අපට ගන්න තියා හිතන්නවත් බැරි ලොව මිල අධිකම භාණ්ඩ වර්ග 15 ක්

වර්තමානයේ අලෙවි ක්ෂේත්‍රය තුල හිතාගන්නවත් බැරි තරම් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන භාණ්ඩ වර්ග කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. තරඟකාරී වෙළඳපොල තුල මේවා ඩොලර් මිලියන ගණන් යටතේ අලෙවි වේ. හැබැයි, ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදි ගන්නවා තියා හිතන්නවත් බැරි මිලගණන් තමයි මේ භාණ්ඩ වල ලේබලයේ සඳහන් වෙන්නේ. මේ භාණ්ඩ වල මිල ගණන් දකිද්දි මේ වගේ දේවල් මිලදී ගන්න තරම් පොහොසතුන් ඉන්නවාද කියා ඔබට කුතුහලයක් ඇති.ඔව් , එහෙම අය ඉන්නවා. කොතරම් විශාල මිලක් වුණත් මේ වගේ භාණ්ඩ වර්ග මිලදී ගන්න තරම් සුඛෝපභෝගි ජීවිත ගත කරන අයත් මේ ලෝකයේ ජීවත් වෙනවා. නිකමට හිතන්න ඇමෙරිකානු ඩොලරයක මිල ලංකාවේ මුදලින් රුපියල් 187.70 ක් කියලා! පහළින් දක්වා ඇති ලොව මිල අධිකම භාණ්ඩ වල මිල ශ්‍රී ලංකාවේ මුදල් අගයෙන් කොපමණ  මුදලක් වෙනවාද කියා ගුණ කරලා බලන්නකෝ! දැන්, තිබෙන්නේ ඔබ පුදුමයෙන් පුදුමයට පත් වෙන අවස්ථාවයි.

01. THEODENT මින්ට් දන්තාලේපය- ඩොලර් 99.99

මින්ට් දන්තාලේප වල විශේෂත්වයක් නැහැ කියලා හිතුනත්THEODENT දන්තාලේප කියන්නේ විශේෂ දන්තාලේපයක් ලෙස ප්‍රසිද්ධියට පත් නිෂ්පාදනයක්. එහි එක් අසමසම පේටන්ට් බලපත්‍රය සහිත Rennou නම් සංඝටකයක් අන්තරගත වෙනවා. එය වරක් භාවිතා කිරීමෙන් දත් ශක්තිමත් කරවන අතර දවස පුරාවට දත් ආරක්ෂා කරයි.

02. ඩොලර් 299.95 ක් වටිනා වැසිකිළි ආසනයක්

මෙය අතින් නිර්මාණය කරන ලද carbon fibre වලින් තැනූ වැසිකිළි ආසනයකි. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකසා තිබීම, සැහැල්ලු බරකින් යුක්ත වීම සහ සීමිත නිෂ්පාදනයක් වීම නිසාම මේ සඳහා වැඩි අවධානයක් ලැබි ඇති බවයි පැවසෙන්නේ.

03. ඩොලර් 638 ක මිලකින් යුත් හෙඩ්ෆෝන් එකක්

මෙම GOLDSTRIKER හෙඩ්ෆෝන් විශේෂය සකසා ඇත්තේ නියම කැරට්-24 දියමන්ති ඔබ්බවා ඇති සැකැස්මකිනි.

04. ඩොලර් 1188 ක මිලකින් යුත් වූල් මේස්

FALKE වෙළඳසන්නාමය විසින් තම වූල් මේස් නිෂ්පාදන ඉතා සිමිත පරාසයකින් යුතුව වෙළඳපොළට නිකුත් කර තිබේ. එහි ඇත්තේ මේස් කූට්ටම් 10 ක් පමණි. ඒවා නිමවා ඇත්තේ vicuna wool විශේෂයෙනි.ඒවා හඳුන්වන්නේ ලොව දුර්ලභම සහ මිලෙන් අධිකම වූල් වර්ගය ලෙසයි.

05. ඩොලර් 3360 ක් වටිනා වළාකුළු හැඩයේ විදුලු ලාම්පුවක්

Kaufman Mercantile ආයතනයේ නවතම සැරසිලි ලාම්පු විශේෂය තමයි මේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන් කාමරය ආලෝකවත් කිරීම පමණක් නොව කුණා‍ටුවක වැනි ස්වභාවික ශබ්දයන් ද නිකුත් කිරීම නිසයි (ගිගුරුම් හඬ සහ වැස්සේ හඬ). එමෙන්ම ඔබට කැමති ලෙස වළාකුලේ දීප්තිය සහ වර්ණය වෙනස් කරගැනීමේ හැකියාවත් තිබෙනවා.

06. ඩොලර් 5415 ක් වටිනා මුලුතැන්ගෙයි පිහියක්

Nesmuk ආයතනය විසින් හඳුන්වාදී ඇති මෙම පිහිය මිලෙන් ඉතා අධිකයි වගේම වටිනාකමින් ඉතා ඉහළ වේ. එහි තලය සකසා ඇත්තේ carbon steel වලිනි.හැඬලය බර්ච් ශාකයේ ලීයෙන් වන අතර බෝල්ස්ටර් කොටස සකසා ඇත්තේ රිදියෙනි. මෙම පිහිය අසුරා ඇත්තේ ලැකර් ආලේපිත පෙට්ටියකය. එය ලෙදර් ආවරණයක බහාලා ඇත. එමෙනම් පෙට්ටිය ඇතුලත පිහි මුවහත්කරණයක් සහ විශේෂිත පිහි තෙල් වර්ගයක් ද ලබාදේ.

