අධි සුඛෝපභෝගි සහ ලොව ලස්සනම නිවාස 10

ලොව පුරා විවිධ රටවල දක්නට ලැබෙන සුඛෝපභෝගි සහා අලංකාර නිවාස 10 ගැනයි අද කියන්න සූදානම් වෙන්නේ.

‘Plazzo Antilla’ – මුම්බායි, ඉන්දියාව

ඉන්දියානු බිලියනපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි හට අයත් මෙම නිවස තට්‍ටු 27 ක් සහිත නිදන කාමර ‍රැසකින් සමන් විත මන්දිරයකි. එහි සේවය කරන සේවකයින් ගණන 600 කට අධික බව පැවසේ.නිවසේ මුලු වටිනාකම ඩොලර් බිලියන 2  ඉක්මවන බව ද සඳහන් වේ. යෝගා මධ්‍යස්ථාන, ජිම් සහා ශාරීරික සුවතා සඳහා වෙන් කෙරුණු ස්ථාන මෙන්ම සෞරාල හෙවත් හිරු එළිය වැටෙන ලෙස වීදුරු වලින් පමණක් ආවරණය කෙරුණු ස්ථාන සඳහා නිවසේ තට්‍ටු ‍රැසක් තනි ප්‍රදේශයක් ලෙස භාවිතා වේ. මෙය අධි සුඛෝපභෝගි මන්දිරයක් බව දැකිය හැකිය.

‘South cooge’- සිඩ්නි, ඕස්ට්‍රේලියාව

මෙම බංගලාව වර්ග අඩි 1000 කින් යුතු විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇත. මුහුදට ඉතා ආසන්නව පිහිටා ඇතත්, මෙම නිවසේ ඉතා විශාල පිහිනුම් තටාකයක් ඇත. එක් මුලුතැන්ගෙයක්, නිදන කාමර 5 ක් සහා ආලින්ද කිහිපයක් සහිත මෙම නිවසේ ඇතැම් ඉදිකිරීම් කටයුතු තවදුරත් සිදුවෙමින් පවතියි.

‘Versailles’- ෆ්ලොරිඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය

ලොව ඇති විශාලතම සහා වඩාත්ම ලස්සන නිවාස අතරින් එකක් ලෙස මෙය හැඳින්වේ. ඕලන්ඩෝ නගරයේ සිට කි.මි.30 ක දුරින් පිහිටි මෙම නිවසේ හිමිකරු වන්නේ බිලියනපති ඩේවිඩ් සිගල් ය. මෙය ඇමෙරිකාවේ පිහිටා ඇති විශාලතම පෞද්ගලික නිවස ලෙසත් හැඳින්වේ. මෙම නිවසේ නිදනකාමර 30 ක්, යාබද පිහිනුම් තටාකයක්, නාන කාමර 23 ක්, ළමා ක්‍රීඩා කාමරයක්, කුඩා පිහිනුම් තටාක 3 ක්, වාහන 20 ක් පමණ ගාල් කල හැකි ගරාජයක්,ටෙනිස් පිටි 2 ක් සහා බේස් බෝල් පිටියක් ආදි අංග ‍රැසක් සමන්විත නිවසකි.

‘Manalapan Residence’- ෆ්ලොරිඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය

2017 වසරේ ලොව ලස්සනම නිවස ලෙස නම් වූයේ මෙම සුන්දර නිවසයි.හෙක්ටෙයාර 2.5 කට අධික භූමි ප්‍රදේශයක විහිදුණු මෙම බංගලාව තුල නිදන කාමර 14 ක් , නාන කාමර 24 ක්, ගරාජයක් විශාල පිහිනුම් තටාකයක් සහා  බීච් බාර් එකකින් සමන්විතය. මෙම නිවස ඉදිකිරීමට වැය වී ඇති මුලු මුදල ඩොලර් මිලියන 125 ක් බවයි සඳහන් වෙන්නේ.

‘Starwood Estate’- ඇස්පෙන්, කොලරාඩෝ ප්‍රාන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය

මෙම නිවස පිහිටා ඇත්තේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි කඳුකරයක් තුලයි. එහි ඇති කාමර,උණුසුම් ජල තටාකාංගන සහා අධික මිලකින් යුත් දැව වලින් හා ලෙදර වලින් නිර්මිත ගෘහභාණ්ඩ නිවසේ අලංකාරත්වය දෙගුණ තෙගුණ කරවයි. එහි ගල් වලින් තැනූ ගිනි උඳුන් ඇති බවද සඳහන් වේ. කවුරුත් ජීවත් වීමට හීන දකින ආකාරයේ සොඳුරු නිවසක් !

