අනුහස් අයියා තමා මට ගොඩක්ම උදවු කරන්නේ – දෙවෙනි ඉනිමේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ සූරිය කුමරිය ලෙස කිරුළ හිමිකරනු ලබන ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණය තුළින් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට අලූතින් එක් වූ සහේළි නම් චරිතයට පණ පොවමින් බොහෝ දෙනා ගේ අවධානයට ලක්ව සිටින යුවතිය බවට පත්ව සිටිනවා. ඉතින් අපි හිතුවා ලංකාව ආදරේ කරන සහේලි එක්ක එහෙමත් නැත්නම් ඉමාෂා එක්ක පොඩ්ඩක් කතා කරන්න,

ඉමාෂා රංගනයට පිවිසෙන්නේ කොහොමද..?

මම රූපවාහිනී මාධ්‍යයට එන්නේ මගේ සහෝදරයා නිසා. එයා වෘත්තීමය සිනමා හා ටෙලි නාට්‍ය නිශ්චල ජායාරූප ශිල්පියෙක්. මගේ මල්ලිගේ දැන හැදුනුම්කම් හරහා මට වෙළෙද දැන්වීම් කිහිපයකටම පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. එහෙම තමා මේ ගමන පටන්හත්තේ

ඉතාකොට ඉමාෂා දෙවෙනි ඉනිමේ සහේළි බවට පත්වෙන්නේ කොහොමද ?

දෙවෙනි ඉනිමෙහි ඉන්න කිහිප දෙනෙක්ම මාව සහේලිගේ චරිතයට ගැලපෙනවා යෝජනා කරලා තිබුණා. ප‍්‍රභාත් චතුරංග අයියා මාව පෙන්වලා තිබුණා දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයාට හා එහි නිෂ්පාදිකාව වන චාමිකා මෙන්ඩිස් මහත්මියට. ඒ අනුව ඔවුන් මට කිව්වා ඇවිත් මුණගැහෙන්න කියලා. ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස් දෙක තුනක් තිබ්බා ඒ හදුනාගැනීමෙන් පස්සේ ඔවුන් සහේලිගේ චරිතය රගපාන්න මට යෝජනා කළා.

දෙවෙනි ඉනිමෙන් ඉවත්කළ සමල්කා ගේ චරිතයේ හිස්තැන වෙනුවෙන්ද සහේලිගේ චරිතය නිර්මාණය කරන්නේ..?

සමල්කාගේ චරිතය මෙම නාට්‍යයේ පැවතීම හෝ එම චරිතය නාට්‍යයෙන් ඉවත්ව යෑම පිළිබදව ඇත්තටම මගේ කිසිම අදහසක් නැහැ. මෙම නාට්‍යයේ තිරපිටපත ලියන සමන් ප‍්‍රියංකර අයියා සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයා ගේ අදහස් අනුවයි එහි ඇති චරිත හා එවායේ ඉදිරි ගලායෑමේ ස්වභාවයන් තීරණය වෙන්නේ.

ඉමාෂාට මෙම චරිතය සාර්ථක කරගන්න උදව් ලැබෙන්නෙ කාගෙන්ද ?

දෙවෙනි ඉනිමේ අනුහස්ගේ චරිතය රගපාන රවීන් අයියා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම දෙනුවන් සේනාධීර අයියා ගොඩක් උදව් කරනවා. සමස්තයක් විදිහට ගත්තම නාට්‍යයේ නිෂ්පාදකවරිය හා අධ්‍යක්ෂකවරයා ඇතුළුව සියලූම නාට්‍ය කණ්ඩාය මට උදව් කරනවා. ඒ හැමෝම මට ගොඩක් ආදරෙයි,

ඉමාෂාගෙ පුද්ගලික තොරතුරු මොනවද ?

මගේ ගම බදුල්ල. ගොඩාක් සුන්දර පලාතක්, මම ඉපදුනේ එහෙ. අදටත් මගේ පදිංචිය බදුල්ල මගේ තාත්තා බන්දුල සෙනෙවිරත්න. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. දැන් තාත්තා ඌව පළාත් මාර්ග අධ්‍යක්ෂවරයා විදිහට රැකියාව කරනවා. මගේ අම්මා ශ‍්‍රීමති තිලකරත්න. ඇය ඉංග‍්‍රීසි ගුරුවරියක්. මල්ලි තිළිණ බුද්ධික සෙනෙවිරත්න එයා වෘත්තීය ජායාරූප ශිල්පියෙක්.

සහේලිගේ චරිතය වෙනුවෙන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙන නේද ?

මගේ යාළුවෝ හරියට අගේ කරනවා වගේම සතුටු වෙනවා. ඒ යට ගොඩාක් සතුටුයි ඒ වගේම පාර තොටේ යද්දි ගොඩක් අය මාව දෙවෙනි ඉනිමේ සහේලිගේ චරිතය කරන කෙනා කියලා අදුරගන්නවා. ගොඩක් අය මගෙත් එක්ක කතා කරනවා මය ගොඩාක් සතුටුයි. ඒක මගේ ජිවිතයට අලූත් අත්දැකීමක්.

ඉමාෂා මේ වනවිට ආදරය විවාහය වැනි ජිවිතයෙ තිරණත් අරගෙනද

තවම මම ඒ තීරණය අරගෙන නැහැ. ඒක ඉදිරියේදී හිතන්න බලාපොරොත්තු වෙනවා. බලමු හොඳ කෙනෙක් හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා