අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පහසු ක්‍රම 5ක්

අපේ රටේ සෘතු භේදයක් නැතත් යුරෝපීය රටවල්වල නම් එහෙම නෑ. ඉතින් ඔවුන් ගිම්හානය ආවම සැහැල්ලු ඇඳුම් පැළඳුම් වලට මාරු වෙනවා. මොකද රස්නය වැඩි නිසා. ඒවගේම ඔවුන්ගේ ශරීරය නිරාවරණය වෙන ප්‍රමාණය වැඩියි. එහෙම උනත් නොවුනත් ලොවපුරා මිනිසුන් තමන්ගේ අනවශ්ය රෝම අයින් කරන්න පෙළඹෙනවා. වැඩිපුරම කාන්තාවන් ඉතින් අපිට ලේසිම ක්‍රමය රේසර් කරන එක. ඔව් ඒත් රේසර් කරනකොට හම සීරෙන්න, ඉරිතලායන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපේ කිහිලි ප්‍රදේශවල අමාරුවක් නැතුව රෝම ඉවත් කරගන්න පුළුවන් ක්‍රම බලමු. අපිට සුලබව හොයාගන්න පුළුවන් මේ දේවල්වලින් රෝම ඉවත් කරගන්නේ කොහොමද කියලා අපි බලමු.

1.සීනි සහ දෙහි යුෂ

අපිට සුලබව හොයාගන්න පුළුවන් මේ දේවල් වලින් රෝම ඉවත් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේකත් වැක්ස් එකක් වගේ තමයි. රෝම ඉවත් කරද්දි පොඩි රිදීමක් දැනුනත් මේ ක්‍රමෙන් රෝම ඉවත්කල හම, සති 4 වගේ කාලයක් මේකෙ ප්‍රථිපල රඳා පවතිනවා. අපි එහෙමනම් ඒක හ්දාගන්න විදිය බලමු.
(ඔයා මේකට මීපැණි එකතු කරනවා නම් මයික්රෝ වේව් එකේ දාලා හදන්න)

*සීනි කෝප්ප – 1 ක්
*මී පැණි කෝප්ප – 1/4
*දෙහි / ලෙමන් යුෂ මේස හැඳි -2

මේ ජාති තුන භාජනයක හොඳට මිශ්‍රකරලා මයික්රෝවේව් උඳුනේ විනාඩි දෙකක් රත්කරගන්න. තත්පර තිහෙන් තිහට වගේ හොඳින් කලවම් කරලා පස්සේ හොඳට නිමෙන්න අරින්න. නිමුනට පස්සේ ඔයාට මේක පාවිච්චියට ගන්න පුළුවන්.

දෙහි යුෂ කියන්නෙ ආම්ලික දෙයක් ඒ වගේම බ්ලීචින් ගුණය සහිතයි. ඒ නිසා ඒකෙන් රෝම කූප වර්ධනයවීම අඩාල කරනවා.ඉතින් ඒක කරන්න ක්‍රමය අපි බලමු.

සීනි මේස හඳි දෙකක් සමග උණු වතුර කෝප්ප 1/2 මිශ්‍ර කරගන්න. එයට දෙහි යුෂ මේස හැඳි 1/2 එක්කරන්න. කිහිලි ප්රදේශයේ මේක ආලේපකරල විනාඩි 20ක් තියෙන්නඅරින්න. මද උණුසුම් වතුරෙන් සෝදාහරින්න. මේක සතියට දෙතුන්පාරක් කරනවා නම් ඔයාට හොඳ ප්‍රථිපල ලැබේවි.

  1. බිත්තර සුදුමදය හා කෝන් පිටි

ඔයා මූණෙ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අයින් කරන්න ෆේස්මාස්ක් දානවා නේද? ඉතින් අපිට කිහිලි ප්රදේශවලටත් මේකකරන්න බැරිද? පුළුවන්. මේ ජාතිදෙකෙන් ඒක කරන්නෙ කොහොමද කියල අපි දැන් බලමු.

