අපි වෙනත් ග්‍රහලෝකෙක ඉපදුනානම් අපේ සිරුරේ ස්වරූපය මෙන්න

‘ස්ටීවන් හෝකින් වරක් කියා සිටියේ මිනිසා අභ්‍යවකාශය වෙත සංක්‍රමණය වීමට තවත් ඇත්තේ  වසර  100 ක් පමණක් බවයි’. නමුත්, අභ්‍යවකාශයේ නොනැසී ජීවත් වීමේ ගැටලු රැසක්  පවතියි. පැය කිහිපයක් පමණක් එහි ගත කරන ගගනගාමීන් පවා නැවත පැමිණෙන විට බොහෝ විට සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වෙමිනි . විශ්වයේ ඇති බොහෝ ග්‍රහලෝක අපට පෘථිවි ජීවීන්ට ජීවත්වීමට අපහසුය. ඇත්ත වශයෙන්ම, අභ්‍යවකාශය තුල ජිවය රැක ගැකනිමට නම්  අපගේ සිරුර ඊට අනුවර්තනය විය හැකි ආකාරයට පරිණාමය විය විය යුතුය. :අපගේ පෙනීම, ශ්වසන පද්ධතිය, ඇතුලු සම්පූර්ණ ශාරීරික ස්වරූපයම වෙනස්විය යුතුය ,පරිණාමය විය යුතුය. වෙනත් ග්‍රහලෝකවල ජීවත් වීමට නම් මිනිස් සිරුර කොයි ආකාරයෙන් වෙනස් විය යුතුද? එවිට මිනිසාගේ ස්වරූපය කෙබඳු ආකාරයක් ගනියිවිද? අභ්‍යාවකාශයේ ජීවිතය උපකල්පිත ඇසකින් දකිමු.

01. අඟහරු

අඟහරු මත ඇති ගුරුත්වාකර්ෂණය පෘථිවියට වඩා අඩු වන අතර එය සූර්යයාට වඩා බොහෝ ඈතින් පිහිටා ඇති  අඟහරු ලොව වාසයේදී හිරු එළිය අඩු වනු ඇත. සියුම් වායුගෝලය නිසා අඟහරුට ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් නොමැති හේතුවෙන් පවතින සෑම දෙයක්ම විකිරණවලට නිරාවරණයව පවතියි. සමහර විට, තද සුළං මගින් කුණා‍ටු තත්වයන් වර්ධනය කලහැකි අතර ඒවා මුලු ග්‍රහලෝකය පුරාවටම පැතිර යා හැකි අතර කුණා‍ටුව අවසන් වී මාස ගණනක් ගත වන තුරුම කැලඹුණු දුහුවිලි තත්වය පවතිනු ඇත.

ඔබේ පෙනුම: දුර්වල ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දිය යුතු වන නිසා ඔබේ සිරුර ශක්තිමත් ගොඩනැඟිල්ලක් සේ උස විය හැකිය. වඩාත් දුර දැකිය හැකි  විශාල ඇස් පිහිටනු ඇත. විකිරණ වලින් ආරක්ෂා වීමට නම්, ඔබේ ශරීරයට එහි වර්ණකය වන  මෙලනින් වලින් කැරොටිනොයිඩ් වර්ණක (කැරට්, දොඩම් වලට පැහැය ලබාදෙන වර්ණක) වලට  වලට වෙනස්වියයුතුය. සමේ ආරක්ෂාව වෙනුවෙන් ඇතිවන මෙම ස්වභාවය නිසා ඔබට බොහෝ විට හිමිවනු ඇත්තේ තැඹිලි පැහැති සමකි.

02. බ්‍රහස්පති

සත්‍ය පෘෂ්ටයක් නොමැති බැවින් බ්‍රහස්පති ග්‍රහයා මත ජීවත් වීම සැබැවින්ම අභියෝගත්මක විය හැකිය. එම ග්‍රහයා සම්පූර්ණයෙන්ම පිරී පවතින්නේ වායු වලිනි. නමුත් ඉන් අදහස් වන්නේ එය වලාකුලක් මෙන් එල්ලී තිබෙන වස්තුවක් ලෙස නම් නොවේ. ඔබ එහි වායුගෝලය හරහා ගැඹුරු කොටස් කරා ගමන් කරන්නේ නම්,ද්‍රව බවට පත්වෙනතාක් වායුව ඝන බවට පත් වී ඇති අයුරු දැකිය හැකි වනු ඇත. බ්‍රහස්පති ග්‍රහයාගේ එක් සම්පූර්ණ ස්තරයක්ම සෑදී ඇත්තේ සාගරයක් ආකාරයටයි. නමුත් ඒ ජලයෙන් නොව හයිඩ්‍රජන් වලින් පිරුණු ද්‍රව මූලාශ්‍රයකි.

