‘අපි හරියට ඉන්නවනම් කවුරුවත් ඒ දේවල් වලට එන්නේ නෑ’ ජනප්‍රිය නිලි අංජලී කියන කතාව

මේ වනවිට ලංකාවේ හැමෝම ආසාවෙන් නරඹන, හැමෝම ආදරේ කරන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. මේ වනවිට ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යත් දෙවෙනි ඉනිම විදියට හඳුන් වන්න පුළුවන්. ඉතින් මේ නාට්‍යට වගේම මේ ටෙලිනාට්‍යයේ චරිත වලටත් අපේ ප්‍රේක්ෂකයින් ගොඩක ආදරෙයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි අනුෂා කියන්නේ. මෙම නාට්‍යයේ ප්‍රදාන චරිතයක් වන අවනත විවාහ වෙන්න ඉන්නේ අනුෂාගේ දියණියවන දෙවුමි එක්ක. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ හැමෝම ආදරේ කරන චරිතයක් වන ගරාජ් ආනන්දගේ ආදරණීය බිරිඳ වෙන්නෙත් අනුශායි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අනුෂාගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වන අංජලී ලියනගේ විසින්.

දෙවැනි ඉනිම,පැහැසරා,මෙඩිසිනා යන ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය ‘ආදරණීය කතාවක්’ ‘ඇඩ්‍රස් නෑ’ වැනි සිනමාපට හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත්තා.ගොඩක් අය කියන විදියට අංජලී දැන් එක චරිතයකට කොටුවෙලා ලු. ඉතින් ඒ පිළිබඳ අංජලී අපට කිවුවේ මේ වගේ කතාවක්. ”ඔව් එහෙම වෙන්න ඇති ප්‍රේක්ෂකයන්ට එහෙම හිතෙන එක සාදාරනයි. නමුත් තවම විකාශනය නොවුන නිර්මාණ කිහිපයක්ම තියෙනවා ඒ නිර්මාණ වල වෙනස් චරිත රඟපාන්නේ, නමුත් මට වැඩිපුරම එකම විදියේ චරිත ලැබෙන නිසා, කොටු වෙලා කියන හැඟිමකුත් දැනෙනවා.” කියලයි.

සාමාන්‍යයෙන් කළා ක්‍ෂේත්‍රයේ ඉන්න අයට එක එක අයගෙන් බලපෑම් එනවා කියලා සමහරු කියනවා. ඒ නිසා ගොඩක් අය මේ ක්‍ෂේත්‍රයට එන්න කැමති නෑ ඉතින් ඒ පිලිබඳ අංජලී කියන්නේ මේ වගේ කතාවක් ”මේක ගොඩක් ගෞරවනීය ක්ෂේත්‍රයක්. තැනට ඇවිල්ලා හරිවිදියට ඉන්නවනම් කවුරුවත් ඒ වගේ බලපෑම් කරන්නේ නෑ. එහෙම දේවල් වෙන්නේ අපි ඉන්න විදියත් එක්ක, කතා කරන විදියත් එක්ක, අපි පාඩුවේ ඉන්නව නම් කවුරුත් අපිට එහෙම දෙයක් කියන්නේ නැහැ.මට ඒ වගේ බලපෑම් කියලා දෙයක් ඇවිත් නැහැ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අංජලී ලියනගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.