අඩි උස පාවහන් පළඳිනවනම් මේ රහස් 10ත් දැනගන්න

අඩි උස සෙරෙප්පු පැලඳ වඩාත් විශ්වාසයකින් සහ සැපපහසුවකින් යුතුව ඇවිදින්න ඔබට උපකාරී වන ටිප්ස් 10 ක් ගැනයි මේ.

01. කුඩා පියවර තබන්න.

සාමාන්‍ය ආකාරයට වඩා දණහිස් නොනැවිය යුතු අතර කුඩා පියවර තබමින් ඇවිදින්න. සපත්තු පැලඳ අප ඇවිදින ආකාරයෙන් විශාල පියවර තබා ඇවිදීමට පටන් ගැනීම දකින අයට ඔබ තරමක් අසාමාන්‍ය ලෙස ඇවිදින සේ හැඟීමට හේතුවක් විය හැකියි. උස අඩි සහිත සෙරෙප්පු පැලඳීමේදී කලබලයෙන් ඇවිදීම නොකල යුතුයි.

02. පළමුව විලුඹ දෙවනුව ඇඟිලි ලෙස පියවර තබන්න.

ඔබේ ගමන් විලාසය සාමාන්‍ය ලෙස දිස් වීමට පළමුව පොලොව මත විලුඹ තබා ක්‍රමයෙන් ඇඟිලි පොලොව මත ස්පර්ෂ කරන්න. පතුලේ වක්‍රය මත ඔබේ සිරුරේ බර පැටවී ඉදිරියට නැවෙන විට ක්‍රමයෙන් අනෙක් පාදයෙන් ඊලඟ පියවර තබන්න.

03. කොන්ද සෘජුව තබාගන්න.

අඩි උස සෙරෙප්පු භාවිතයේදි නිවැරදිව සිරුරේ ඉරියව්ව පවත්වාගැනීම ඉතා වැදගත් වේ. උරහිස් කෙලින් කරගනිමින් නිකට පොලොවට සමාන්තරව ඉරියව්ගත කරගන්න. මෙම ඉරියව්වේදී ඔබේ උදර මාංශ පේශීන් තරමක් තද වන නිසා බඩ සමතලා වී ඔබට කෙට්‍ටු පෙනුමක් ඇති කරවයි.

04. සෘජු රේඛාවක් ආකාරයෙන් ඇවිදින්න

 ඇවිදින විට ඔබ ඉදිරියෙන් සෘජු රේඛාවක් මනසින් මවාගනිමින් ඒ ඔස්සේ ඇවිදින්න. මේ සඳහා යම් පුහුණවක් සිදුකිරීම ඔබට පහසුවක් වේවි.

05. නිවසේ සිටම සූදානම් වන්න.

  • අඩි උස සෙරෙප්පු පැලඳ ඇවිදීම ඔබට හුරු දෙයක් නොවෙයි නම් ඔබට විවේකි වෙලාවක ඊට උත්සාහ කරමින් යම් පුහුණුවීමක් සිදුකරන්න. සෙරෙප්පු වල ලිස්සා යාමේ ගතිය අඩු කරගැනීමට ඒවායේ අඩිය යම් තියුණු දෙයකින් සූරන්න.
  • අඩි උස සපත්තු කකුලට අපහසුතාවක් ඇති කරයි නම් වූල් මේස් පැලඳ මිනිත්තු 10 ක් පමණ එම සපත්තු පැලඳ සිටින්න.
  • තරප්පු පෙලක ඉහළ පහළ ගමන් කරන ආකාරය ඉගෙන ගන්න.පහළට බසින විට සම්පූර්ණ පාදය පඩිය උඩ තබන්න: ඉහළට නගින විට ඇඟිලි තුඬු මත පියවර තබන්න.
  • සපත්තු පැලඳ සිටින විට දැනෙන ලිස්සන සුලු බව මගහරවා ගනිමින් දෙපතුල් වලය සැපපහසු බවක් ලැබෙන සේ insoles (අඩි වර්ගයක්) හෝ ලිනන් වැනි පැලඳුම් භාවිතා කරන්න.

06. අඩි උස සෙරෙප්පු පැලඳ සිටගෙන සිටීමට ඉගෙන ගන්න.

