අන් අයට ඔබව අප්‍රසන්න ලෙස පෙනෙන්නට බලපාන හැසිරීම් 13ක්

අන් අය කෙරෙහි යම් අදහසක් හෝ හැඟිමක් ඇති වීමට මුල් වන්නේ ඔවුන් හා අප අතර ඇති වන සන්නිවේදනයයි. කතාබහ හරහා ඔවුන් පිළිබඳව අප දැනකියාගන්නා තොරතුරු අනුව ඔවුන් කෙරෙහි බොහෝ දුරට නොවෙනස් වන නිගමනයකට, අදහසකට එලඹීම සිදුවෙනවා. කෙනෙකු කෙරෙහි ඇති වන කැමැත්ත හෝ අකමැත්ත තීරණය වන්නේ ඒ ආකාරයටයි.තමන් ගැන තවත් කෙනෙක් පැහැදීමකින් කතාකරනවාට කවුද අකමැති? හැබැයි, අන් අය තුල තමන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇතිකරවීමට සිතා අප කරන කියන දෙවල් වලින් ඇතැම් විට වැරදි වැටහීම් පවා ඇතිවිය හැකියි. අපේ ඇතැම් හැසිරීම් නිසා අපේ ප්‍රතිරූපයට පවා හානිවීමට ඉඩ තිබෙනවා.
ඔබ ගැන අන් අය වැරදි වැටහීම් ඇති නොවීමටනම් මේ වැරදි හැසිරීම් වලින් හැකිතාක් වළකින්න.

සමාජ ජාලා භාවිතය

• ඡායාරූප ‍රැසක් පළ කරන මිතුරෙක්/ මිතුරියක් ඔබේ සමාජ ජාලා ගිණුම් වලත් සිටිනවාද?

ඒකාකාරි ස්වභාවයකින් යුත් ඡායාරූප බොහෝ ප්‍රමාණයක් සමාජ ජාලා ගිණුම් වලට එක්කර තිබේනම් ඉන් කියවෙන්නේ ඒ පුද්ගලයා ආත්මාර්ථකාමී සහා නාසිස්ම (අසාමාන්යකය ලෙස තම රූපයට වශීවීසිටීම) ගතිලක්ෂණ වලින් යුත් පුද්ගලයෙක් බවයි.

• මුහුණේ සමීප ඡායාරූප (අඟල් 15 ක පමණ දුරින් ලබාගත්) වලින් විශ්වාසකල නොහැකි සහා අදක්ෂ පුද්ගලයෙකු ලෙස පෙන්නුම්කරන බව කියවේ.

• සමාජ ජාලා ගිණුම් වල බොහෝ මිතුරන් සිටින පුද්ගලයින් තමන්ට ලැබී අති ජනප්‍රියතාව ගැන වැඩියෙන් සිතන්නට පෙලඹෙන බවත් ඒ හේතුව නිසාම තමන් කතාකිරීමට වැඩිපුර කැමති අයෙක් සහා සතුටින් සිටින අයෙක් බව අන් අයට පෙන්වීමට උත්සාහකරයි. හැබැයි,අධ්ය්යනයකින් තහවුරු වී ඇත්තේ ගිණුම් වල මිතුරන් 100-300 ක් වැනි සීමිත මිතුරන් ගණනක් සිටින පුද්ගලයින් සැබැවින්ම ආකර්ෂණීය පුද්ගලයින් වන බවයි.

හැඟීම්/ චිත්තාවේග

• කෙනෙකු තම සැබෑ හැඟිම් නොපෙන්වා සැඟවීමට උත්සාහකරයි නම් ඉන් කියවෙන්නේ ඔහුට/ඇයට අන් අය කෙරෙහි එතරම් උනන්දුවක් නැති බවයි. එවැනි අයව තේරුම් ගැනීමට අපහසු නිසා ඔවුන්ට අනුකම්පා කිරීමට හෝ සහාය වීමට නොහැකිවී යයි.

