ඇත්තටම මේවා හදලා තියෙන්නේ ඇයි කියලා දන්නවද

සෑම භාණ්ඩයකටම ඊට ආවේණික වූ ප්‍රයෝජනයක් තිබෙනවා කියලා අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත්, අපි එදිනෙදා භාවිතා කරන ඇතැම් භාණ්ඩ වර්ග නම් මුල් කාලීනව භාවිතා වෙලා තිබෙන්නේ වෙනස්ම ප්‍රයෝජන ලබාගැනීම සඳහායි. කාලයත් සමඟ ප්‍රයෝජනයන් ක්‍රමයෙන් වෙනස් වී එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරනු ලබන මෙවැනි භාණ්ඩ වර්ග 15 ක් තමයි පහළින් දැක්වෙන්නේ.

කොකා-කෝලා

ඇමෙරිකානු සිවිල් යුද්ධය සඳහා දායක වී සිටි ඖෂධවේදී John Pemberton විසින් වරක් kola nuts සහ coca කොළ වල සාරයෙන් කසායක් බඳු මිශ්‍රණයක් සැකසුවේය. ඔහු මෙම නිෂ්පාදනය ස්නායු පද්ධතිය සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට මෝර්ෆීන් (නිදිබෙහෙත්) භාවිතා කරමින් සිටි සෙබලුන් හට භාවිතා කිරීමට ලබාදුන්නේය. පසුකාලීනව ඔහු එය සිසිල් බීම ව්‍යාපාරයක් ලෙසකරගෙන ගියද කාලයත් සමඟ එහි කොටස් සියල්ල විකුණා දැමීමට කටයුතු කලේය. නව කොකා-කෝලා සමාගමේ හිමිකරුවන් විසින් කොකා-කෝලා පානය සඳහා  කොකේන් ඉවත් කල coca කොළ භාවිතා කරති.

කලු ඇඳුම්

1920 කාලය දක්වාම කලු ඇඳුම් ඇඳීම යනු යම් කෙනෙකුගේ මරණයෙන් පසු පවුලේ අය වසර 2 ක් පමණ පුරාවට සංවේගය, වැළපීම් සංකේතවත් කරමින් අඳිනු ලැබූ අතීත සම්ප්‍රදායකි. නමුත්, 1923 වසරේ Coco Chanel විසින් තම ප්‍රේමවන්තයා සිහිවනු පිණිස Chanel’s Ford නමින් කුඩා ගවුම් විලාසිතාවකින් සැරසුණාය.  මෙය මුල් කාලයේදි සිනමා තරු අතර ප්‍රචලිත වු විලාසිතාවක් වූ අතර ක්‍රමයෙන් සාමාන්‍ය ජනයාද කලු ඇඳුම් විලාසිතාවක් ලෙස භාවිතා කිරීමට පටන්ගත්හ.

කැරෝකේ

Daisuke Inoue නම් ජපන් ජාතික රොක් ගායන ශිල්පියා කැෆේ අවන්හලක ගීත ගායනා කිරීමට කැමති අමුත්තන් වෙනුවෙන් වාදනයෙන් දායක වූයේය. දිනක් ඔහුට පැමිණීමට නොහැකි වූ හෙයින් ඔහු තම වාදනය පටිගත කර ටේප් පටයක් ලෙස ඒව තිබුණි. 1971 වසරේදි, ඔහු විසින් සංගීතය පමණක් වාදනය වන යන්ත්‍රයක් නිපදවූයේය. අමුත්තන් ගායනා කරන විට වාදනය නොකර සැහැල්ලුවෙන් සිටීමට මෙම හඬ පටය වාදනය තුලින් ඔහුට හැකිවී තිබුණා. වර්තමානයේ මෙම සොයාගැනීම ඉතා ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. ලොව පුරා කැරෝකේ අවන්හල් පවා නිර්මාණය වී තිබෙනවා.

