‘අපි දවස් පඩි කාරයෝ අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් වෙන්නෙ’ පබෝදා කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝම ආදරේ කරන සුන්දර දඟකාර චරිතයක් තමයි පබෝදා සංදීපනී කියන්නේ. අවුරුදු හතරේ පුංචි ළදැරිය ලෙස පුංචි තිරයත්, සිනමාවත් ජයගෙන පැමිණි ඇය කළා පවුලකින් පැවතඑන රංගන ශිල්පිනියක්. ඒ වගේම පබෝදා කියන්නේ මවක්. ‘බහුබුතයෝ’ සිනමාපටය හරහා ලංකාවේම ආදරේ දිනාගත් පබෝදා එම සිනමාපටයේ දෙවන කොටස වන ‘ගින්දරී සිනමාපටය හරහාත් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුනා. ඒ වගේම පබෝදාගේ පුංචි පුතත් එම සිනමාපටයේ පුංචි දර්ශනයකට සහභාගි වුණා. ඉතින් පබෝදා ඇයගේ පුංචි පුතා පිලිබඳ කිවුවේ මේ වගේ කටහවක්. ” මගේ පුතා සවේන්. එයා නොදන්නා කාලේ ඒ දර්ශනයට හිටියට දැන් එයා රඟපානවා තියා ෆොටෝ එකක් ගන්නවත් දෙන්නේ නෑ. එයානම් කලාවට එන බවක් පෙන්නේ නෑ අනේ මන්දා. ඉස්සරහට බලමු මොකද අපේ ලොකු අයියා බිමල් වුණත් පුංචි කාලෙ කැමරාවක් පැත්තෙ ආවෙ නෑනේ. ඒත් පස්සෙ ඒ අදහස වෙනස් වුණානේ.” කියලයි.

රටේ මේ පවතින තත්වය එක්ක කළා කරුවන් ගෙවන්නේ බොහොම අමාරු කාලයක් ඉතින් ඒ පිලිබඳ ඇය අපට කිවුවේ මේ වගේ කතාවක් ” මේකනම් හැමෝටම අමාරු කාලයක්. අපි දවස් පඩි කාරයෝ, මේ ප්‍රශ්නේ නිසා පටුපක් නැතිව මාස ගානක් ගෙදරට වෙලා ඉන්න වුනා. මම කවදත් පුළුවන් හැම සතේම ඉතිරි කරන කෙනෙක් ඒ නිසා ගොඩක් ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ. ඒත් පුතත් ඉන්න නිසා මම බය වුනා, කලින් කිවුවා වගේ අපි දවස් පඩි කාරයෝ නේ අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් වෙන්නෙ මේ තත්වය නිසා මම තේරුම්ගත්තා රංගනයට අමතරව ව්‍යාපාරයක්වත් කරන්න ඕන කියලා, කොහොම හරි මගේ පුතාව හොඳ මනුස්ස‍යෙක් කරන එක. ඒ වෙනුවෙන් මම ඕනෑම කැපකිරීමක් කරනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පබෝදාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.