‘අන්තිමට මට ඉතුරු වුණේ ඇඳගෙන හිටපු ඇඳුම විතරයි’ තවමත් තනිකඩ සනෝජා බිබිලේ කියන කතාව

ලංකාවේ සිනමා ලෝකය කියන්නේ වෙනස්ම කලාවක්. අපේ සිනමා නළුනිළියන්ට ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙයි. ඉතින් මේ සිනමා ලෝකේ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි සනෝජා බිබිලේ කියන්නේ. 1961 වර්ෂයේ දෙසැම්බර් මස 27දින මහනුවරදී උපන් ඇය සිනමාපට 20කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අතරින් ‘චෙරියෝ ඩාලින්’ ‘සීතා මම ආවා’ ‘අවරගිර’ වැනි සිනමාපට ලංකාවේ අතිශය ජනප්‍රිය සිනමාපට බවට පත්වුනා.

ඉතින් මේ විදියට ලංකාවේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටපු සනෝජා තවමත් තනිකඩයි, ඉතින් ඇය තනිකඩව අවිවාහක වෙන්න හේතුව පිලිබඳ කියන්නේ මෙන්න මෙහෙමයි. මම ආදරේට පුදුමාකාර විදිහට ආදරේ කරන කෙනෙක්. ආදරය කියන අකුරු හතර සෙල්ලමට ගත්තෙ නැති කෙනෙක්. මට හම්බවෙච්ච ගොඩාක් අය බලාපොරොත්තු වුණේ ඒ ගොල්ලන්ගෙ ජීවිත මම තුළින් සම්පූර්ණ කරගන්න. ගැහැනියක් හැටියට මට ඕනෙ වුණේ තව කෙනෙකුගෙ රුකවරණයක්. මාව ආදරෙන් බලාගන්න කෙනෙක්. ඉදිරියේදී හොඳ කෙනෙකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් මගේ නංගිවත් බලාගන්න කැමති හොඳ කෙනෙක් උනොත් සලකා බලනවා ආදරේ කියන අකුරු හතරට ගරු කරන පුද්ගලයෙක් මට මේ වෙනකම් හම්බවෙලා නැහැ. කොහොම වුනත් මගේ ජීවිතේ අවසාන කාලෙ මම මෙහෙනි සස්නෙට යනවා කියලත් කේන්දරේ තියෙනවා. සමහර වෙලාවට එක ඇත්ත වෙන්න පුළුවන්. කියලයි. ඒ වගේම සනෝජා බිබිලේ කියන්නේ ජීවිතයේ ගොඩක් කරදර වලට මුහුණ දුන් කෙනෙක් අය ඒ අමිහිරි මතක අලුත් කලේ මෙහෙමයි ” අසූ ගණන්වල Miss Asia රෑ රුජන තරගයෙන් හතරවෙනි තැන දිනලා ලන්ඩන් නුවරින් ආවම මගේ මුලු ගෙදරම හොරු සුද්ධ කරලා. මට ඉතුරු වුණේ මං ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. ආසාවෙන් එකතු කරපු සේරම හොරු අරන් ගියා. ගෙදර තිබ්බ කොට්ට උර පවා. ඊට පස්සෙ මගේ අම්මා අක්කට දෙන්න දීපු ලක්ෂ 37ක රත්තරන් බඩු හොරකම් කළා. මේ දේවල් නිසා මගේ ජීවිතේ ආසාවල්, බැඳීම් සේරම අයින් කරගත්තා.” කියලයි ඉතින් සිනමාව හරහා හැමෝගෙම හිත දිනාගත් සනෝජා බිබිලේගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.