Play-Doh

මේවා මුල් කාලයේදී භාවිතා කර ඇත්තේ ගිනි උඳුන් අසල බිත්ති සැරසිලි වල ‍රැ‍ඳෙන දැලි ඉවත් කිරීම සඳහාය.නමුත් පසුකාලයේදී, vinyl wallpaper භාවිතය සහ ස්පොන්ජ් මඟින් පහසුවෙන් මතුපිට පිරිසිදු කරාගත හැකි පිරිසිදු කිරීම් ක්‍රම ලොවට හඳුන්වාදීමත් සමඟ මෙම නිෂ්පාදනය හඳුන්වා දී තිබු මුලික කාර්යය ක්‍රමයෙන් ප්‍රයෝජන රහිත විය. මෙම නිෂ්පාදනයේ හිමිකරුගේ ඥාතියෙකු වන පෙරපාසල් ගුරුවරියක් වරක් Play-Doh එකක් කුඩා දරු දරුවන් හට සෙල්ලම් කිරීමට ලබාදී තිබුණා. කල් යත්ම , මේ අලුත් ක්‍රමය ව්‍යාපාරික අදහසක් බවට පත් වි, මෙම නිෂ්පාදනයේ අඩංගු සේදුම්කාරක ද්‍රව්‍ය (detergents) ඉවත් කර  වර්ණක ඊට ආදේශ කර තිබුණා. මේ නම නිෂ්පාදනයට ලැබී තිබෙන්නෙත් එහෙමයි.

Treadmill උපකරණ

වර්තමාන treadmill උපකරණයේ මුල් අදහස සහිත නිර්මාණය බිහිවූයේ 1818 වසරේ Sir William Cubitt අතිනි. ඔහු එය නිර්මාණය කර තිබුණේ ධාන්‍ය ඇඹරුම්හලේ කාර්යන් සඳහා සිරකරුවන්ගේ කාය ශක්තිය භාවිතා කිරීමේ අදහසිනි. සිරකරුවන් විසින් එක්තරා තිරස් අත් වැටක එල්ලි නොනවතිමින් පඩිපෙලක් මත ගමන් කිරීම සිදුකල අතර එම බලයෙන් ධාන්‍ය ඇඹරීම සිදුකර ඇත.

Sticky notes

Dr. Spencer Silver විසින් දිගු කලක් පවත්නා හොඳම ගම් විශේෂය නිපදවීමේ කාර්යයේ යෙදී සිටියේය. නමුත්, ඔහුගේ නිෂ්පාදනය එතරම් සවිමත් නොවූ අතර අලවන දේ ඉක්මනින් ගැලවී යන්නට පටන්ගන්නා ස්වභාවයෙන් යුක්ත විය. එහිදී ඔහුගේ මිතුරා වූ Arthur Fry විසින් ඔහුට යෝජනා කරේ මෙම ගම් වර්ගය ඔහුගේ ගීතිකා පොතේ පොත් සටහන් (bookmark) තැබීමට යොදාගන්නා ලෙසයි. ක්‍රමයෙන් මෙම ගම් වර්ගය සහිත කුඩා සටහන් කඩදාසි වෙළඳපොලේ ඉතා ජනප්‍රිය පොත් ලිපි ද්‍රව්‍ය අතරට එක් විය.

අඩි උස සෙරෙප්පු

අතීත ඊජිප්තුවේ අඩි උස සෙරෙප්පු පැලඳීම උසස් නිළධාරීනේ පැලැන්තිය සහ තරාතිරම හුවා දැක්වු සංකේතයක් විය. එය කාන්තා පිරිමි භේදයකින් තොරව භාවිතා වූවක් විය. ඔවුන් එසේ අඩි උස සෙරෙප්පු පැළැඳ ආගමික පූජෝත්සව වලට සහභාගී වූහ.

මෙවැනි උස සපත්තු පැලැඳීම මස් කඩ වෙළෙන්දන් අතරද ජනප්‍රිය ව පැවතිණි. ඊට හේතුව බිම ඇති රුධිරය ගෑවීමෙන් වැළකී සිටීමටයි. අතීත පර්සියානු අශ්වාරෝහකයින් විසින් දුනු හරඹයේ යෙදෙන විට අඩි උස සපත්තු පැළේඳ සිටියහ. මධ්‍යකාලීන යුරෝපය තුල අඩි උස සෙරෙප්පු සපත්තු භාවිතය රදළ පැලැන්තියට පමණක් භාවිතා කල හැකි වූ වරප්‍රසාදයක් විය. නමුත් 20 සියවසේ අග භාගයේදී පමණ අඩි උස සෙරෙප්පු  විලාසිතා හඳුන්වාදීමත් සමඟ එය විලාසිතාවක් ලෙස අතිශය ජනප්‍රිය විය.

