අපි නිතර නිතර කරන වැරදි දේවල් 19ක්

සැමදා උදෑසනම නිවස යුද්ධ පිටියක් බවට පත් වෙන්නේ සීමිත කාලයක් තුලදී නිවසේ වැඩකටයුතු කළමණාකරනය කරගැනීම ලොකු අභියෝගයක් වී ඇති නිසයි. ඒ අතරින් මුළුතැන්ගෙයි වැඩකටයුතු ප්‍රමානයි. ඔබත් දවසින් බාගයක්ම මුළුතැන්ගෙයි කටයුතු සඳහා වැයකරනවාද? එහෙනම්, මේ සරල ක්‍රම වලින් ඔබේ මුළුතැන්ගෙයි කටයුතු පහසු කරගන්න.

1‘Choco pies’ උණුසුම් කරගන්නා ආකාරය

සාමාන්‍යයෙන් ආහාරයට ගන්නවාට වඩා චොකල්ට් සහා මාෂ්මෙලෝස් යෙදු Choco pies මයික්‍රෝවේව් උඳුනක රත් කරගනිමින් ආහාරයට ගන්නා විට එහි රස දෙගුණ තෙගුණ කරගත හැකියි.

2 ඉහිරෙන්නේ නැතිව බීටර් එකක් භාවිතා කරන ආකාරය

කේක් මිශ්‍රණයක් සකස් කරන විට මේ කරදරය ඔබත් අත්විඳ ඇති. බීටරයක් භාවිතා කරමින් මිශ්ර‍ණයක් සකස් කරගන්නා විට මිශ්ර ණය් ඉහිරී යාම වළක්වාගැනීමට පේපර් ප්ලේට් එකක් මේ ආකාරයෙන් රඳවාගන්න.

3 චොකලට් පහසුවෙන් පෙති ලෙස කපාගැනීමට

අර්තාපල් පොතු ඉවත්කරන උපකරණයකින් පහසුවෙන් මේ ආකාරයට චොකලට් සිහින් පෙති ලෙස කපාගන්න.

4එළවළු කල්තබා ගැනීම සඳහා

පලා වර්ග හොඳින් සෝදා වියළා ගෙන ටිෂු කඩදාසි අතරේ භාජනයක දමා තැබීමෙන් ඒවා දින කිහිපයක් පුරාවට හොඳින් කල් තබාගැනීමට හැකියි.

5 පොල් ගෙඩියක් සිදුරු කරගන්නා ආකාරය

උඳුන ෆැරන්හයිට් අංශක 400 ක උෂ්ණත්වයකට රත්කරගන්න. පොල් ගෙඩියේ සිදුරක් බිඳ ජලය ඉවත්කරගන්න. ජලය ඉවත් කල පොල් ගෙඩිය උඳුනට දමා මිනිත්තු 15 ක් පමණ රත් කරගන්න. පොල් ගෙඩිය පහසුවෙන් බිඳීයාවි.

6 බිම්මල් පිරිසිදු කරගැනීම

ගලන ජලයට අල්ලා බිම්මල් පිරිසිදු නොකල යුතු බව මතයයි. ඒ වෙනුවට තෙත තුවායකින් හෝ බුරුසුවකින් බිම්මල් පිරිසිදු කරගන්න. ඒවායේ ස්වභාවික සුවඳ එලෙසින් ‍රැකගැනීමට හැකිවේ.

7 කෙසෙල් අසුරා තැබීමට හා දිගු කාලයක් තබා ගැනීමට

කෙසෙල් ඇවරි වශයෙන් අසුරා නොතැබිය යුතුයි. කෙසෙල් ගෙඩි එකින් එක වෙන් කර ඒවායේ අග පොලිතින් කැබලි වලින් ආවරණය කර ශීතකරණයේ තබන්න.කෙසෙල් දිගු කලක් හොඳ තත්වයේ තබාගැනීමට හැකි වේ.

8 උණුසුම් වියළි උදෑසන ආහාර වේලක්

කෝන් ෆ්ලේක්ස් සහා අනෙකුත් ධාන්‍යමය ආහාර වල නැවුම් සහා ක්‍රිස්පි ස්වභාවය හුලං වැදීම නිසා ඉක්මනින් ඉවත්ව යයි. ඒවා උඳුනක මිනිත්තු 5-10 ක් පමණ රත් කරගන්න. හුලං වැදුනු අල පෙති ආහාරයට ගත හැකි තත්වයට පත් කරගැනීම සඳහා ද මේ ක්‍රමය භාවිතා කල හැකියි.

9 පෑන් වර්ග හොඳින් පිරිසිදු කරගැනීමට

ආහාර පිසීමට භාවිතා කල පෑන් ඇතුලු අනෙකුත් ඉඳුල් භාජන පහසුවෙන් පිරිසිදු කරගත හැකි ක්‍රමයක් තමයි මේ. උණු ජලය සහා විනාකිරි ස්වල්පයක් එක්කර ලිපේ තබන්න. කාලයත් මහන්සියත් ඉතිරි කරගත හැකි ක්‍රමයක් වේවි.

10 බර්ගර් සඳහා චීස් එකතු කරගැනීමට

චීස් බර්ගර් සෑදීමේදි පිසූ මස් කැබැල්ල මත චීස් පෙති තබා ජලය ස්වල්පයක් එක්කර පෑන් එක මූඩියකින් වසාගන්න.තත්පර 3-5 වැනි සුලු කාලයකදී චීස් දියවී යයි.

11බෝතල් අඩියේ ඇති ජෑම් , චොකලට් සහා පීනට් බටර් ඉවතට ගැනීමට

බෝතලයේ අඩියේ ඉතිරිව ඇති ඉහත වර්ගයේ ආහාර භාවිතයට ගැනීමට බෝතලයට සීරියල් සහා කිරි එක් කරගන්න. පාන් හෝ වෙනත් ආහාරයක් සමඟ මිශ්රටණය ඔබ කැමති ලෙසකින් ආහාරයට ගත හැකියි. ආහාර අපතේ යැවීම වළක්වන පිරිමැසුම්දායි ක්‍රමයක්!

12 කඳුලු හලන්නේ නැතිව ලූණු කපා ගන්න ක්‍රමයක්!

ලූණු කැපීමට පෙර එළවළු කපන ලෑල්ල මතට ලෙමන් යුෂ ටිකක් ඉසගන්න.

13 පිලිස්සුණු බිස්කට් ආහාරයට ගත හැකි තත්වයට පත්කරගැනීමට

බිස්කට් හෝ කුකී වර්ග සැදීමේදී අධික උෂ්ණත්වයෙදී ඒවා පිලිස්සීමට ඉඩ තිබෙනවා. එසේ අධිකව පිලිස්සුණු බිස්කට් වල කරවුණු කොටස්ග්රේ නටර් උපකරණයක් භාවිතා කරමින් ඉවත්කරගත හැකියි.

14 චිප්ස් බෑගයක් විවෘත කරගැනීමට

චිප්ස් බෑගයක් විවෘත කරගෙන වෙනත් භාජනයකට දැමීමට වඩා බැගයම භාජනයක් ලෙස භාවිතා කල හැකි සරල ක්‍රමයක් තිබෙනවා. බෑගයේ ඉදිරි පසින් කතුරකින් විවරයක් කපාගන්න.රූපයේ දැක්වෙන සේ චිප්ස් විසිර නොයන ලෙස එක් පැත්තක පොලිතින් කොටස සම්පූර්ණයෙන් ඉවත්කරගන්න.

15ඇට වර්ගවල පොතු ඉවත්කරගැනීමට

ඇට ඉවත් කරගත් පොත්තක් බාගෙට විවර වී ඇති පොත්ත තුලට ඇතුල් කරමින් විවර කරගන්න.

16කොකාකෝලා ටින් එකකින් නිවැරදිව පානය කරන ආකාරය

පර්යේෂණයකින් අනාවරණය වි තිබෙන පරිදි බීම කෑන් මත අධික ලෙස විෂබීජ සහා බැක්ටිරීයා වර්ධනයක් දැකිය හැකි බව සොයාගෙන ඇත. එම නිසා එහි විවරයට මුව තබා පානය කිරීම ඔබේ සිරුටට අහිතකර ගැටලු ඇතිකරවිය හැකියි. එහි ඇති සිදුර තුලට බීම බටයක් දමා පානය කිරීමෙන් ආහාර විෂ විමේ ගැටලුව අවම කරගත හැකියි.

17අයිස් ක්‍රීම් පහසුවෙන් ආහාරයට ගැනීමට ක්‍රමයක්

ස්කූප් එකක් භාවිතයෙන් අයිස් ක්‍රීම් බෙදන එක ටිකට් අපහසු වගේම ඒකාකාරී ක්‍රමයක්. අයිස් ක්‍රීම් බඳුන මේ ආකාරයෙන් කපාගෙන වැඩි කොටස හොඳින් වසා නැවත ශීතකරණයේ තබන්න. අයිස් ක්‍රීම් පෙති ආහාරයට ගැනිම ඔබට වෙනස්ම අත්දැකීමක් වේවි.

18 දත් බෙහෙත් භාවිතා කරන ආකාරය

වැඩි වශයෙන් දත් බෙහෙත් භාවිතා කිරීමත් දත් වලට හානි ඇතිකරවන බව අද්‍යයන වලින් හෙලි වී තිබෙනවා. එමඟින් දත් කහ වර්ණයට හැරීම සහා හානියට පත් වෙන බව සොයාගෙන තිබෙනවා. එම නිසා, එක වර දත් බෙහෙත් ගොඩක් බුරුසුවට දමා දත් මැදීම නොකල යුතු දෙයක්. කුඩා ප්‍රමාණයක් ගෙන දත් පිරිසිදු කරගන්න.

19 හෙඩ්ෆෝන් පහසුවෙන් රඳවා ගැනීමට පහසු ක්‍රමයක්

හෙඩ්ෆෝන්ස් භාවිතා කිරීමේදී නිතරම ඒවා ගැලවී පහළට වැටීම ඇත්තෙන්ම කරදරයක්! ව්‍යායාම් කරන විට එය තවත් අපහසු වෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස රූපයේ දැක්වෙන ලෙස හෙඩ්ෆෝන් එක කන වටා රඳවා ගන්න.