‘අනේ සත්තයි මම ආදරේ ගැන හිතුවෙම නැහැ’ ජනප්‍රිය ගායිකා නුවන්දිකා සේනාරත්න කියන කතාව

අපේ කාලයේ ගායන තරු බොහොමයක් බිහිවෙන්නේ රියල්ටි වැඩසටහන් වලින්. ඉතින් මේ වගේ රියැලටි වැඩසටහන් වලින් එන ගොඩක් තරු කාලයක් එක්ක නොපෙනී යනවා. නමුත් අපි අද කතා කරන්නේ ඒ වගේ සැඟවගිය තරුවක් ගැන නෙවෙයි. තවමත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායන ලෝකයේ සුන්දර හඬකට වගේම ඊට නොදෙවෙනි සුන්දර රුවකට උරුමකම් කියන ගායන ශිල්පිනියක් වන නුවන්දිකා සේනාරත්න පිළිබඳවයි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් දෙවන ස්ථානය දිනාගත්තේ ඇයයි.

එම තරඟයේදී කීර්ති පැස්කුවෙල් මහතා කියනවා නුවන්දිකා ඔහුගේ දුව කරගන්න කැමතියි කියලා, ගායන ලෝකයේ ප්‍රවීනයෙක්ගෙන් එවැනි වචනයක් අහන්න ලැබීමත් ගායිකාවකගේ වාසනාවක් ඉතින් ඒ සිදුවීම පිනිබන්ද නුවන්දිකා කියන්නේ මේ වගේ කතාවක්. ”ඇත්තටම ඒක මට ලබාදුන්න උතුම් ගෞරවයක් විදියටයි මම දකින්නේ. දුවෙක්ට ඒ තරම් ගෞරවයක් මේ ලෝකේ තවත් නැහැ.” කියලයි. නුවන්දිකා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇයට ආදර යෝජනා නිතරම වගේ එනවා ඇති ඒ සම්බන්දව විමසුවා පැනයකදී ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ”අනේ සත්තයි මම ඒ ගැන හිතුවෙම නැහැ. ගායිකාවක් වීමේ සිහිනයෙන් මගේ හදවත පිරිලා තිබ්බේ. වෙන කිසිම දේකට ඉඩ තිබුණේ නැහැ. ආදර යෝජනා ලැබුනා නමුත් මගේ සිහිනය වුනේ ගායිකාවක් වන එක.” කියලයි. ඉතින ගායිකාවක ලෙස හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නුවන්දිකා සේනාරත්නගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.