අඩුම තරමින් සතියට දවසක් වත් මුහුදේ නාන්න කියන්නේ මෙම හේතුන් 06 නිසා බව ඔබ දන්නවද

ජලයේ ඇති සිරුර සමනය කරමින් සුවපත් කරවන ගුණය ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන කරුණු 16 වන සියවස තරම් ඈත අතීතයක පටන් පැවත එන ඒවාය. අයහපත් මනෝභාවයන් යහපත් අතට පත්කරලීමේ සිට හෘද රෝග ආදි තත්වයන් ඇතිවීම වැළැක්වීම පවා පරාසයක විහිදුණු ප්‍රතිලාභ ‍රැසක් ජලය ආශ්‍රිතව ගත කිරීමෙන් මිනිස් සිරුරට ලැබීම සිදුවේ.  ඒ අනුව මුහුදු වෙරළේ නිවාඩුවකින් පවා ඔබේ සිරුරට ලැබෙන වාසිය විශාලයි. තහවුරු වී ඇති මතය වන්නේ ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජීවත් වීම සහ පුද්ගලයෙකු  යහපත් මානසික සහ ශාරිරික සෞඛ්‍යකින් හෙබිවීම අතර සම්බන්ධතාවයක් පවතින බවයි.  ජලය ආශ්‍රිතව  කාලය ගත කිරීමෙන් සිරුරට ලැබෙන වඩාත් හිතකර ප්‍රතිලාභ මොනවාද කියා අපි බලමු.

01. මුහුදු ජලය සමේ ගැටලු ‍රැසකට සත්කාරයකි.

 මුහුදු ජලයේ සම සුවපත් කරවන ඛනිජ පෝෂක ‍රැසක් අඩංගු ව පවතියි (උදා: මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ සල්ෆේට් වර්ග). මෙම ඛනිජ පෝෂක චර්මදාහය (dermatitis), සෝරෛසිස් (psoriasis) ආදි සමේ හටගන්නා රෝග රෑසකට එරෙහිව වඩාත් ඵලදායි ලෙස සටන් කරමින් සම සුවපත් කිරීමට දායක වේ. ලුණු යනු ස්වභාවිකව සමේ මැරුණු සෛල ඉවත්කරවන අමුද්‍රව්‍යයකි. එමඟින් සම වඩාත් සුමුදු කිරීම ද සිදුකරයි. සිරුර වයසට යාම පාලනය කරන anti-ageing නිෂ්පාදන ‍රැසක මුහුදු ජලය අඩංගු වීම අරුමයක් නොවේ.

02. පිහිනීමේ ක්‍රීඩාවේ නිරත වීමෙන් හෘද ස්පන්දන වේගය අඩු කරමින් රුධිර පීඩනය අවම කරයි.

පිහිනන විටදී සිරුර තිරස් ඉරියව්වකින් පවතින විට ගාත් වල සහ අනෙකුත් පර්යන්ත අවයව වල සිට රුධිරය හෘදය වෙත ආපස්සට ගමන් කිරීමට පටන් ගනියි. මෙමඟින් අපගේ රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වීම සිදුවන අතර එය අපගේ සිරුරට ලැබෙන දිගුකාලීන ප්‍රතිලාභයකි. ඉන් අපේ වේගවත් හෘද ස්පන්දන වේගය අඩු කරමින් රුධිරයේ පීඩනය පහත හෙලීම සිදුවේ. ඒ වගේම දිවීම වැනි කායික ව්‍යායාම සිදුකිරීමේදි හෘදය ස්පන්දනය වෙන වේගයට වඩා  ජලයේ බැස සිටින විට අපගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට 5-6 ක් පමණ අඩු වේ.

03. ජලයේ හඬ අසාගෙන සිටිමින් නින්දට යාමෙන් සන්සුන් මනසක් ඇතිවි සුවබර නින්දකට පත්විය හැකියි

මේ සඳහා ජල තරංග සහ සුලඟ ද හේතු වේ.  ජලයේ රළ නඟින හඬ ඇසෙන විට අපේ මොලය එම හඬේ ස්වභාවය තර්ජනාත්මක නොවන මනස සන්සුන් කරවන හඬක් බව හඳුනාගනියි.එමඟින් මනස වඩාත් සැහැල්ලු වීම සිදුවන අතර සිරුරේ සෙරොටොනින් සහ ඩොපමයින් වැනි හෝර්මෝන ශ්‍රාවයන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ ගොස් අපගේ මනෝභාවය යහපත් වී සුවබර නින්දකට වැටීම සිදුවේ. එමෙන්ම ජලය ආශ්‍රිත සුලඟ සෘණ අයනයන්ගෙන් ආරෝපණය වී ඇති නිසා ඒවා ඔබේ සිරුරට ඔක්සිජන් හොඳින් උරාගැනීම පහසු කරමින් සුවබර ගැඹුරු නින්දක් ඇතිකිරීම සිදුකරයි.

