අපිත් ආහාරයට ගන්නා කෘතීම ලෙස සකස් කරන ආහාර වර්ග 7 ක්

ඔබේ ආහාර වේලට එකතු කරගන්නා සෑම ආහාර ද්‍රව්‍යයක්ම එහි සැබෑ ස්වරූපයෙන් යුක්ත වන බවද ඔබ සිතන්නේ? එසේනම් එය වැරදි මතයකි. කුට වෙළෙන්දන් විසින් ලාභ අපේක්ෂාවෙන් හෝ වෙනත් කූට අපේක්ෂාවන් වෙනුවෙන් නියම භාණ්ඩ ලෙස අලෙවි කරනු ලබන බොහෝ නිෂ්පාදන ව්‍යාජ ආදේශක හෝ කෘතිම දේවල් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ඒවාය. ඒවා නියම භාණ්ඩ ද නැතිනම් ව්යාාජ භාණ්ඩ ද කියා වෙන් කර හඳුනාගන්නේ කෙසේද ? ඒවාගෙන් ඔබේ සෞඛ්යනයට හානි මතු නොවී ආරක්ෂා කරගන්නේ කෙසේද? ඊට පිලිතුරු ඔබට මේ ලිපියෙන් ලැබේවි.

1. වියළි කෝපි කුඩු

වියළි කෝපි කුඩු ලෙස අලෙවි කරන ඇතැම් නිෂ්පාදන වල අඩංගු කර ඇත්තේ පුළුස්සා කැබලි කරන ලද බාර්ලි ඇට, තිරිඟු ඇට සහා සෝයා බෝංචි විය හැකියි. නිෂ්පාදන වියදම් අවම කරගැනීමට ඇතැම් නිෂ්පාදන සමාගම් වියළි ලී කුඩු පවා භාවිතා කරන බව හෙලි වී තිබේ.
එබැවින් සෞඛ්‍යාරක්ෂාව සහතික කරගැනීමට නම් කෝපි ඇට මිලදි ගනිමින් නිවසේදීම කුඩු කරගැනීම සිදුකල හැකියි.

2. දෙළුම් යුෂ

බොහෝ විට මෙවැනි බෝතල් වල ලේබලයේ දැක්වෙන්නේ ඒවායේ 100% ක් ම දෙළුම් යුෂ සහා ක්රැලන්බරි යුෂ පමණක් අඩංගු වන බවයි. නමුත්, බොහෝ විට මේවයේ සාන්ද්‍රණය සිදුකර ඇත්තේ වැඩි වශයෙන් ජලය එක්කිරීමෙන් හෝ බාල වර්ගයේ ඇපල් යුෂ එක්කිරීමෙන් බවයි පැවසෙන්නේ. ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමේදි එහි ලේබලයේ දක්වා ඇති සංයුතිය සහා අඩංගු වන යුෂ ප්රදමාණයේ අනුපාතයන් වඩාත් සැලකිල්ලකින් කියවන්න.

3. ඔලිව් තෙල්

ඔලිබ් තෙල් මිලදී ගැනීමට අධික මිලක් ගෙවන වෙලාවේ ඒ මුදලට ඉරිඟු තෙල්, පාම් තෙල් හෝ සෝයා තෙල් වැනි තෙල් වර්ගත් මිලදී ගනියි. ඒ කිව්වේ ඔලිව් තෙල් වලට මේ තෙල් වර්ගත් කලවම් කර තිබෙන බවයි. වෙනස සොයා ගැනීමට හැකි පහසු ක්‍රමයක් ලෙස මෙය සිදුකර බලන්න: වීදුරුවකට ඔලිව් තෙල් ස්වල්පයක් දමා ශීතකරණයේ තබන්න. නියම ඔලිව් තෙල් නම් වීදුරුව අඩියේ අවසාදිත මෙන් තැන්පත් වී ඇති අයුරු ඔබට දැකිය හැකි වෙයි.

