අතීතයේ කාන්තාවන් කල අමුතු දේවල් 11ක් මෙන්න

බොහෝ දේවල් කාලයත් සමඟ ඉක්මනින් වෙනස් වෙනවා. අපේ වැඩිහිටියන් අනුගමනය කල ඇතැම් සම්ප්‍රදායන් ක්‍රම වර්තමාන ප්‍රජාව භාවිතා කරන්නේ නැතිවෙන්න පුලුවන්. ඊට නවීන සමාජය හැඩගැසී තිබෙන ආකාරය සහ අලුත් ආකල්ප සංකල්ප නිසා ඒවා වෙනස්කම් වලට ලක්වී තිබිය හැකියි. අතීතයේ කාන්තාවන් අතරේ බහුලව දක්නට ලැබුණු සම්ප්‍රදායන් එහෙමත් නැතිනම් භාවිතාවන් කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. මේවා අතීතයේ කාන්තාවන් දැරූ ආකල්ප සහ ඔවුන් දැරු අදහස් සහ විශ්වාස මත පදනම් වී තිබූ භාවිතාවන් ය. වර්තමානයේ පවා ඇතැම් පිරිස් මෙවැනි ආකල්ප දරන ආකාරය දැකිය හැකියි. නමුත්, නූතන සමාජය තුල මේ බොහෝමයක් අදහස් යල් පැන ගිය ඒවා බව නොරහසකි. එමෙන්ම, ඒ අනුව මේ අතරේ ඇති ඇතැම් ආකල්ප සම්පුර්ණයෙන්ම වෙනස්විය යුතු බව කාලයත් සමඟ මතුව ඇති අවශ්‍යතාවයකි. මේ අතිතයේ බහුලව භාවිතා වී තිබූ කාන්තා විලාසිතා සම්ප්‍රදායන් කිහිපයක එකතුවකි.

01. නිවසින් පිටතදීත් නිවසේ ‍රැඳී සිටින විටත් තනපටක් ඇඳගෙන සිටීම

තනපටක් භාවිතා කිරීම හරහා පියයුරු වල හැඩය වෙනස්වන බව හෝ එල්ලා වැටීමට පටන්ගැනීම සිදුවිය හැකි බව හෝ සනාථ වන විද්‍යාත්මක පැහැදිලිකිරීමක් නොමැති බව සඳහන් වෙනවා. කොහොම වුණත් තනපට භාවිතය කියන්නේ පෞද්ගලික තීරණයක්.

02. කොට කොණ්ඩ විලාසිතා

තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වීමට කාලය අඩු කාන්තාවන් කෙටි කොණ්ඩා විලාසිතා භාවිතයට හුරු වී සිටි බව පොදු මතයකි.  නමුත්, කොණ්ඩා විලාසිතාවක් කියන්නේ  කෙනෙකුගේ පෞද්ගලික ‍තෝරාගැනීමක්. ඕනම කෙනෙකුට තමන් කැමති කොණ්ඩා විලාසිතාවක් භාවිතා කිරීමට නිදහස තිබෙනවා. නමුත් එසේ කොණ්ඩා විලාසිතාවක් සිදුකිරීමේදි එය එම කෙනාගේ මුහුණේ හැඩයට ගැලපේද යන්න කෙරෙහි සැලකිලිමත් විය යුතුයි.

03. සුදු පැහැයට හැරුණු හිසකෙස් ඩයි කිරීම

කොණ්ඩය සුදු පැහැ වීම වයස්ගත වීමේදි මතුවන ලක්ෂණයක්. නමුත්, බොහෝ දෙනා ඒ ගැන ලැජ්ජා වෙමින් කලු කොණ්ඩය අතරින් පතර මතුවී ඇති සුදු කෙස්ගස් කඩා ඉවත්කරනවා.  නමුත්, මේ ගැන ලැජ්ජා විය යූතු නැහැ. වියපත් වීම මිනිස් ස්වභාවයයි. ඒ නිසා එය අඩුපාඩුවක් හෝ ලැජ්ජාවක් සේ නොසිතිය යුතුයි.

04. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන වර්ග මිලදී ගැනීමට ලැජ්ජා වීම

සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදි ගැනීමේදි අන අයට නොපෙනෙන සේ රහසිගතව හෝ ලැජ්ජාවෙන් සිදුකිරීම තවමත් ඇතැම් සමාජ වල දක්නට ලැබෙන තත්වයක්. නමුත්, බොහෝ රටවල මේ තත්වය වෙනස් වෙලා තිබෙනවා වගේම කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන රටවල් පවා තිබෙනවා.

05. එක්වරම බඩු ‍රැසක් මිලදීගෙන මුලුතැන්ගෙයි රාක්ක පුරවාගැනීම

 එක්වර භාණ්ඩ ‍රැසක් මිලදී ගැනීම අනාගතයට පහසුවක් වුවත් මෙසේ අධික ලෙස බඩු පුරවා ගැනීමේ අවාසිද තිබෙනවා. එනම් ඒවා අසුරා තැබීමට අමතර ඉඩකඩක් සහ අසුරන අවශ්‍ය වීම, එකම ආහාර ද්‍රව්‍ය භාවිතා වීම,ඇතැම් ආහාර වර්ග භාවිතයට පෙර කල් ඉකුත් වී යාමට ඉඩ තිබීම ඉන් කිහිපයකි.

06. අල්මාරිය තුල භාවිතයට නොගන්නා ඇඳුම් අසුරාගෙන සිටීම

වියදම් කල මුදල් ගැන සිතමින් භාවිතයට නොගන්නා ඇඳුම් තවදුරටත් තබාගැනීම නිසා අල්මාරිය තුල ඉඩකඩ සීමාවෙනවා. ඔබට තවදුරටත් ඇඳිය නොහැකි ප්‍රමාණයෙන් කුඩා සහ ඇඟට තද ඇඳුම් ඉවත් කරන්න.  ඒවා අඳින්න හැකි කෙනෙකුට ලබාදීම ඔබට සිදුකල හැකියි.

07. උස් අඩි සෙරෙප්පු-සපත්තු නිතර පැලඳීම

අතීතයේ භාවිතා වූ කාන්තා විලාසිතා වල උස අඩි සහිත සෙරෙප්පු-සපත්තු ආකර්ෂණීයම අංගයක් ලෙස භාවිතා වී තිබෙනවා. නමුත්, අඩි උස පැලඳීම එතරම් සෞඛ්‍යාරක්ෂිත භාවිතාවක් නොවන බව නූතන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලිකිරීම් වලින් පවා හෙලි වී තිබෙනවා. ඔවුන් නිර්දේශ කරන්නේ හැකිතරම් සැහැල්ලු සහ ෆ්ලැට් වර්ගයේ සෙරෙප්පු -සපත්තු භාවිතා කරන ලෙසයි. ඉන් පාද වලට එල්ල වන දැඩි පීඩනව වළක්වාගත හැකියි.

08. ටැටූ තරුණ අයට පමණක් සිදුකල හැකි දෙයක් යැයි සිතීම

ටැටූ සහ පියර්සිං වැනි විලාසිතා තරුණ ප්‍රජාවට පමණක් සිදුකල හැකි විලාසිතා යැයි සිතීම යල් පැන ගිය අදහසක් බව උදාහරණ සමඟම අපට හමුවෙනවා. බොහෝ වැඩිහිටි පුද්ගලයින් අතරේ පවා වර්තමානයේ ටැටූ සහ පියර්සිං විලාසිතා ජනප්‍රිය වී තිබෙන ආකාරය මගතොටේදි දැකිය හැකියි. කාන්තාවන් අතරේ පවා වර්තමානයේ ටැටූ විලාසිතා අතිශය ජනප්‍රිය වී තිබෙන ආකාරය දක්නට ලැබේ.

09. විශේෂ අවස්ථාවක් සඳහා අලුත් ඇඳුමක් මිලදී ගැනීම සහ එක් වරක් පමණක් එය භාවිතා කිරීම

මිලෙන් අධික ඇඳුමක් මිලදී ගෙන එය එක්වතාවක් පමණක් භාවිතා කර නැවත කිසිදා භාවිතයට නොගත් ක්‍රමයක් අතීතයේ පැවතිලා තිබෙනවා. නමුත්, එය ඇත්තෙන්ම මුදල් නාස්තියක්. වර්තමානයේ නම් බොහෝ දෙනා එකම ඇඳුමක් අවස්ථා කිහිපයකට ඇඳීම සිදුකරනවා. ඒ වගේම එසේ කිරිමට අකමැති ඇතැම් අය තමන්ගේ ඇඳුම් කුලියට දි මුදල් අයකරගැනීම සිදුකරනවා. ඇඳුම් භාවිතයට නොගෙන අල්මාරියේ අසුරා තිබෙනවාට වඩා එය ලාභදායි ක්‍රමයක්.

10. නිවසේ බැල්කනිය බඩු භාහිරාදිය අසුරා තැබීමට හැකි ස්ථානයක් ලෙස භාවිතා කිරීම

බොහෝ නිවාස වල බැල්කනියේ විවිධ භාණ්ඩ වර්ග අසුරා ඇති ආකාරය අදටත් ඇතැම් නිවාස වල දක්නට ලැබෙන ලක්ෂණයකි, විශේෂයෙන්ම් මහල් නිවාස සංකීර්ණ වල. නමුත්, බැල්කනිය නැවුම් වාතාශ්‍ර ලැබෙන සේ පිටතට විත් විවේක ගැනීමට කදිම ස්ථාන්යක්. ඉතින් එම අවකාශය අවහිර වන සේ භාවිතයෙන් බැහැර කල බඩු භාහිරාදිය පුරවා තිබීමෙන් ඇතිවන අපිළිවෙල ස්වභාවය ඔබේ නිවසේ ප්‍රසන්න පෙනුමට හානිකරයි.

11. සපත්තු සහ බෑග් එකම වර්ණ වලින් මිලදී ගැනීම

එක සමාන සපත්තු සහ බෑග් මිලදි ගැනීමේ විලාසිතා සම්ප්‍රදාය යල් පැන ගිය අදහසක්. වර්තමානයේ එකිනෙකට අනුරූප වන නමුත් සම්පූර්ණයෙන්ම එකිනෙකට සමාන නොවන වර්ණ, ස්වභාවය සහ හැඩයෙන් යුතු බෑග්,පසුම්බි, සපත්තු, ආභරණ ආදිය භාවිතය වඩාත් ජනප්‍රිය විලාසිතා රීතියක් වී ඇත.