‘අද විවාහ වෙලා හෙට දික්කසාද වෙන්න මට ඕන නෑ’ තවමත් තනිකඩ ජනප්‍රිය නිලි චුලක්ෂි කියන කතාව

අපේ කළා ලෝකයේ විවිද රංගන ශිල්පිනියන් හිටියත් හොලිවුඩ් බොලිවුඩ් යන්න තරම් සුදුසු රංගන ශිල්පිනියන් ඉන්නේ බොහොම සුළු පිරිසක් පමණයි. ඒ අතරින් හැමෝගේම අතර ගොඩක් කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් සුන්දරත්වය අතින් ඉහලින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස චුලක්ෂි හඳුන්වන්න පුළුවන්. 2014 මිස් ශ්‍රීලංකා කිරුල දිනාගන්නෙත් චුලක්ෂි විසින්. නිරූපන ශිල්පිනියක ලෙස කලා ලෝකයට පිවිසුන චුලක්ෂි මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස ගොඩක් ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි චුලක්ෂි නර්තන ශිල්පිනියක ලෙසත් මේ වනවිට ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියයි. ඒ හිරු මෙගා ස්ටාර් තරඟාවලිය හරහායි. මේ වනවිට එම තරඟය නිසා ඇයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවලු.

චුලක්ෂි වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘දේදුනු ආකාසේ’ සිනමාපටය හරහායි. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන මේ සිනමාපටයෙන් පස්සේ චුලක්ෂි වැඩිය පේන්න හිටියේ නෑ ඒ පිලිබඳ ඇය කිවුවෙ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම හැම නිර්මාණයක්ම බාරගන්නේ නෑ. අනිත් රංගන ශිල්පිනියන් වගේ හැම නිර්මානයකම මම ඉන්න ඕන කියන තැන මම නෑ. මට හොදයි කියලා හිතෙන නිර්මාණ විතරයි මම බාරගන්නේ. අලුත් නිර්මාණ දෙකක් වගේ මේ වනවිට මම පොටෝ ෂූට් කිහිපයකුත් බාර අරන් තියෙනවා” කියලයි. කොහොම වුනත් චුලක්ෂි මේ වනවිට තනිකඩයි. ඒ වගේම ඇයගෙන් දැන් විවාහ වෙන්න කාලේ හරි නේද කියලා ඇහුවම ඇය අපට දුන්නේ මේ වගේ පිළිතුරක් ”විවාහය කියන්නේ අද එකතුවෙලා හෙට වෙන් වෙන එක නෙවෙයි නේ. ඉතින් සුදුසු කෙනෙක් තෝරාගෙන ඕන විවාහ වෙන්න. ආවට ගියාට විවාහ වෙලා පස්සේ ඒ විවාහය නැති කරගෙන දුක්වෙන අය මම ඕන තරම් දැකලා තියෙනවා මට ඒ වගේ වෙන්න ඕන නෑ. අපි බලමු ඉදිරියට මම සොයන මට ආදරේ කරන කෙනෙක් ලැබුනම මම විවාහ වෙනවා එතකන් මේ වගේ ඉන්නවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චුලක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.