‘අපිට දැන්ම දරුවෙක් හදන්න බෑ’ ජනප්‍රිය නිලි ගීතිකා කියන කතාව

පුංචි තිරයේ දඟකාරියක් ලෙස නිරතුරුවම හමුවන ඇය ගීතිකා රාජපක්ෂ. බොහෝ දෙනෙක් ආදරයෙන් වැළදගත් උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ සුදුහාමිනේ චරිතය හරහා වඩාත් ජනප්‍රිය වු ඇය ගැනයි මේ කතාව. පොල්ගහවෙල ප්‍රදේශයේ උපත ලබන ගීතිකා පාසල් කාලයේ රංගනයට නර්ථනයට මෙන්ම ගායනයටද උපන් හැකියාවක් ඇති අයෙක්. ගීතිකා රංගනයට සම්බන්ධ වුනේ කොහොමද?, “මම රංගන කේෂ්ත්‍රයයට ඇවිත් අවුරුදු නවයක් විතර වෙනවා. මුලින්ම ආවේ වෙළඳ දැන්විමකින්. පස්සේ මියුසික් විඩියෝ එකකට සම්බන්ධ වෙන්න පුළුවන් වුනා. ඒ එක්කම මට ‘සිහින කිරිල්ලිය’ කියන ටෙලිනාට්‍යයට ආරාධනා ලැබෙනවා පොඩි පොඩි චරිත හරහා තමා මේ ගමන මුලින් ආරම්භ කලේ.”

ගීතිකා නිරතුරුවම දකින්නේ පුංචි තිරයේ. සිනමාවට ආසාවත් කැමැත්තක් නැද්ද, “මම වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය කරන්න. හැබැයි කාගේත් ලොකු හිනයක් තමා සිනමාවට සම්බන්ධ වෙන එක. මට වුනත් ඒ හීනය එහෙම තමා. ඉතින් මට සිනමාවටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි ඒවාටත් සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වෙනවා.”

ගීතිකා⁣ගේ පවුල් ජිවිතේ ගැන කතා කලොත්, “පවුල් ජිවිතේ වෙනසක් නෑ. අපි එදා යාළුවෝ වගේ ආශ්‍රය කරපු විදිහටම අදත් එකට ඉන්නවා. අපිව තේරුම් අරගෙන. වර්තමානය තත්වය එක්ක පවු⁣ල් ජිවිතේ බලාපොරොත්තු තියාගන්න ඇත්තටම අමාරුයි. වර්තමාන තත්වය එක්ක අපි ආස වුනත් දරුවෙක් ගැන හිතන්න අපිට කාලයක් යනවා. අනික අපි තාම ජිවිතේ විදින්න ගත්තා විතරයි.”

රංගනය පවුල් ජිවිතය අතරින් ඔබ වඩාත් මුල් තැන දෙන්නේ කොතනටද? “මම හිතන්නේ ඕනිම සාර්ථක පවුල් ජිවිතේක පැවැත්ම තියෙන්නේ ඒ පවුලට චෙන තැන එක්ක. මගේ ජිවිතේ මුල් තැන මගේ පවුලට. මොකද සතුටින් ජිවිත් වෙන්න පවුල ඇතුලේ සතුට පවතින්න ඕනි.” කළු සුදු චරිත අතරින් ගීතිකාට හිමි වන්නේ සුවිශේෂි තැනක්. ඒ නිසාම ඉදිරියේදි ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රෙක්ෂකයා හමුවට එන බවයි අප සමඟ කියා සිටියේ.