Bubble wrap

මෙය මුලින්ම නිපදවනු ලැබුවේ 1957 වසරේදි Alfred Fielding සහ Marc Chavannes යන ඉංජිනේරුවන් දෙදෙනා විසිනි.මෙහි මුල් අදහස වී ඇත්තේ එය ත්‍රිමාණික ප්ලාස්ටික් බිත්ති සැරසිල්ලක් ලෙස  භාවිතා කිරිමයි. කෙසේ වෙතත් එය සාර්ථක නොවීය. කෙසේ වෙතත් නිර්මාණකරුවන් හට මෙය ඇසුරුම්කරණයේදි භාවිතා කල හැකි හොඳ ක්‍රමයක් ලෙස හඳුනාගත හැකි වීමත් සමඟ මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය පවා හිමි වී තිබුණා.

කොට්ට

මෙසපොතේමියානු ශිෂ්ටාචාර යුගයේ කොට්ට භාවිතය ධනවතුන්ට පමණක් අයත් දෙයක් විය. හිසට ආධාරකයක් භාවිතා කිරීම සිදුකරා ඇත්තේ කෘමී සතුන්ගෙන් සමට සහ හිසකෙස් වලට වන හානි වළක්වාගැනීම සඳහා ය.අතීත චීනයේ තිබු විශ්වාසයක් වන්නේ මෘදු සුමුදු කොට්ට ප්‍රයෝජනයක් නොමැති දෙයක් බවයි. ඒ වෙනුවට ඔවුහු උණ, පෝර්සිලේන්, ලී හෝ ලෝකඩ වලින් තැනූ හිස ආධාරක භාවිතා කලහ. එය ඔවුන්ට ශක්තිය ලබාදෙන බවත් යක්ෂයින්ගෙන් ආරක්ෂාව සපයන බවත් ඔවුන් අතර තිබූ ඉපැරණි විශ්වාසයක් විය.

Vaseline

19 වන සියවසේ තෙල් කර්මාන්ත ක්ෂේත්‍රයේ කම්කරුවන් හට මුහුණ දීමට සිදුවූ බරපතල ප්‍රශ්ණයක් විය. එනම් තෙල් පොම්ප කරන බට වල ඉටි වැනි ද්‍රව්‍යයක් ඒකරාශී වී තැන්පත් වීමයි. බ්‍රිතාන්‍ය ජාතික රසායනවේදියෙකු වූ Robert Chesebrough මින් වෙළඳපොල අවස්ථාවක් ඇතිකර ගත හැකි බව වටහා ගත්තේය. ඔහු මෙම පෙට්‍රෝලියම් ජෙලි සම්බන්ධ පර්යේෂණ කිහිපයක සිදුකලේය. එහිදී නිගමනය වූයේ මෙම ජෙලි වර්ගයේ ඉතා හිතකර ගුණාංග අන්තර්ගත වන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා තුවල සුව කිරීමේ සිට කාපට් පිරිසිදුකාරකයක් දක්වා විශාල පරාසයක ප්‍රයෝජන සහිත නිෂ්පාදනයක් ලෙස එළිදැක්වි තිබුණා. වර්තමානයේ නම් ඒ යටතේ බහුලව නිෂ්පාදනය  වන්නේ රූපලාවන්‍ය නිෂ්පාදනයි.

Slinky සෙල්ලම් බඩු

මෙය මුල් කාලයේඩ් කුඩා දරුවන් සඳහා වූ සෙල්ලම් බඩුවක් නොවීය. නාවික ඉංජිනේරු Richard T. James විසින් වරක් නැවේ යාන්ත්‍රික අලුත්වැඩියාවක නිරතව සිටින විට අහම්බයෙන් වාගේ ඉන් ටෙන්ෂන් ස්ප්‍රිං කොටසක් ගැලවී ඉවතට විසි වි තිබුණා. එසේ දඟර ගැසෙමින් තිබූ මෙම කොටස දු‍ටු ඔහුට ඉන් කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩුවක් නිපදවිය හැකියි අදහසක් ඔහුට මතුවි තිබුණා. ටික කලකින් සෑම සෙල්ලම් බඩුකඩසාප්පුවකම මෙවැනි slinky උපකරණ අලෙවිය ඉතා ජනප්‍රිය වීය. James Spring & wire company නම් ඔහුගේ ආයතනය යටතේ මිලියන 300 කට අධිකව මෙම slinky සෙල්ලම් බඩු ප්‍රමාණයක් අලෙවි වු බව සඳහන් වේ.

