‘අපි වගෙ පවුල් අද ජීවත් වෙන විදිය කරුවත් දන්නේ නෑ’ ජනප්‍රිය ගායක නලින් පෙරේරා කියන කතාව

වර්තමාන වසංගතය නිසාම බොහෝ දෙනෙක් පිඩාවට පත් ව ඇති බවට සැකයක් නැත. කොවිඩ් නිසාම ප්‍රසංග වැනි දෑට අවසැර හිමි වන්නේ නැත. අවුරුද්දකට අධික කාලයක් ප්‍රසංගය වලට වැටුන නිති රිති නිසාම පිඩාවට පත්වන පිරිස සුළු ගනනක් නොවේ. ප්‍රධාන ජිවනෝපාය සංගීතය වන සංගීත කණ්ඩායම් වල අය මේ නිසා පිඩාවට පත්ව සිටිනවා. ඉතින් මේ ගැන වගේම කලා ජිවිතේ තතු ගැන දැනගන්න අපි අද එකතු කරගන්නේ ජනප්‍රිය ගායක මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා…

සංගීත ලෝකයේ නලින් පෙරේරා යනු කවුරුත් ආදරේ කරන කවුරුත ගරු කරන අයෙකු කිවොත් නිවැරදියි. මේ කාලය තුළ ඔබ ඇතුළු සංගීත ලෝකයේ කලාකරුවන් මුහුණ දි ඇති මෙම අර්බුදය ගැන ඔබ කතා කලොත්, “මේ වන විට එළිමහන් ප්‍රසංග වලට පවතින බාධාවන් නිසා වැඩිපුරම දුෂ්කරතාවයට පත් ඉන්නේ සංගීත ලෝකයේ අය. පාස්කු සිදුවීමෙන් පටන් ගත්තහම ඒ කාලයේ පටන් ප්‍රසංග වලට බාධා එල්ල වුනා. ලක්ෂ ගානක් ජිවත් වෙන්නේ ප්‍රසංග වලින්. ඇත්තටම අපි කාටවත් බරක් නොවි තමා ජිවිතය ගෙනියන්නේ. කෙටියෙන් සිංදු තමා අපේ ජිවිතය. මේ වෙලාවේ අපි වගෙ පවුල් ජිවත් වෙන්නේ ⁣කොහොම ද කියල කවුරුත් දන්නේ නෑ. ගොඩක් අය තමන් ළග තිබුන වටිනම දේවල් පවා විකුණලා. කවුරුත් හිතන්නේ නෑ ප්‍රසංග නැති අපි ජිවත් වෙන්නේ කොහොමද කියලා. අපි එදිනෙදා රැකියාවක් කරගෙන ජිවත් වුනා වෙද්දි ඇත්තටම අපිට ප්‍රසංග පවත්වන්න කවදා අවසර ලැබිලා කවදා යතාතත්වයකට එන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න බෑ.

අපි හැමෝම ගැන හිතලා විවාහ උත්සව පවත්වන්න අවසර ඉල්ලුවා. හැබැයි ඒත් අවසර ලැබුනේ නෑ. අනිත් හැමදේටම අවසර ලැබුනා. ඒකයි දුක. රටේ හැමදේම විවෘත කරලයි සංගීත ලෝකය ගැන අවධානය දෙන්නේ. ඇමරිකාව වගේ රටවල තත්වය වෙනස්. ඒ රටේ අපිවගේ අයට මාසයකට ගෙවිමක් කරනවා. එහෙම කරන්න අපේ රට පොහොසත් නෑ. මේ වෙලාවේ ගොඩක් අය තමන්ගෙ මඩිය පුරවගද්දි අසරණ මනුස්සයා තවත් අසරණ වෙනවා. මොකද මේ රටේ බහුතරයක් මිනිස්සු හිතන්⁣නේ තමන් ගැන විතරයි. මම මේ කාලේ මට පුළුවන් විදිහට උදව් කලා. ඇත්තටම සංගීත් විජේසුරියත් මට ගොඩක් උදව් කලා. අපි එකා වගේ එකතු වෙලා පුළුවන් විදිහට අලේ අයට උදව් කලා”

නලින් පෙරේරා යනු මනුදමින් පිරි කලාකරුවෙක්. ඔහු තරුණ පරපුරටද අත දෙන බොහෝ හදවත් තුළ ගෞරවයට පාත්‍ර වු චරිතයක්. කාලයත් එක්ක යට යන චරිත අතරේ නලින් පෙරේරා එදා වගේම සංගීත ලෝකයේ කිරුළු දරා අවසන්. දියණිය නිසාම ජිවිතේ යම් යම් තිරණ වෙනස් කරගත් නලින් පෙරේරා බොහෝ සංගීත වැඩසටහන් තුළ නැතුවම බැරි සොදුරු මිනිසෙක්ද බවද කිව යුතුමය. ඉතින් ඔහුගේ ඉදිරි දිවිය සුන්දර වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා