අතීතයේදී කාන්තාවන් විසින් රුව ‍රැකගැනීම සඳහා භාවිතා කල අමුතු ක්‍රම 12 ක්

සුන්දරත්වය ‍රැකගැනීම සඳහා කාන්තාවන් පිරිමි අයට සාපේක්ෂව හරිම උනන්දුයි. ඉතින් මේ උනන්දුව වර්තමානයේ ජීවත් වන කාන්තාවන් තුල පමණක් නොව ඉතා අතීතයේ පටන්ම පැවත එන්නකි. ඊට හොඳම සාක්ෂියක් සපයන අපූරු පුවතක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. ලස්සන කියන්නේ කාන්තාවකගේ පෞරුෂත්වයේම කොටසක් කියලා කියන්න පුලුවන්. ඒ නිසාම ලස්සන ‍රැකගන්න  ඇතැම් කාන්තාවන් විසින් උත්සාහ නොකර දෙයක් නැහැ වගේම වැය වන මුදල ගැන සිතන්නේත් නැහැ. මේ ඒ ආකාරයේ සමහර කාන්තාවන් භාවිතා කල අමුතු රුව ‍රැකගැනීමේ ක්‍රම කිහිපයක අතීත ඡායාරූප එකතුවකි.

සම්පූර්ණ පිහිනුම් මුව ආවරණයක් (A full-faced swimming mask)

1920 ගණන් වලදී මේ ආකාරයේ සම්පූර්ණ මුව ආවරණ භාවිතය කාන්තාවන් අතර ඉතා ප්‍රචලිතව තිබිණි. ඔවුන් මේවා භාවිතා කර තිබුණේ හිරු කිරණින් මුහුණේ සම ආරක්ෂා කරගැනීමටයි.

ජංගම කුටි (portable bathhouse)

මේවා භාවිතා කර ඇත්තේ මුහුදු වෙරළේ දී ඇඳුම් මාරු කරගැනීම සඳහායි.

කොණ්ඩය iron කිරීම, 1964 වර්ෂය

මේ වගේ දෙයක් අද කාලයේ කරනවා දැක්කොතින් ඕනම කෙනෙකුට හිනායන්න පුළුවන්. හැබැයි, 1960 දශකයේදී මෙය ඉතා සාමාන්‍යය දෙයක් ලෙස එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් භාවිතා කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම ක්‍රමය ඇමෙරිකාව සහා යුරෝපානු රටවල ප්‍රචලිත වී තිබී ඇත.

මැක්ස් ෆැක්ටර්ගේ අයිස් මාස්ක් සත්කාරය ,1931 වර්ෂය

මෙය මුහුණේ ඉදිමුම් ගතිය අඩු කරන සත්කාරයක් ලෙස භාවිතා කර ඇත.

හිරුකිරණින් සමේ පැහැය ඇති කරගැනීමට භාවිතා කල වෙන්ඩින් මැෂිම (suntan vending  machine)

සමේ දුඹුරු පැහැයක් ඇති කර ගැනීම හෙවත් සම පදම් කිරිම බටහිර රටවල ප්‍රචලිත රූපලාවන්‍ය ක්‍රමයකි. අද කාලයේ මේ සඳහා ආලේපන තිබුණත් ඒ කාලයේ ඇතැම් කාන්තාවන් භාවිතා කර තිබෙන්නේ මෙවැනි සම පදම් කරන යන්ත්‍රයි.

පාද පින්තාරු කරගැනීම (leg painting)

පාද පින්තාරු කිරීම අතීතයේ ඉතා ප්‍රචලිතව තිබූ විලාසිතාවකි. මේ 1941 වසරේ ලන්ඩනයේ ක්‍රොයිඩෝන් හි රූපලාවන්‍යාගාරයක් තුල කාන්තාවන් පිරිසක් තම පාද පින්තාරු කරගැනීමේ යෙදී සිටින ආකාරය දැක්වෙන පින්තූරයකි.

ජංගම හිසකෙස් වියළන උපකරණයක් (portable hairdryer)

ප්‍රමාණයන් ටිකක් විශාල වුණත් අපූරු ක්‍රමයක්.

දත් කලු කරගැනීම

ටිකක් අමුතුයි වගේ පෙනුනත් කලු දත් කියන්නේ ඇතැම් ගෝත්‍ර වල පවා සුන්දරත්වය විදහා දැක්වෙන සංකේතයක් ලෙස භාවිතා කරන්නකි. මෙය ජපානය තුලද ඉතා ප්‍රචලිතව පැවතී ඇත. විශේෂයෙන්ම සුන්දර ගෙයිෂා තරුණියන් තම සුන්දරත්වය වැඩි කරගැනීමේ ක්‍රමයක් ලෙස මෙසේ දත් කලු පැහැ ගන්වා ගැනීම සිදුකරගෙන ඇත.

හිසකෙස් වියළන යන්ත්‍රයක්, 1920 වර්ෂය

මේ උපකරණය නම් එහාමෙහා ගෙනයාමට අපහසු තරම් විශාල එකක්. ඒ වගේම පෙනුමින් ද ඉතාමත් වෙනස් ආකාරයක් ගනියි.  වර්තමානයේ අපි භාවිතා කරන උපකරණ දක්වා ක්‍රමයෙන් කුඩා සහා කාර්යක්ෂම නිපැයුම් බවට පරිවර්තනය වී ඇත්තේ මේ වගේ සොයාගැනීම් තමයි.

දසවන සියවසේ චීනයේ භාවිතා වූ වෙනස්ම සම්ප්‍රදායක්

පාද බන්ධනය කිරීම (foot binding) යනු චීනයේ ඉතා ප්‍රචලිතව පැවති සම්ප්‍රදායකි. වර්තමානයේ පවා එරට ඇතැම් ගෝත්‍රික කාන්තාවන් මෙම ක්‍රමය අනුගමනය කරති.

පාද පින්තාරුකරගන්නා අවස්ථාවක්

මෙම කාන්තාව විසින් තමන් ‘ස්ටිකොන්ස්’ පැලඳ සිටින බව විදහා දැක්වෙන ආකාරයේ පින්තාරුවක් කරගනිමින් සිටින ආකාරය දැක්වේ. අදට වඩා ඒ කාලයේ විලාසිතා ඉතා විනෝදජනක බවයි පෙනී යන්නේ!

පියයුරු සේදුම් උපකරණයක් (French breast washer), 1930 වර්ෂය

අතීත ප්‍රංශ කාන්තාවන් අතර ඉතා ප්‍රචලිතව තිබූ උපකරණයකි.