04. ජලය සහ මුහුදු සුලඟ අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරවයි.

පිහිනීම හරහා සිරුරේ දරාගැනීමේ හැකියාව සහ ශක්තිමත් බව වර්ධනය වනවා පමණක් නොව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද ක්‍රමවත්ව වැඩිදියුණු කරවනු ලබයි. මුහුදු සුලඟ මඟින් ඔබේ සිරුරේ ස්වභාවික ප්‍රතිරෝධක හැකියාව සවිමත් කරන අතර ජලයේ ඇති අයඩින් මඟින් සිරුරේ පරිවෘත්තිය සහ සිරුරේ වර්ධනය සම්බන්ධව ක්‍රියාකරන තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වයට දායකත්වය සපයයි. මුහුදු සුලං විඳිමින් වෙරළේ කාලය ගත කරන විට අපගේ ආතතීන් සහ පීඩාවන් දුරුවි සැනසිල්ලක් දැනේ.

05. පිහිනීම එක්තරා ආකාරයකින් සිරුරට හොඳින් ව්‍යායාම ලබාදෙන ක්‍රමයකි.

මුහුදු ජලයේ දර්ශණය දකින විට  ,නැවුම් මුහුදු සුලඟ හමන විට සහ මුහුදු රළ නැගෙන හඬ ඇසෙන විට සිරුරට ලැබෙන්නේ ආශ්වාදයකි. මේ සුසංයෝගය නිසා අපගේ සිරුර වඩාත් සැහැල්ලු වී යයි. ඉන් අපගේ සියලු ආතතීන් දුරුවී මනස නිරවුල් වූ හැඟීමක් ඇතිවේ. ඇතැම් කරුණු දැක්වීම් වලට අනුව විවෘත ජලයේ පිහීනීමේ යෙදීම මඟින් මනෝභාවයන් ක්ෂණිකව යහපත් අතට පත්වීම සිදුවන බවත් එය බරපතල මානසික පිඩාවන් රෝග (උදා: විෂාදය වැනි) වලින් මිදීමට බෙහිවින් උපකාරී වන ක්‍රමයක් බවද සඳහන් වේ.

වෙරළකට ගිය විට පැත්තකට වි සිටිනවා ඉතා අඩුයි.  බොහෝ දෙනා ඉතා ක්‍රියාශිලීව ජල ක්‍රිඩා කරමින් මහත් උද්යෝගයකින් විනෝද වීම සුලබව දැකිය හැකියි. මෙය දියවැඩියාව වැනි රෝගා බාධ ඇතිවීමේ අවදානම සහ ස්ථූලතාව ඇතිවිම අවම කරවන ආකාරයේ හිතකර පුරුද්දකි.  වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන්, ආතරයිටීස් රෝගීන් මෙන්ම රෝග පීඩා වලින් සුවය ලබමින් සිටින පුද්ගලයින් සඳහා හොඳ ව්‍යායාමයක් ලැබෙන ක්‍රමයක් ලෙස ද හැඳින්විය හැකියි. ජලයේ සිටින විට සන්ධි, අස්ථි සහ මාංශ පේශීන් වලට එල්ල වන පීඩනය -ආතතිය අවම වේ. එබැවින් ක්‍රියාශීලි ක්‍රියාකාරකම් හරහා ඔබේ සිරුරට සිදුවන අනතුරු ආබාධ ඉතා අවමය. පිහිනීමේදී සිරුරේ සෑම මාංශ පේශියක්ම පාහේ ක්‍රියාකාරීවීම සිදුවේ.එහිදී, ඔබේ සිරුරට එරෙහිව ක්‍රියාත්මක වන ජලයේ ප්‍රතිරෝධය මඟින් ඔබේ සිරුරේ මාංශ පේශීන් ශක්තිමත්ව ගොඩනගා ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

06. මාංශ පේශීන් සහ සන්ධි වල වේදනාවන් සමනය කරයි.

මුහුදු වතුර වේදනා-කැක්කුම් වලට ඉතා ඉක්මනින් සහනය සලස්වයි. ඊට හේතුව වන්න ඒවායේ අඩංගු මැග්නීසියම් පෝෂක වේ. ඒවා අපගේ සිරුරේ මාංශ පේශීන් ක්‍රමවත්ව පවත්වාගැනීමට සහ ස්නායු ක්‍රියාකාරීත්වය සඳහා ඉවහල් වන පෝෂක වේ. මළ මුහුදේ ජලය ආතරියිටීස් රෝග සුවය සඳහා ප්‍රත්‍යක්ෂ බව පර්යේෂණ වලින් පවා තහවුරු වී තිබේ. මුහුදේ පිහිනීමෙ සන්ධි වලට බාධා ඇතිකරවන ගුරුත්ව පීඩනය නැතිකර දමමින් ආතරයිටීස්  රෝගය නිසා ඇති වන වේදනාවට පත් වී තිබෙන ගාත් වල සංචලනයට සහය ලබාදේ.