තේ බෑග්

1904 වසරේ නිව් යෝර්කි හි තේ සහ කෝපි ආනයනකරුවෙකු වු Thomas Sullivan විසින් තම නිෂ්පාදන ඇසුරුම් වඩාත් විලාසිතානුකූල ක්‍රමයකට සිදුකල යුතු බව සිතමින් ඒවා සිල්ක් බැග් වල බහාලමින් ඇසුරුම් කිරීමට කටයුතු කලේය. මෙය පාරිභෝගිකයින්ගේ සිත් දිනාගැනීමට සමත් වූ නව නිපැයුමක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ නිෂ්පාදන අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව සඳහන් වේ. වර්තමානයේ මෙය ඉතා ජනප්‍රිය පාන ඇසුරුම් ක්‍රමයක් ලෙස භාවිතා වේ.

Listerine

1879 වසරේ Joseph Lawrence විසින් මෙය දියරය හඳුන්වාදී තිබුණේ සැත්කම් උපකරණ පිරිසිදු කිරීමේ දියරයක් ලෙසයි.ඔහු නමට අයත් Lister යන කොටස නිෂ්පාදනයේ නාමය ලෙස භාවිතා කරන්නට විය. කෙසේවෙතත්, මෙම නිෂ්පාදනයේ ඇති ගුණාංග හඳුනාගත් ජනයා එය තුවාල සුවකිරීම සඳහා ,දන්ත රෝග සඳහා, ඉස් හොරි සුවපත් කරගැනීම සඳහා, දිලීර ආසාදන සුවකිරීම සඳහා භාවිතා කල හැකි ප්‍රතිකාරයක් ලෙසත් ඇතැම් අය දහදිය දුගඳ වළකන deodorant එකක් ලෙසද භාවිතා කිරීමට පටන්ගත්හ. 20 වන සියවසේ එහි ප්‍රථම වෙළඳ ප්‍රචාරණය පළවීමත් සමඟ මෙම නිෂ්පාදනයට වැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවිය. මෙය මුවසේදුම් දියරයක් ලෙසයි වර්තමානයේ වෙළඳපොලට නිකුත් වන්නේ. මෙය අනවශ්‍ය රෝම ඉවත්කිරීමෙන් පසු ඇන්ටිසෙප්ටික් දියරයක් ලෙස ද භාවිතා කල හැකියි.

ව්‍යාග්‍රා පෙති

හෘද රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස Pfizer විසින් මෙම ඖෂධය නිපදවීමට කටයුතු කල ද රසායනාගාර වාර්තා අනුව හෙලි වුණේ මින් ඒ සම්බන්ධව කිසිඳු හිතකර ප්‍රතිඵලයක් ඇතිනොකරන බවයි. එමෙන්ම මෙහි අසාමාන්‍ය අතුරු බලපෑමක් ඇති බව ද අනාවරණය කරගත හැකි විය. එනම් මෙම ඖෂධ සංඝටක මඟින් ශ්‍රෝණි ප්‍රදේශයට වන රුධිර ප්‍රවාහයට දැඩි උත්තේජනයක් ඇතිකරවන බවයි. එය වර්තමානයේදි කාමවර්ධක ඖෂධයක් ලෙස භාවිතා වේ.

මයික්‍රෝවේව් උඳුන්

මෙම උඳුන් වර්ගය ප්‍රයෝජනයක් ලබාගැනීම උදෙසාම නිර්මාණය වුවක් නොවේ ,එය අහඹු නිරික්ෂණයකින් මතුවූ අදහසකි.  වරක් Raytheon හි සේවකයෙකු වූ ඉංජිනේරු Percy Spencer විසින් රේඩාර් උපකරණයක් පරීක්ෂා කරමින් සිටින්නට විය. එහිදී ඔහුට හඳුනාගත හැකි වූයේ සක්‍රීය රේඩාරයක ක්ෂුද්‍රතරංග  (microwaves) මඟින් ඔහුගේ සාක්කුවේ තිබූ චොකලට් කැබැල්ල දියකර හැර ඇති බවයි. මින් අදහසක් ලබාගත් ඔහු මැග්නෙට්‍රනය (magnetron ) තුලට බඩ ඉරිඟු ඇට කිහිපයක් දැමීමට කටයුතු කරන්නට විය. ඒවා ක්ෂණිකව පුපුරා යන බව ඔහුට නිරීක්ෂණය විය. මේ ආකාරයට මයික්‍රෝවේව් උඳුන ලෙස උපාංගයක් ලොවට හඳුන්වාදෙනු ලැබීය.