ඔබේ පෙනුම: අධික පීඩනය සහ අධික උෂ්ණත්වය මෙන්ම තරල පරිසරය හේතුවෙන් ගැඹුරු ජලජ ජීවින්ගේ මෙන් අපේ ශරීර ද හැඩගැසිය යුතුය. බ්‍රහස්පති මත ඇති විකිරණ වලින් ආරක්ෂා වීමට බොහෝ විට අපගේ ශරීර විශාල ක‍ටු ආවර්ණයක් සහිත ඉසපෝඩා සතුන්ගේ ස්වරූපයක් මෙන් සමාන ශරීර හැඩයකට පත්වනු ඇත.

03. සෙනසුරු

වායු වලින් පිරුණු බ්‍රහස්පති ග්‍රහයා මෙන් සෙනසුරු ග්‍රහයාද භූමියක් නොමැති , ප්‍රබල සුලං සහිත හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලින් පිරී පවතින ග්‍රහයෙකි.බ්‍රහස්පති මෙන් ඇතුලතින් දැඩිබවකින් යුක්ත වන අතර හරය කුඩාය.ඒ වටා  ඇති ‍රැස් වළලු සෑදි ඇත්තේ අයිස් අංශු ගණනාවකින් වන අතර අවාසනාවකට මෙන් ඒමත කිසිවකට ජීවත් විය නොහැක. සෙනසුරුගේ සාමාන්‍ය ඝනත්වය ජලයටත් වඩා අඩුය. ග්‍රහලෝකයේ ප්‍රමාණයට සුදුසු ප්‍රමාණයේ එකක් තිබේ නම් සෙනසුරු ග්‍රහයා එම නාන තටාකයක තුල පාවෙනු ඇති තරම් සැහැල්ලුය.

ඔබේ පෙනුම:සෙනසුරු මත ඇති ඝන දුමාරය අතරේ ගමන් කල හැකි එකම ක්‍රමය නම් ජෙලි ‍ෆිෂ් මාලුවෙකු මෙන් එහාමෙහා ගමන් කිරීමයි. කුඩයක් හැඩයේ සිනුවක් බඳු සිරුරක් පිහිටනු  ඇති අතර පාවෙමින් ඉහළට පහළට ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ඇටසැකිලි නොපිහිටන බැවින් අධික පීඩනයෙන් අස්ථි විනාශ වී නොයනු ඇත.

04. බුධ

බුධ ග්‍රහයා මත ජීවය දුෂ්කරය. සූර්යයාට ආසන්නයෙන් පිහිටන මෙම කුඩා ග්‍රහලොව මතට වැටෙන සූර්යාලෝකය පෘථිවියට පතිත වන සූර්යාලෝකය මෙන් 7 ගුණයකට වඩා වැඩිය.කිසිඳු ආවරණයකින් මෙහි බලපෑම කලමනාකරණය කිරීමට නොහැකි වනු ඇත.බුධ ග්‍රහයා මත උෂ්ණත්වය අතිශයින්ම අධික වන අතර දිවා කාලයේ දී දැවෙන තරම් ෆැරන්හයිට් 800 (සෙල්සියස් අංශක 430) ක් පමණ උෂ්ණත්වයක්ද රාත්‍රියේදී ෆැරන්හයිට් අංශක -290 ක්(සෙල්සියස් අංශක -180) පමණ උෂ්ණත්වයක් පවතියි.ඒ සියල්ල සමඟ නිරන්තර උල්කාපාත වර්ෂාවන් සහ භූමි කම්පා සිදුවේ. හුස්ම ගැනීමට වාතාවරණයක් නැති කරමින් සෙනසුරු මත කිසිඳු වායුගෝලයක් අපට හමුනොවේ.

ඔබේ පෙනුම:සාමාන්‍ය මිනිස් මාංශ පේශීන් සහ අස්ථි වලට් මෙම දැඩි තත්වයන්ට අනුරූප විය නොහැක. මේ මත මිනිස් ජීවය පැවතීමට නම් ඔවුන්ගේ සිරුරේ ටයිටේනියම් වැනි පරාවර්තක ලෝහයකට සමාන යමකින් සෑදි තිබිය යුතුය. ශ්වසන පද්ධතියක් අවශ්‍ය නොවෙනු ඇත. ඒ අනුව ලෝහ මුහුණ මත නාසයක් නොපිහිටනු ඇත. හිරු එළියට නිරාවරණය වීමෙන් ආරක්ෂා වීමට ඔබේ ඇස් ඝනකම් කණ්ණාඩි යුවලක් ආකාරයෙන් පිහිටනු ඇත.