‘Clifton 2A’- කේප් ටවුන්, දකුණු අප්‍රිකාව

 මෙය සාඕටා ස්‍ටුඩියෝව විසින් සිදුකල ව්‍යාපෘතියකට අනුව ඉදිවූ නිවසකි. මෙම ස්ථානය ඉතා නේත්‍රාකර්ෂණීය වුවද එහි ඇති දුෂ්කර පිහිටීම නිසා සෑම කෙනෙකුටම ලඟා විය නොහැකි ස්ථානයකි. මෙහි ඉදිකිරීම් කටයුතු ද වසර ගණනාවක්ම කල්ගත වී ඇත. මෙම විශාල සුඛෝපභෝගී නිවසට තවම හිමිකරුවෙකු නැතිබවයි අසන්නට ලැබෙන්නේ.

‘One Hyde Park Penthouse’- ලන්ඩන්, එංගලන්තය

අහසට දිවෙන තරම් උසකින් යුත් මෙම අධි සුඛෝපභෝගි නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ ලන්ඩනයේ හයිඩ් පාර්ක් ප්‍රදේශයේයි. මෙහි ජීවත්වීමට නම් ඔබට සතුව ඩොලර් මිලියන 290 ක් වැය කිරීමේ හැකියාවක් තිබිය යුතු වෙනවා. මෙම නිවසේ අති නවීන ‘එලාර්ම් ආරක්ෂක පද්ධති’ සහා පෞද්ගලික වාහන අංගන පහසුකම් ඇත.

‘Updown court’- වින්ඩ්ල්ෂැම්, එංගලන්තය

එංගලන්තයේ වින්ඩ් හැම් ගම්මානයේ වින්ඩ්සෝර් මාලිගාවට යාබදව පිහිටි  මෙම නිවස එංගලන්තයේ තිබෙන මිල අධිකම පෞද්ගලික නිවාස අතරින් එකකි. මෙම නිවසේ වටිනාකම පවුම් මිලියන 122 ක් පමණ වන බව පැවසේ. එහි  කාමර 103ක් , නිදන කාමර 22 ක් , ඔලිම්පික් ජල තටාක 5 ක් සහා ආසන 50 කින් යුත් සිනමාශාලාවක්, ලිමෝසින් වරගයේ කාර් 8 ක් පමණ එකවැර ගාල් කල හැකි තරම් විශාල රථ ගාලක් සහා හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි භූමි ප්‍රදේශයකින් සමන් විත අතිශය සුඛෝපභෝගි නිවසකි. ඊට අමතරව ගොල්ෆ්, ටෙනිස් ,ස්කොෂ්, බෝලිං පිට්ටනි සහා අශ්වගාලක් ද පිහිටා ඇත.

‘Villa Leopolda’- cote d ‘Azur, ප්‍රංශය

මෙම නිවස ඉදිකර ඇත්තේ 1902 වසරේදී හිටපු බෙල්ජියානු රජතුමෙකු වූ දෙවන ලියෝපෝල්ඩ් රජු වෙනුවෙන්ය.මෙම මැදුර වර්ග මීටර් 80,000 කට වඩා විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇත (Villefranche-sur-Mer නම් නගරයේ පිහිටා ඇත). මෙහි මිල යුරෝ මිලියන 500 ඉක්මවන බවයි සඳහන් වෙන්නේ. මෙම මැදුර මිලදී ගන්නා අයෙකුට එහි සේවය කරන උයන් පල්ලන් 50 දෙනාට වේතන ගෙවීමේ රාජකාරියද පැවරෙයි. ඔවුන් විසින් මෙම භූමියේ පිහිටා ඇති ඔලිව් ශාක 1200 ක් පමණ සහා දොඩම්, ලෙමන් වැනි වෙනත් ශාක වර්ග ‍රැසක් නඩත්තු කරමින් වගාකටයුතු වල නියැලෙමින් සිටිති. අනෙක් විශාල නිවාස මෙන් නොව මෙහි ඇත්තේ නිදන කාමර 11 ක් සහා නාන කාමර 14 ක් පමණි. නිවස මිලදී ගන්න කෙනෙකුට ගාන පොඩ්ඩක් අඩු කරගන්න හොඳ හේතුවක්!

‘Mirror Houses’- බොල්සානෝ, ඉතාලිය

ගෘහ නිර්මාණ ශිල්පී පීටර් පිච්ලර් ගේ නිර්මාණයක් වන මෙම අලංකාර නිවස නිමවා ඇත්තේ පැනල් වීදුරු ආවරණ වලිනි. එය alps of South Tyrol නම් ඩොලමයිට් කන්දේ ප්‍රතිබිම්භය මනස්කාන්ත ලෙස නිරූපණය වන ආකාරයෙන් නිමවා ඇති වීම විශේෂත්වයකි. එය අති සුඛෝපභෝගී නිවාස දෙකක එකතුවකි. මෙම  නිවාස පොලොවෙන් මදක් උස්ව නිර්මාණය කර ඇති අතර ඒ අවට වටපිටාවට ආකර්ෂණීය ලෙස දිස්වන පිහිටීමක් සහිතය. ඉතාලියේ පිහිටි අතිශය සුන්දර සහා සුඛෝපභෝගි නිවාස ද්විත්වයකි.