07. ඩොලර් 13,400 ක මිලකින් යුත් පැන්සල

ජර්මානු සමාගමක් වනFaber-Castell විසින් තම ව්‍යාපාරික ජන්ම දින සැමරුම වෙනුවෙන් මෙම සරල පැන්සල එළිදක්වනු ලැබුවා. නමුත්, මෙහි තිබෙන එකම සරල දේ වෙන්නේ එහි අඩංගු ඊයම් කොටස පමණයි. පැන්සල නිමවා ඇත්තේ සීඩර් හෙවත් දේවදාර දැවයෙනි. එහි කැප් කොටස නිමවා ඇත්තේ සුදු රත්‍රං වලින් වන අතර දියමන්ති 3 ක් සහිත පිටත ආවරණයක් ඇත.

08. ඩොලර් 14,161 ක මිලකින් යුත් Monopoly board එක

ZONTIK ආයතනය හඳුන්වාදී ඇති මෙය ඉතා ජනප්‍රිය වගේම මිලෙන් අධික නිෂ්පාදනයක්. එය නිමවාඅ ඇත්තේ ලෙදර් භාවිතයෙන් වන අතර අකුරු සටහන් තබා ඇත්තේ රත්‍රං වලිනි. එහි ඇති කොටස් තනා ඇත්තේ රිදී භාවිතා කරමින්ය.

09. ඩොලර් 25,850 වටිනා iPhone 7

Stuart Hughes නම් ලිවර්පූල් හි වාසය කරන ආභරණ නිර්මාණශිල්පියා විසින් සුප්‍රසිද්ධ ඇපල් නිෂ්පාදනයක් වන iPhone 7 දුරකථනය වැඩිදියුණු කල විලාසිතාවකින් තම දැතින්ම නිර්මාණය කලේය. එය සම්පූර්ණ කැරට් 24 රත්‍රං වලින් නිමවා ඇත.

10. ඩොලර් 100,000 මිලකින් යුත් රේසරය

මෙය Zafirro ආයතනයේ නිෂ්පාදනයකි. එහි හැඬලය ඉතා විශේෂ වේ. ඊට හේතුව එය නිමවා ඇත්තේ උල්කා අවශේෂ වල පමණක් සොයාගත හැකි ලෝහ වර්ගයකින් වීමයි. එහි තලය සකසා ඇත්තේ white sapphire පාෂාණයෙන් වන අතර ගුළු ඇණ හෙවත් pivot pins සකසා ඇත්තේ ප්ලැටිනම් වලිනි.

11. ඩොලර් 1,558,335 වටිනා වැසිකිළි කඩදාසි

Toilet Paper Man ආයතනය හඳුන්වාදි ඇති මෙම වැසිකිළි කඩදාසි නිමවා ඇත්තේ කැරට් 24 රත්‍රං වලිනි. මෙම ඕස්ට්‍රේලියානු සමාගම මෙම රෝලක් ඩොලර් මිලියන 1.5 ඉක්මවන මුදලකට මේවා අලෙවි කිරීමට සූදානමින් සිටියි.

12. ඩොලර් 3,000,000 ක් වටිනා තේ පෝච්චියක්

Chitra’s collection හි අලුත්ම නිර්මාණය තමයි මේ. මෙය නිමවා ඇත්තේ රත්‍රං වලින්ය. එය සැරසීම සඳහා දියමන්ති කැට 1,500 ක් සහ රූබි කැට 500 ක් භාවිතා කර ඇත. මේ සඳහා ගැනුම්කරුවන් විශාල පිරිසක් ඉදිරිපත් වී සිටින නිසා එහි වටිනාකම ඩොලර් මිලියන 3 ඉක්මවනු ඇති බවයි කියන්නේ.

13. ඩොලර් 3,800,000  ක් වටිනා හෑන්ඩ්බෑග් එකක්

Mouawad ආයතනය වෙළඳපොලට හඳුන්වාදී ඇති මෙම බැගය නිමවා ඇත්තේ කැරට් 18 රත්‍රං වලින් වන අතර එහි පිටත ආවරණය වෛවර්ණ දියමන්ති 4,517 කින් සරසා ඇත.

14. ඩොලර් 70,000,000 ක් වටිනා මුද්දක්

දියමන්තියක් නැති දියමන්ති වලින් තැනු මේ මුද්දShawish ආයතනයේ නිර්මාණයක්.

15. ඩොලර් 2,500,000 ක් වටිනා වැසිකිළියක්

රත්‍රං වලින් සැකසු වැසිකිළි ආසන ගැන ඉතිහාසයේ පවා සඳහන් වන අවස්ථා තිබෙනවා. වර්තමානයේ නම් එහි වැඩිම අවධානය යොමුවන්නේ කොන්ග් කොං හි පිහිටි මෙම අපූරු වැසිකිලි නිර්මාණය දෙසටයි. මෙය Fung Gold Technology Group නම් ආයතනය විසින් 2001 වසරේදි නිර්මාණය කරන ලද්දකි. එය නිමවා ඇත්තේ කැරට් 24 රත්‍රං වලිනි.