ඇවිදීම පමණක් නොව අඩි උස සෙරෙප්පු -සපත්තු පැලඳ සිටගෙන සිටිම ද නිවැරදිව කල යුතුයි.පළමුව, එක් පාදයක අඩිය අනෙක් පාදයේ මැද කොටස දෙසට යම් කෝණයකින් යුතුව හරවා තබාගන්න. ඔබේ සිරුරේ බර එක් පාදයක් මතට යොමු කරන්න. එම පාදයට තෙහෙට්‍ටුව දැනෙන විට බර අනෙක් පාදය වෙතට යොමු කරන්න.

07. පතුල් වලට විවේකයක් දෙන්න.

දිගු වෙලාවක් එක දිගට අඩි උස සෙරෙප්පු -සපත්තු පැලඳ සිටීම නිසා පාද තුවාල වීම, කැක්කුම් වේදනා හටගැනීම වැනි පීඩාවන් ඇති විය හැකියි. එබැවින්, වරින් වර ඔබේ පාද වලට විරාම් අලබාදෙන්න. එහිදි සෙරෙප්පු හෝ සපත්තු ගලවා ඉවත් කලයුතුම නැහැ. ඊට හේතුව තමයි වෙහෙසට පත් වී ඇති පාද එවිට ඉදිමීමට හැකි නිසා නැවත පාවහන් පැලඳීම තරමක් අසීරු විය හැකි බැවිනි.

08. නිතරම අඩි උස සෙරෙප්පු පලඳින්න එපා!

අඩි උස සෙරෙප්පු දිනපතාම භාවිතා කිරීම එතරම් සුදුසු නොවිය හැකියි. එය ඔබේ යහපත් සෞඛ්‍යටත් හානිකාරි විය හැකියි. විශේෂයෙන්ම, කකුල් වේදනා. කොන්දේ වේදනා ආදි අපහසුතා ඉන් ඇති විය හැකියි. අඩි උස වෙනස් ප්‍රමාණවලින් යුක්ත විවිධ සපත්තු සෙරෙප්පු මාරුවෙන් මාරුවට පලඳින්න. ‘Flat’ සෙරෙප්පු -සපත්තු නිතර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

09. පාවහන් නිවැරදිව ‍තෝරාගන්න.

Sneakers භාවිතා කල අයෙකුට එක්වරම අඟල් 4 ක් පමණ උස සෙරෙප්පු සපත්තු භාවිතා කිරීම නුහුරු දෙයක් ලෙස හැඟිය හැකියි. ඔබට හැකියි ඊට පෙර අඟල් 2 ක් පමණ උසකින් යුතු සෙරෙප්පු ජෝඩුවක් පළමුව පැලඳීමට උත්සාහ කිරීමට. ‘Wedges’ වර්ගයේ සහ ‘ankle strap’  වර්ගයේ සපත්තු ද උත්සාහ කර බැලිය හැකියි. ඒවා ලිස්සා යන ස්වභාවයෙන් අඩු නිසා ඔබට වඩාත් පහසු බවක් ඇති කරවන අතර ඔබේ සමබරතාව ආරක්ෂා කරගැනීමට ඒවා පහසුවක් වේවි.

10. පාවහන් මිලදී ගැනීමේදී නිසි ප්‍රමාණයෙන් යුක්ත ඒවා පමණක් ‍තෝරාගන්න.

අඩි උස සෙරෙප්පු -සපත්තු මිලදී ගන්නා විට තද බවින් වැඩි ඒවා මිලදී ගන්න එපා. සුලු වශයෙන් විශාල සහ පාදයට හිර බවක් දැනෙන සපත්තු ජෝඩු දෙකක් අතරින් ඔබේ ‍තෝරාගැනීම විය යුත්තේ පළමු ජෝඩුවයි. එය තරමක් විශාල වුවත් ලයිනින් එකක් සමඟ හෝ එය කිසිඳු ගැටලුවකින් තොරව ඔබට පැලඳිය හැකියි. නමුත්, හිර වැඩි සෙරෙප්පු-සපත්තු වලින් පාද වලට සැපපහසුවක් ඇති කරගත හැකි ආදේශක ක්‍රම නොමැත. ඒ නිසා ඔබේ මුදල් නාස්ති කර නොගෙන සැලකිල්ලකින් ඔබේ ‍තෝරාගැනීම් සිදුකරන්න.