4. පාර්මේසන් චීස්

වැඩිම වශයෙන් ව්‍යාජ ලෙස සැකසෙන ආහාර වර්ගයකි. මේවායේ 10% ක් පමණ ඇත්තේ ලී පතුරු බව සොයාගෙන ඇත. බාල වර්ගයේ චීස් වර්ග කිහිපයක් එකට මිශ්‍ර කර පාර්මේසන් චීස් ලෙස කූට ලෙස අලෙවි කරන බවත් සඳහන් වේ. මිල ගෙවීමට පෙර, සම්පූර්ණ චීස් නිෂ්පාදනයක්ම අතට ගෙන එහි අන්තර්ගත ද්‍රව්‍ය දැනගැනීමට ලේබලය හොඳින් කියවා බලන්න.

5. මී පැණි

වෙළන්දපොලේ ඇති බොහෝ මී පැණි නිෂ්පාදන ව්යා ජ ඒවා බව නොරහසකි. මී පැණි ව්‍යාජ ලෙස සැකසීම එතටම් අපහසු දෙයක් නොවීම ඊට හේතුවයි. ඉන් බොහෝ නිෂ්පාදන ප්‍රමාණයක් සකස් කර ඇත්තේ වැඩි ෆෘක්ටෝස් ප්‍රමාණයක් විවිධ සිරප් වර්ග සමඟ මිශ්‍ර කිරීමෙනි. වෙනස සොයාගැනීමට හැකි එක් ක්‍රමයක් ලෙස: ගබඩා කල යුතු ආකාරය දක්වා ඇති උපදෙස කියවන්න. ස්වභාවික මී පැණි ශීතකරණයක ගබඩා කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහි එසේ සඳහන් වේ නම් බොහෝ විට එය ව්යාමජ නිෂ්පාදනයක් බව නිගමනය කල හැකියි.

6. සුෂී (sushi)

මෙම ආහාරයේ අඩංගු රතු පැහැති මාලු වර්ගය බොහෝ විට සැමන් මාලු නොවේ. විවිධ මාලු වර්ග වල සුෂී ඇණවුම් කල ද බොහෝ විට ඔබ අතට පත් වන්නේ බාල සහා ලාභ ආදේශක මාලු වර්ගයකින් සැකසූ ඒවා විය හැකියි. බොහෝ විට ඒවා වර්ණගැන්වීමට ද කෝකිවරුන් කටයුතු කරන බව හෙලි වී ඇත.ඔබ මාලු ආහාරයට ගන්නා විට මාලු කැබලි (steak) ලෙස ඇණවුම් කරන්න.

7. සහල්

වෙනත් ආහාර වලට වඩා මෙය වඩාත් භයානක බවින් වැඩියි. ඊට හේතුව වන්නේ බත් බොහෝ දෙනාගේ ප්‍රධාන ආහාර වේල වීමයි. ඉහත පින්තූරයේ දැක්වෙන ව්‍යාජ සහල් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ පිෂ්ටය සහා ප්ලාස්ටික් මිශ්‍ර. කිරීමෙන්ය. එම ඇට නියම සහල් ඇටවලට ඉතා සමාන අතර සුවඳින්ද සමානවේ. ඒවා සහල් වලට සමාන රසකාරකයන් භාවිතා කරමින් සකසන ලද ඒවාය. මේවා හඳුනාගැනීමට භාවිතා කල හැකි ක්‍රමයක් ලෙස සහල් ස්වල්පයක් වතුරට දමන්න. ව්‍යජ සහල් නියම සහල් ඇට මෙන් ජලයේ ගිලී නොයන අතර මතුපිට පාවෙයි. එමෙන්ම ඒවා ගිනි ගන්නා විට ප්ලාස්ටික් ආකාරයෙන් දැවෙයි. ඔබ සහල් මිලදී ගන්නා විට නිෂ්පාදක ආයතනය කෙරෙහි සැලකිලිමත් වන්න. සෞඛ්‍යාරක්ෂිත යැයි තහවුරු කල සන්නාම වල සහල් නිෂ්පාදන මිලදී ගන්න.