අතේ හැඩයෙන් ඔබේ අනාගතය ගැන කියවෙන දේවල්

දේහ ලක්ෂණ විද්‍යාව තුලින් මිනිසුන්ගේ ශරීර පිහිටීම් අනුව ඒ ඒ අයගේ ගති ස්වභාවයන්, හැසිරීම්,පෞරුෂත්ව ගුණාංග සහා ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය වැනි දෑ ගැන අනාවැකි පලකරනු ලබයි. පෙනෙන වර්තමානයට වඩා කවුරුත් කැමති නොපෙනෙන අනාගතය ගැන දැනකියාගන්නනේ! හස්ත රේඛා ශාත්‍රය ලෝකයේ මෙතරම්ම ජනප්‍රිය වී ඇත්තේත් ඒ නිසයි.හස්ත රේඛා ශාස්ත්‍රයේදී අල්ලේ ඇති රේඛා වලින් ඔබේ ජීවිතය ගැන විවිධ අනාවැකි පලකරනු ලබයි. නමුත් හස්ත රේඛා වලින් විතරක් නොව, ඔබේ අත්ලේ ඇඟිලි පිහිටීම අනුවත් ඔබ ගැන යම් අනාවැකි පලකල හැකි බවයි පැවසෙන්නේ. ඉතින්, අපි හිතුවා ඒ වගේ අනාවැකි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

මුළින්ම,පරීක්ෂාකරලා බලන්නකෝ ඔයාගේ අතේ හැඩය මේ අතරින් කොයි වගේ ද කියලා?

  • ඔබේ අතේ දබ‍රැඟිල්ල වෙදැඟිල්ලට වඩා කොටයි නම්

ඔබ ඉතා ආකර්ෂණීය පුද්ගාල්යෙකි. ඔබ සමඟ සන්නිවේදනය කිරීම ඉතා පහසුය. ඔබ ජනකාන්තභාවයෙන් යුත් නායකත්ව ලක්ෂණ ඇත්තෙකි. අන් අයට වඩා තීරණ ගැනීමේදී ඉදිරියෙන් සිටියි. අනපේක්ෂිත අවස්ථාවන් වලට සහා අවදානම් වලට නොබියව සාර්ථකව මුහුණ දෙන අයෙකි. අන් අය කෙරෙහි සානුකම්පිත හැඟීමකින් පසුවෙයි. මෙවැනි ඇඟිලි පිහිටීමක් ඇති පුද්ගලයින්  විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල කැපී පෙනෙන දක්ෂයින් ලෙස කටයුතු කිරීමට වාසනාවන්ත වෙති

  • ඔබේ දබ‍රැඟිල්ල වෙදැඟිල්ලට වඩා දිගින් වැඩියි නම්

ඔබ හොඳ ආත්ම විශ්වාසයකින් යුතු තමාගේම කුසලතා සහා සම්පත් කෙරෙහි විශ්වාසයකින් යුතුව කටයුතු කරන අයෙකි. ඔබටම ආවේණික වු ක්‍රමයකට ජීවත් වන අයෙක් මෙන්ම හුදකලා බව වඩාත් ප්‍රියකරයි. ඔබ සුලු සුලු දේවල් කෙරෙහි අවධානය යොමුකරමින් ඔබේ වටිනා කාලය නිකරුණේ නාස්තිකිරිමට දැඩි ලෙස අකමැතිය. මෙවැනි අයගේ ප්‍රේම සබඳතා වල නිතරම ගැටලු අභියෝග හටගනියි. ඊට හේතුව වන්නේ මෙවැනි අය ගැටලුවකදී සමතයකට පත්වීමට උත්සාහ ගනිමින් ප්‍රගතිගාමීව කටයුතු නොකිරීම නිසාය.

  • ඔබේ දබ‍රැඟිල්ල සහා වෙදැඟිල්ල පිහිටා ඇත්තේ එකිනෙකට සමාන දිගකින් නම්

ඔබ සංවිධානාත්මක සහ පිළිවෙලකට අනුව කටයුතු කරන අයෙකි. සෑම දෙනා සමඟම හොඳින් කටයුතු කිරීමේ හැකියාව ඔබට ඇත. ඔබ ඉතා සාමකාමි අයෙකු නිසාම ගැ‍ටුම් වලට ඉතා අකමැතිය.නමුත්, ඔබේ චරිතයේ අඳුරු පැත්තක් ද ඇත. ඔබ ඇතැම් අවස්ථාවලදී ඉක්මනින් කෝපගන්නා අතර් එය විශාල මතගැ‍ටුමක් දක්වාම වර්ධනය විමට පවා ඉඩ ඇත. එබැවින්, ඔබේ වචන සහා හැසිරීම් ගැන සැලකිලිමත් වන්න!