අපි දෙන්නා වැඩිය එකට හිටියේ නැති උනාට තවම ඩිවෝස් වෙලා නෑ

නතාෂා කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. පහුගිය කාලේ නම් නතාෂා වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒ නතාෂා සහා ප්‍රිහාන් සමග විවාහයෙන් පස්සේ ටික කාලයක් විදෙස්ගතව සිටි නිසා. කොහොම උනත් නතාෂා සහා ප්‍රිහාන් දැන් ඉන්නේ ලංකාවේ ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ කියලා දැන ගන්න අපි නතාෂා එක්ක ටිකක් කතා කරන්න හිතුවා,

කොහොමද නතාෂා ජීවිතේ මොකද කරන්නේ මේ දවස්වල ?

ජීවිතේ ගොඩාක් හොඳයි, හොඳින් ඉන්නවා. දැන් ආයේ ලංකාවෙ ඉන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙතමයි උපන් රටට ආවේ. ඉතින් ඒ නිසා කාලෙකට පස්සේ අලුත් සිංදුවක් කළා. ‘තාම ආදරෙයි’ ඒ සිංදුව ලිව්වේ සාදර බණ්ඩාර. සංගීතය චරිත එදිරිසිංහ. මේ සින්දුව වීඩියෝ එකක් එක්කම රිලීස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මම හින්දි සින්දුවකට කවර් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඕවා තමා ඉතින් වැඩ

නතාෂා ඔයා සැමියා (ප්‍රිහාන්) එක්ක අලුත් සින්දුවක් කරන්නෙ නැත්තේ ඇයි?

ඇත්තටම අපි දෙන්නා තනි තනි වශයෙන් මේ ක්ෂේත්‍රයට ඇවිත් තමයි මේ ගමන පටන් ගත්තේ ඒ නිසා අපි හිතුවේ තනි තනි නිර්මාණ කරන්න ඕනේ කියලා. අපි දෙන්නම ඉන්නේ ඒ අදහසේ. අනිත් අය කරන නිසා අපිත් ඒ දේ කරමු කියන තැන අපි දෙන්නම නැහැ. මේක තමයි අපේ විදිය

නතාෂා ප්‍රිහාන් ඔබ දෙදෙනා දික්කසාද වෙලා කියලා තිබ්බා ඇත්තද ඒ කතාව

ඔව්, මමත් කිහිපවතාවක්ම දැක්කා. ඔය කටකතා ඉතින් අද ඊයේ තිබ්බ දේවල් නෙවෙයි ඉස්සරත් ඔහොමම තමා ඒ නිසා ඒවා ගැන මම කලබල වෙන්නේ නැහැ අනිත් අතට ඔහොම කතාවක් හැදෙන්න ප්‍රදාන හේතුව වෙන්න ඇත්තෙ මට හිතෙන විදියට ප්‍රිහාන් සහ මම එකට ගමන් බිමන් යන්නෙ නැහැ, ෆේස්බුක් ෆොටෝ දාන්නෙ නැහැ. ඔය නිසා වෙන්න ඇති

ඉදිරියේදී කලාවටද එහෙමත් නැත්නම් නීතියටද වැඩි ඉඩක් දෙන්නේ?

කලාව මම ඉස්සර කාලේ ඉඳන් කළේ අර්ධ කාලීනව. ඉගෙනීමට සහා නීතිය පැත්තට තමා වැඩි කාලයක් යෙදෙව්වේ ඒ නිසා මේ අංශ දෙකම සමබරව කරන්න තමා මම ට්‍රයි.

එතකොට ආයේ රඟපාන්න අදහසක් නැද්ද?

පොඩි අදහසක්ති යෙනවා. හැබැයි තවම මම ලංකාවට ඇවිත් ඉන්නෙ කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ.

ප්‍රිහාන් ගෙන් ප්‍රශ්නයක් නැද්ද රඟපානවට?

ඔව්, එයා එහෙම කිසිම නීති දාලා නැහැ මොකද මම කලාවට ආවේ ගොඩක් පොඩි කාලෙ එයත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ පොඩි කාලේ ඉඳලා, ප්‍රිහාන් කියන්නේ හැකියාවක් තියෙන නිසා නිර්මාණවලට දායක වෙන්න ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් හොඳ ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන් භාර ගන්නවා.

නතාෂා කොහොමද චරිත තෝරා ගන්නේ?

නිර්මාණයේ තියෙන ගුණාත්මක බව තමයි මම මුලින්ම බලන්නේ. මොකද මේ වෙනකම් මම නිර්මාණ කරලා තියෙන්නේ දෙක තුනයි. හැබැයි ඒවාට සම්මාන පවා මට ලැබුණා.

සිනමාව, පුංචි තිරය කියන තේරීම කරනවද?

ඇත්තෙන්ම නැහැ. මට මුලින්ම ආරාධනා ආවේ සිනමා නිර්මාණවලට. ලංකාවේ දැනට ඉන්න දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට. ඒත් මම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන් නිසා ඒ දේවල් භාර ගන්න බැරි වුණා. ඒ නිසා සිනමාව පුංචි තිරය කියලා විශේෂයෙන් තේරීමක් කරන්නෙ නැහැ.

නතාෂා මොකද්ද මේ ලස්සන වීමේ රහස ලස්සන වෙන්න මොනවාද කරන්නේ?

ලස්සනට ඉන්න නම් මුලින්ම හිත පිරිසුදු වෙන්න ඕනේ. එතකොට මුහුණට ලස්සනට වඩා හොඳ ආකර්ෂණීය ප්‍රියමනාප බවක් එකතු වෙන්නේ. අනි එක තමයි තමන්ට ගැළපෙන ස්වභාවික දේවල්වලට නැඹුරු වුණොත් කල්පවතින ලස්සනක් හිමිකර ගන්න පුළුවන්.