රුධිර සැපයුමේ අවහිරතා ඉවත් කිරිම සඳහා කහ වල ඇති කර්කියුමින් සංඝටකයට හැකියාව ඇති බව තහවුරු වී ඇත.නියුරෝන ප්‍රදාහයට ලක්විම සහා ඔක්සිකාරක පරිහාණින් වලට ලක්වීම වැනි හේතු  නිසා ඇලසයිමර් රෝග තත්වය වර්ධනය වන බව සැලකේ. නමුත්, මේ රෝග කාරක තත්වයන් දෙකටම ප්‍රතිකාරය කර්කියුමින් වල අඩංගුය. ඇල්සයිමර් රෝගින් තුල ඇමයිලොයිඩ් මැලියම් (amyloid plaques) නම් ප්‍රෝටීන් සංකූලතාවන් ඒකරාශී වී තිබෙන ආකාරය හඳුනාගෙන අති බැවින් එය රෝග කාරක හේතුවක් සේ සලකණු ලබයි. විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ කහ වල අඩංගු කර්කියුමින් සංඝටක වලට එවැනි මැලියම් වර්ධනය වීමට නොදී ඒවා සිරුරෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති බවයි. කෙසේ වෙතත්, ඇලසයිමර් රෝග වර්ධනය මන්දගාමි කිරීම, එම ක්‍රියාවලිය ආපස්සට ගමන් කරවීම කර්කියුමින් වලට සිදුකල හැකිද යන්න අපැහැදිලි බැවින් තවදුරටත් එය අධ්‍යනය කල යුත්තක් බවයි සඳහන් වන්නේ.

06. ආතරයිටීස් වේදනා සමනය කිරීමට උපකාරී වේ

කහ වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණයන් මඟින් ඔස්ටියෝ ආතරයිටීස් සහා රක්තවාත ලක්ෂණ සහිත ආතරයිටීස් රෝග තත්වයන් සමනය කිරීමට සමත් ය. එහි අඩංගු ප්‍රති-ඔක්සිකාරක මඟින් සිරුරේ සෛල වලට හානි කරන අහිතකර මුක්තකණ්ඩ (free radicals) විනාශ  කර දැමීම ද සිදුකරයි. ආතරයිටීස් රෝගයෙන් පෙලෙන්නන් විසින් දිනපතා තම ආහාර වේලට කහ මිශ්‍රකල ආහාර එකතු කරගැනීම වඩාත් හිතකර වනු ඇත. එය විශේෂයෙන්ම සන්ධි ප්‍රදාහයන් නිසා ඇති වන වේදනා සමනය කිරීමට උපකාරි වන ඔසුවකි. නමුත්, එය එම රෝග සඳහා ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර සහා ඖෂධ වලට ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එය අමතර සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි.

07. සමේ නිරෝගි බව වැඩිකරවයි.

සම පුපුරු ගැසීම, චර්ම ප්‍රදාහය රෝගය ඇති විම (atopic dermatitis), සම වියපත් වි ‍රැළි වැටීම, සෝරෛසිස් නම් චර්ම රෝගය හටගැනීම (psoriasis) වැනි තත්ව ඇතිවීම වළකා කුරුලෑ ආසාදන අවම කිරීම, සමේ අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීම මඟින් සම පැහැපත් හා සුසිනිදු කිරීමේ හැකියාව කහ වල අඩංගු වේ.

කහ වල සම සුවපත් කිරීමේ ගුණය, ප්‍රති-ක්ෂුද්‍රීය ගුණ සහා පිළිකා නසන ගුණ අන්තර්ගත වන නිසා සමේ සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට බෙහෙවින් උපකාරී වන රූපලවන්‍ය සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි. පර්යේෂණ මඟින් තහවුරු වී ඇති පරිදි සම ආශ්‍රිත රෝග ‍රැසකට කහ ප්‍රතිකර්මයක් ලෙස යොදාගත හැකි බව සඳහන් වේ. එමෙන්ම කහ වල අඩංගු කර්කියුමින් අධි මාත්‍රාවක් භාවිතා කල වුවද සමට කිසිඳු හානියක් නොවන බව තහවුරු වී ඇත. නමුත්, එහි ප්‍රබල කහ වර්ණය නිසාත්,මෙම සංඝටකට ජලයේ ද්‍රවණය වන ස්වභාවය අඩු වීම නිසාත් සහා එහි ඇති ඉහළ pH අගය නිතර වෙනස් වන නිසාත් සම මතුපිට සම්පූර්ණයෙන් ඉවත් නොවී ‍රැඳී තිබීමට ඉඩ ඇත. නමුත්, එම ස්වභාවය දින දෙකකින් පමණ ඉවත් වි යයි.

08. හිසරදයන් සුවපත් කරයි.

ඉඟුරු කුලයේ බෝගයක් බැවින් එය  හිසරදය සමනය කරන ස්වභාවික ඔසුවක් සේ ද භාවිතා වේ. විශේෂයෙන්ම මිග්‍රේන් තත්වයන් සමනය කිරීමේ හැකියාව මේ ඔසුවට ඇති බව නිර්දේශ කර ඇත.

09. කහ යනු ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක බහුල ඔසුවකි.

සිරුරේ ඇති සෛල වලට හානි ඇති කරන ඔක්සිජන් රහිත මුක්තකණ්ඩ නම් රසායනිකව සක්‍රීය අණු විනාශ කරමින් පිරිපහදු කිරීමට කහ වල ඇති කර්කියුමින් වලට හැකිය. මුක්තකණ්ඩ නිසා ඇති වන හානි නිසා හෘත්ධමනි රෝගයත් සමඟ ප්‍රදාහ තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත. එබැවින් එවැනි හානිකර හෘද රෝග ඇතිවීමට ඉඩ නොදී හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීම කර්කියුමින් සංඝටක මඟින් සිදුකරනු ලබයි.

10. දෙයාකාරයක දියවැඩියා තත්වයන් වලට එරෙහිව සටන් කරයි.

කර්කියුමින් සංඝටක වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණයන් නිසා සිරුරේ ප්‍රදාහයන් ඇති වීම වළකමින් රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීම සිදුකරයි. එසේ සිරුරේ ඇති සීනි මට්ටම සබබර කිරිම  මඟින් දෙයාකාරයක දියවැඩියා රෝග තත්වයන් ඇති වීම වළක්වාගත හැකියි මෙන්ම එම රෝග සඳහා ප්‍රතිකාර කිරීමද සිදුකල හැකියි. එක් අධ්‍යනයකදී භාවිතා කල 240 ක් වූ පූර්ව දියවැඩියා තත්වයේ පසු වූ පුද්ගල කාණ්ඩයක් අතරේ සිදුකල පරීක්ෂණයකින් පසු අනාවරණය වුණේ මාස 9 ක් පුරා ඔවුන් විසින් ලබාගත කර්කියුමින් අතිරේක පෝෂක සත්කාරය මඟින් ඔවුන් තුල දියවැඩියා රෝගය වර්ධනය වීමට තිබූ අවදානම අඩු වි තිබුණු බවයි.