• යම් කෙනෙක් ඔහුගේ/ඇයගේ චිත්තාවේගයන් අධික ලෙස පිටතට පෙන්වයි නම්, ඔහු/ඇය ආවේගශීලී සහා හිතුවක්කාර පුද්ගලයෙකු බව අන් අය වටහාගැනීමට ඉඩ ඇත.
කතා විලාසය

• තවත් කෙනෙකු ගැන හොඳින් දැන ගැනීමට හැකි හොඳම විදිය තමයි කුඩා කාලයේ මතකයන්, විනෝදාංශ ආදී පෞද්ගලික තොරතුරු හුවමාරු කරගැනීම. හැබැයි, වෙනත් කවුරුන් හෝ කිසිවෙකුට නොකියන ලෙස ඔබට පැවසූ දෙයක් ඔබ ඒ අතරේ එම පුද්ගලයාට හෙලිකිරීමට යාම ඇත්තෙන්ම නුසුදුසු දෙයක්. ඔබේ මෙවැනි ක්රිමයා නිසා ඔබව අවිශ්වාසනීය සහා කේලාම් කියන පුද්ගලයෙකු බව ඔහු/ඇය වටහාගැනීමට ඉඩ තිබෙනවා.

• තමන් ගැනම කතාකරන පුද්ගලයින්ට වැඩිදෙනෙකු කැමති නැහැ. තමාව වර්ණනා කරගනිමින් කතාකිරීමෙන් අදහස් වන්නේ ඒ පුද්ගලයා අන් අය කෙරෙහි උනන්දුවක් නොදක්වන අයෙකු බවයි. මේ වගේ හැසිරීම් වලින් ඔබ අන් අයට වඩා තමන් දක්ෂ යැයි සිතාසිටිනවා කියා අන් අයට වැරදි වැටහීම් ඇති විය හැකියි.
• අහංකාර වදන් පවසා මිනිසුන්ගෙන් ඈත් වීම නිසා ඔබ ආකර්ෂණීය නොවන ,විවෘත නැති පුද්ගලයෙකු සේ වටහා ගැනීමට ඉඩ තිබෙනවා.

හැසිරීම් රටා

• ඕනාවට වඩා කෙනෙකු විනීතව හැසිරෙනවානම් අනෙක් පුද්ගලයා තුල ඔහු/ ඇය කෙරෙහි සැකයක් හටගත හැකියි. එසේ විනීතව හැසිරීම පි‍ටුපස සැඟවුණු අරමුණක් ඇත්දැයි කුතුහලයක් ඇති වීම ඊට හේතුවයි.

• පසුතැවිලිවීම හෝ කෙනෙකුගේ උදාසීනබව තුලින් කිසිවෙකුගේ විශ්වාසය දිනාගැනීමට නොහැකියි. ඔහු/ඇය ඔබට කැමතියි සිතා හැසිරෙන්න. එවිට ඔබ බලාපොරොත්තු වූ ආකාරයේ පිළිගැනීමක් ලැබේවි.

• කෙනෙකු විසින් තමා ප්‍රසිද්ධ පුද්ගලයින් හමුවී ඇතැයි හෝ හඳුනන බව නිතර පවසයි නම්, ඔබ අන් අයට ඒත්තුගැන්වීමට උත්සාහ දරන අයෙකු ලෙස පෙනීමට පුලුවන්. ඒ වගේම අන් අයට වඩා ඔබ විශිෂ්ඨයෙකු යැයි ඔබ සිතාගෙන සිටින බව ඔවුන් වැරදි ලෙස වටහාගැනීමට ඉඩතිබෙනවා.
සිනහව

• ඔබේ සිනහව අවංකද නැතිනම් මවාපෑමක් ද කියා ඔබේ මුහුණෙන් හඳුනාගන්න පුලුවන්.අවංකව සිනහ වන විට ඇස් දෙපස ‍රැලිවීයයි. ඔබ සිනහ වෙනවාද නැතිනම් රවනවාද කියා කිහිපවරක් ඔබේ මුහුණ දු‍ටු විට පහසුවෙන්ම කීමට හැකියාව ලැබෙනවා.

• කෙනෙකුගේ විශ්වාසය දිනාගැනීමට ඉරියව්වටත් වඩා සිනහසීම ප්රපමාණවක් යැයි සඳහන් වෙනවා. මෙසේ හෙලිකරන්නේ එක්තරා අධ්යමයනයකිනි. එහිදී වැඩිදුරටත් සඳහන් වී තිබුණේ කෙනෙකුගේ ඉරියව්වටත් වඩා ඔහුගේ/ඇයගේ සිනහව නිසාම මිනිසුන් පිලිගැනීමට ලක්වන බවයි.