05. සිකුරු

බුධ ග්‍රහයාට වඩා ජීවත් වීමට අපහසු ග්‍රහයෙක් වේ නම් ඒ සිකුරුය. මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 880 ක් (සෙල්සියස් අංශක 471) පමණ වේ. වායුගෝලය ඝනකමින් යුක්ත වන නිසා හරිතාගාර බලපෑමක් ඇතිකරවයි. පෘෂ්ටය වියළි වන අතර  ගිනි කඳු පිපිරීම්, සුළි කුණා‍ටු සහ අකුණු වැනි සංසිද්ධීන්ගෙන් පිරී පවතියි. මෙහි මතුපිට පීඩනය කොතරම් ද කියනවා නම් ඔබ සැතපුමක් පමණ දිය යටින් සිටින බවක් ඔබා දැනෙනු ඇත. කිසිදා සුව නොවන හිසරදයක් ඔබට දැනෙනු ඇත.

ඔබේ පෙනුම: සිකුරු ග්‍රහයා මත ජීවත් විය හැක්කේ ක්ෂුද්‍ර ජීවින්ට පමණි.අභ්‍යවකාශ යානා වැනි ලෝහ ඇතුලු සෑම දේම සිකුරු ග්‍රහයා මත දී විනාස වී යයි. සිකුරුගේ වායුගෝලයේ ෆොස්‍ෆින් අඩංගු වන අතර එය ඔක්සිජන් ආශ්වාසය කරන ඕනෑම දෙයකට විෂ සහිත වන අතර ක්ෂුද්‍ර ජීවින්ට ජීවය ලැබෙන්නේ එමඟින් වීම විශේෂත්වයකි.

06. යුරේනස් සහ නෙප්චූන්

අයිස් වලි වැසුණු, අඳුරු සහ ප්‍රබල සුලං පවතින  යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයින් බොහෝ දුරට සෑදී ඇත්තේ මීතේන්, ජලය සහ ඇමෝනියා වැනි සීතල ද්‍රව වලිනි. මෙම ග්‍රහයින්ට මතුපිට පෘෂ්ටයක් නොමැති අතර ඒවායේ වායුගෝලයන් ග්‍රහයින්ගේ හරය අවට ඇති ජලයට ඒකාබද්ධ වී පවතියි. මෙහි ගුර්ත්වය පෘථිවියට වඩා ශක්තිමත් වන අතර සෑම දෙයක් මතම දැඩි පීඩනයක් එල්ල වී පවතියි.

ඔබේ පෙනුම: අධික ගුරුත්වාකර්ෂණ ඇදීමක් පවතින නිසා ඔබේ සිරුර මාංශ පේශීන් වලින් පිරුණු සහ සීතලෙන් ආරක්ෂා වී සිටීමට හැකි ඝනකම් සමකින් යුතු මිටි සහ තර බවින් යුක්ත වනු ඇත.තරලමය පරිසරය  තුල බොහෝ විට ඔබේ පෙනුම නිල් ග්‍රහලෝක මත පාවෙන අභ්‍යවකාශ තල්මසෙකු හෝ මැනේටයෙකු බඳු විය හැක.

07. ප්ලූටෝ

කුරු ග්‍රහයෙක් ලෙස හඳුන්වන ප්ලූටෝ සූර්යාගෙන් දුර්ස්ථම ග්‍රහ වස්තුවකි.ගැල් ගැසෙන සීතලක් පවතින අතර අයිස් වලින් වැසි පවතියි. මෙහි ගුරුත්ව බලය දුර්වල අතර වායුගෝලය තුනී ස්වභාවයක් ගනියි. ප්ලූටෝ සිට ඉර දෙස බලන විට එය පෙනෙන්නේ ක්ෂිතිජයේ ඇති තිතක් ලෙසය.ඒ අනුව ආලෝකයක් නොමැති තරම්ය. විද්‍යාඥයින්  විශ්වාස කරන ආකාරයට ප්ලූටෝගේ මතුපිට ස්තරයට යටින් ජල සාගරයක් පැවතිය හැකි බව සහ එහි හොඳ  කාලගුණ වාතාවරණයක් තිබිය හැකි බවයි.

ඔබේ පෙනුම:මේ මත සිටින ජීවින්ගේ සිරුරු බොහෝ දුරට කෘමීන්ගේ සහ මාලුවන්ගේ ස්වරූපයට සමානකම් කියනු ඇත.අඩු ගුරුත්වාකර්ෂණය නිසා මාංශ පේශීන් සහ අස්ථි හැකිලෙන අතර කශේරුකා අතර ඇති අවකාශය පුළුල් වීමෙන් ඔබේ සිරුර වඩාත් උස්ව පිහිටයි. කොඳු ඇට පෙළේ කාර්ය සීමා වීම නිසා ඔබේ සිරුරේ ඉරියව්ව බොහෝ දුරට වෙනස්වනු ඇත. ඒ අනුව ඔබේ පෙනුම උස, සිහින් සහ තරමක් මකුලුවෙකු වැනි විහිදූ ගාත් සහ වක්‍ර කොඳු ඇට පෙළක් සහිත ජීවියෙකුට සමාන වනු ඇත.