බිත්තරයක සුදු මදය වෙන්කර ගන්න. එයට කෝන් පිටි මේස හැඳි 1/2 හා සීනි මේස හැඳි 1ක් එක්කරන්න. හොඳින් මිශ්ර කරන්න. ඊට පස්සේ මේක ආලේප කරන්න. හැබැයි ඉතින් මේක වේලෙනකම් ඔයාට අත උස්සන් ඉවසගෙන බලන්ඉන්න වෙනවා. වේළුනාටපස්සේ මේක ගලවල අයින්කරල ඔයාගෙ අනවශ්ය රෝම කරදරයෙන් මිදෙන්න.

  1. කහ සහ කිරි

ඇත්තටම හොයාගන්න ලේසි දේවල්. මේ ක්රමෙන් නම් කිහිලි ප්රදේශයේ රෝම වැවෙන එක අඩුකරනවා විතරයි. ඉතින් මේකට ඕන, කහකුඩුමේසහැඳි – 3 කිරිමේසහැඳි -1
මේ වර්ග දෙක හොඳින් කලවම් කරල ,ආලේප කරන්න. වේලෙන්න අරින්න. ඊටපස්සේ මද උණුසුම් වතුරෙන් රෙදිකෑල්ලක් පොඟවලා හොඳට පිසදමන්න. පසුව සෝදා හරින්න.

  1. ගස්ලබු සහ කහ.

ගස්ලබුවල අඩංගු “පැපේන් ” කියන එන්සයිමය මගින් රෝම කුපවර්ධනයවීම අඩාලක රනවා. ඉතින් ගස්ලබුවලින් මේක කරන ක්රමේ අපි බලමු.

  • ඉදුනු ගස්ලබු මේස හැඳි 1 ක් හෝ 2 ක් පමණ කහ මේස හැඳි 1/2 සමග මිශ්ර කරන්න.
  • රෝමසහිතපෙදෙස්ඒකාකාරීවහමදක්තදින්අතුල්ලන්න.
  • විනාඩි 15 පමණ තිබෙන්නටහැර සෝදාහරින්න.

ඔයාට මේකෙන් හොඳ ප්රතිඵල ගන්න ඕනනම් සතියට දෙතුන්වතාවක් මේක කරන්න.

  1. කහ සහ බේකින් සෝඩා (ආප්පසෝඩා)
  • ඔයාට අවශ්ය ප්රමාණයට කහ කුඩු කොටස් 1 කුත් එම කොටස මෙන් දෙගුණයක් බේකින් සෝඩා දාලා මිශ්ර කරන්න.
  • වතුර පොඩ්ඩ පොඩ්ඩ දාන ගමන් මේක සාමාන්ය පේස්ට් එකක් වගේ හදාගන්න.
  • ඊලඟට මේක ආලේප කරන්න. හොඳින් වියලුනාටපස්සෙ සෝදා ඉවත් කරන්න.

හම පොඩ්ඩක් කහ පාට උනොත් ගණන් ගන්න එපා. තවපාරක් සොදනකොට ඒක යයි. තවත් ඔයාට කියන්න අමතර කරුණක් තියෙනවා. ඔයා ආසද සදහටම රෝම වැවෙන එක නවත්තගන්න.. ඔව් එහෙම ක්රමයක්නම් තියෙනවා. ඒත් ඒක මිල අධිකයි. මේ ක්රමේදි ඒ ඒ ක්රමවේදයන් අනුගමනය කරන්න ඕන වගේම මදක් වේදනාකරීයි.
ලෝකයේ බහුතරය තවමත් කලක් තිස්සේ අනවශ්ය රෝම ඉවත් කරනවා. තව කොටසක් කරන්නේ නෑ.ඉතින් ඔයා මේ මොන කොටසෙද?