අන්තරේ ලහිරු සමග විවාහ වුන දෙරණේ තිළිණි ලහිරු ගැන කියන කතාව

ටීවී දෙරණ නාලිකාවේ පුවත් ඉදිරිපත් කරන නිවේදිකාවන් අතරින් ඔබෙත් මගෙත් අවධානය දිනාගත් සුන්දර නිවේදිකාවක් තමයි තිලිනි නානායක්කාර කියන්නේ. ඇය පිලිබඳ හැමෝම කතාවෙන්න පටන්ගත්තේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එහෙමත් නැත්නම් අන්තරේ ලහිරු සමග විවාහ වීමත් සමහ, ලහිරු සහ ඉතිනි ආදර කතාව පටන්ගත්ත විදිය පිලිබඳ තිලිනි අපිට කිවුවේ මෙන්න මෙහෙමයි

” මම මුලින්ම ජොබ් එක කලේ වන් ශ්‍රී ලංකා කියන සැටලයිට් චැනල් එකේ, පුවත් නිවේදිකාවක් විදියට, ඒ වෙලාවේ ලහිරුත් ආවා ශ්‍රී ලංකා එකේ වැඩට එහෙදි තමයි මම මුලින්ම ලහිරුව දකින්නේ. මාව දැක්ක ගමන් ලහිරුට නම් මම ගැන ආදරයක් ඇතිවෙලා. නමුත් ඒක ඔහු මට කිව්වෙ නැහැ. හැබැයි ඉතා කෙටි කාලයක් ඇතුළත ලහිරු මගේ හොඳම යාළුවා වුණා. මෙගේ ජීවිතයේ හැම ප්‍රශ්නයක්ම මම කතා කළේ ලහිරු එක්ක. ගෙදර ප්‍රශ්නයක් වුණත් මම ඇවිත් කියන්නේ ලහිරුට. වසින් දවස අපේ යාළුකම වැඩිවුණා. ඉතින් මමත් දවසින් දවසම මටත් නොදැනීම ලහිරුට ළං වුණා.

ඇත්තම කියනවනම් මේ ලෝකේ මම දැක්ක නිහතමානීම පිරිමියා ලහිරු. එයා ගොඩක් අහිංසක කෙනෙක්. මට වඩා ගොඩක් හොඳ ගතිගුණ මම ලහිරුගෙන් දැක්කා. යාළුකම අපටත් නොදැනීම ආදරයක් බවට පත් වුණා.කාලයක් යනකොට මගේ හිතෙත් ලහිරු ගැන ලොකු ආදරයක් ලියලන්න ගත්තා… දෙන්නට දෙන්නා ගොඩක් ආදරය කරන්න ගත්තා. ලහිරු හැම මොහෙතම මට කතා කළා, එයා නිතරම මාව බලන්න ආවා, පුංචි දෙයක් වුණත් ලහිරු මාව බලන්න එනවා. පුදුමාකාර ආදරයක් තිබුණේ.

මම තදින්ම විරුද්ද වුනා එයා අන්තරේ සභාපති වෙන එකට. ලහිරු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා කිව්වාම ඇත්තටම මට දැනුණේ කේන්තියක්. මම ගොඩක් ලහිරුට බැන්නා. නමුත් එයා කිව්වේ මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. අපේ ගෙවල්වලින් මේ සම්බන්දෙට කැමති වුනේ නෑ ඒ ලහිරුගේ දේශපාලනය නිසා, අන්තරේ සභාපතිකම එක්ක එයා ගොඩක් කාර්යබහුල වුනා ඉස්සර වගේ මාව බලන්න එන එක නතර වුණා. මාත් එක්ක කතා කළත් අවධානය තියෙන්නේ වෙන දේකට. මට දුකයි. මම අඬනවා. බැරිම තැන මම ලහිරුට කිව්වා අපි මේ සම්බන්දෙ නතර කරමු කියලා. නමුත් අපේ සම්බන්ධය නතර කරන්න ලහිරු කැමැති වුණේ නැහැ. ඔහුට මාව ගොඩක් ඕන කියලා මට දැනුණා. ඉතින් මට එයා දාලා යන්න හිතදුන්නේ නෑ, අවසානයේ අපි විවාහ වුනා, දැන් අපේ පුංචි කැදැල්ල ලස්සන කරන්න පුංචි දොනියෙකුත් ඉන්නවා” ඉතින් පුංචි බිලිඳියකට දෙමාපියන් වුන මේ දෙපලට අපි හදවතින්ම සුබපතමු නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.