‘අදටත් හැමෝගෙම සුදු නංගි මම’ කළා වට සමුදී වෛවරියක් වුන අයෝමි ශානිකා කියන කතාව

සමහර ටෙලි කතා තියෙනවා අපේ මතකයෙන් අමතක කරන්න හරි අමාරුයි. එහෙම කතාවක් තමා ස්වර්වාහිනියේ විකාශනය වු ‘ජිවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍ය. මේ නාට්‍යයේ පොඩිම චරිතය එක්ක කතාකරන්නයි අපි මේ සුදානම් වෙන්නේ. කතාව තුළ සොහොයුරන් හය දෙනෙකුගෙන යුත් පවුලේ ඇය හත්වන සහෝදරිය වනවා. සුදු නංගි ලෙස ජනප්‍රිය වු ඇය නමින් ආයෝමි ශානිකා. මේ දිනවල රංගනයේ දකින්න නොලැබුනත් ඇයට ලැබෙන ප්‍රතිචාර වලනම් අඩුවක් නෑ.

මුලින් අයෝමි එක්ක අපි කතාව පටන් ගත්තේ ජිවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයෙන් ඉතින් කියන්න බලන්න ඒ ගැන විස්තර ටිකක් “මට මේ කතාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ පුබුදු හරහා. අපි හොද යාළුවෝ දවසක් එකට ක්ලාස් යන අතරේ ඔහු මගෙන් ඇහුවා රඟපාන්න ආසද කියලා. අන්න ඒ වචනේ තමා මාව මේ තරම් දුරක් ගෙනාවේ. අදටත් හදවතින්ම මම ආදරේ කරන ටෙලිකතාවක් තමා ජිවිතේ ලස්සනයි .ඒක එක පවුලක්. ඇත්තටම කතාවක් කියලා අපිට දැනුනේ නෑ.”

ඔබ ජනප්‍රිය වෙන්නේ ඒ චරිතය හරහා. ඉතින් ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කිවොත්, “අදටත් මට සුදු නංගි චරිතය නිසා ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය මට කතා කරන්නේ ඒ නමින්. පවුලක් එකට වාඩිවෙලා බලන්න පුළුවන් සුන්දර කතාවක් නිසාම ගොඩක් අය ආදරයෙන් වැළඳ ගත්ත කතාවක්.

ඔබට මේ චරිතය ඉදිරිපත් කරන්න ලේසි වුනාද? ”කොහෙත්ම නෑ. මට මාර අභියෝගයක් වුනා ඒ චරිතය. අනිත මම රංගනයට ආසවුනත් බයවුනා. මේක අවුරුදු 18 ළමයෙකුගේ චරිතයක්. මම ඉතින් උපරිම පුළුවන් විදිහට සුදු නංගි චරිතය කළා. නොහිතපු විදිහට ඒ චරිතය ජනතාව ආදරයෙන් භාරගත්තා.”


පවුලේ බාලයා වුන සුදු නංගි කතාවෙන් එච්චර ජනප්‍රිය වෙද්දි ඇය ඔබ දිගටම රංගන කටයුතු නොකලේ. “මම වෘත්තීයෙන් ආයුර්වේද වෛද්‍යවරියක්. 2018 තමා මට රාජ්‍ය සේවයට යොමු වෙන්නේ. විවාහයෙන් පස්සේ මම හැමදේම එක්ක කාර්යබහුල වෙද්දි රංගනයෙන් ඈත් වුනා. හැබැයි හොද නිර්මාණයක් කරපු නිසාම මගේ නම අදටත් කලාවේ රැදිලා තියෙනවා කියලා මම විස්වාස කරනවා.”

ඔබේ ඉදිරි අනාගය ගැන කිවොත් “මම දැන් මවක්. මට ඕනි මගේ දරුවන්ගේ අනාගතේ හදන්න. රටට වැඩක් ඇති කෙනෙක් කරන්න. මම පවුල් ජිවිතේ රංගනය වෘත්තීය හැමදේටම හදවතින්ම ආදරේ කරන කෙනෙක්. රංගනයෙන් ඈත් වුනත් ගෙවුනේ කාලේ අමතක නෑ. බලාපොරොත්තු ගොන්නක් නෑ ආස මේ විදිහට සරලව පවු⁣ල්ජිවිතේ ගෙනියන්න. මොකද මට ඕනි හොද බිරිඳක් හොද මවක් වගේම මගේ රැකියාව අවංකව කරන්න.” කියලයි ඉතින් ඔයාලා කාලයක් ගොඩක් ආදරේ කල සුදු නංගිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයිමේ.