අද ජානාධිපති සමාව ලැබුන දුමින්ද සිල්වා කියන්නේ මේ වගේ කෙනක් කියලා ඔබ දන්නවද?

ලංකාවේ දේශපාලන ලෝකයේ නිතරම වගේ කතාවුන චරිතයක් තමයි දුමින්ද සිල්වා කියන්නේ 1974 වසරේ දෙසැම්බර් මස 03වනදින උපන් ඔහු දේශපාලන කරළියට අවතීර්ණ වන්නේ එක්සත් ජාතික පක්ෂය හරහායි ඒ 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් ඉන්පසු දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර, 2007 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙනවා. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන අනර්කලී ආකර්ෂා ඔහුට විරුද්ධව 2008 වසරේදී නඩුවක් ගොනු කරනවා ඒ ඇයට සහ ඇයගේ මවට තර්ජනය කළ බවට චෝදනා කරමින්.

මීට අමතරව දුමින්ද සිල්වාට කොලොන්නාව ප්‍රදේශයේ මත්ද්රවුය බෙදාහැරීම පිළිබඳත් චෝදනා එල්ලවී සිටියා. නමුහ් ඔහු ඒ සියලුම චෝදනා ප්‍රතිෂේප කර තිබුනා. මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ සම්බන්ද සිදුවීමෙන් වැරදිකරු වූ දුමින්ද එම නඩුවිභාගය අතරවාරයේදී මාස කිහිපයක් සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තාකර තිබුනා මේ අතරකාලයේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වාගේ සැප දුක් විමසීමට මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල පළවුනා. කොහොම වුනත් මේ නඩු තීන්දුව අවසානයේ 2016 සැප්තැම්බර් මාසයේ ඔහු වැරදිකරු වී දිවි ඇතිතෙක් සිරදඬුවම් ලබන්නෙක් බවට පත්වුනා. ඉතින් වසර පහකට අධික කාලයක් සිරගතකර සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ අද නිදහස් කරතිබෙනවා. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය ටීවී නාලිකාවක් වන හිරු ටීවී අධිපති සහ ABC මාද්‍ය ජාලයේ අදිපති රෙනෝ ද සිල්වා, දුමින්ද සිල්වාගේ සහෝදරයෙක් වෙනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.