අගමැති මහින්ද ලෝකෙම ආදරේ කරන යෝහානිට ළඟදීම දෙන්න යන දේ මෙන්න

ලංකාවේ විතරක් නෙවෙයි මේ වනවිට මුළු ලෝකයේම ජනප්‍රියවෙලා තියෙන ගීතයක් තමයි ‘මැණිකේ මගේ හිතේ’ කියන්නේ. ලෝකේ ජනප්‍රිය නලුනිලියන් පවා මේ ගීතයට වශී වෙලා. මෙම ගීතයේ මුල් ගීතය ගායනා කරන්නේ සතීෂ් සහ දුලාන් විසින්. කොහොම වුනත් මේ ගීතය ජනප්‍රිය වෙන්නේ ලංකාවේ නවක ගායිකාවක් වන යෝහානි ද සිල්වා මේ ගීතය ගායනා කිරීමෙන් පසුවයි.

යෝහානි ලංකාවේ ජනප්‍රිය වුනේ ‘දෙවියන්ගේ බාරේ’ ගීතය ගායනා කිරීමෙන් පසුවයි. කොහොම වුනත් ඉන්පසු ඇය ලංකාවේ ගායනා කල මෑෂ්-අප් ගීත කිහිපයත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම මේ වනවිට ‘මැණිකේ මගේ හිතේ’ කවර් ගීතය නිසා ඇය ලෝකෙම අවදානයට ලක්වෙලා. ඒ වගේම යෝහානිට මේ වනවිට විදේශ සංචාර වලට පවා ආරාධනා ලැබෙනවා. ඒ වගේම පසුගිය දිනක ඇය ඇයගේ මංගල ප්‍රසංගය සඳහා නවදිල්ලි නුවරට පිටත් උනා.

ඉතින් යෝහානි විසින් ලංකාවට ගෙනා මේ කීර්තිය වෙනුවෙන් ඇයට ගෞරවයක් ලබාදෙන්න අගමැති මහින්ද මහතා තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි දිනයකදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයකදී ඇයට එම ගෞරවය ලබා දීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් පවතින බව බෞද්ධ හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවා.

පසුගිය කාලයේ පැවති අධික වසංගත තත්වය නිසා මේ ගෞරවය පිරිනැමීමට නොහැකි වුන බවත් මේ වනවිට තත්වය තරමක් සාමාන්‍ය වී ඇති නිසා මෙම වැඩපිළිවෙල සුදානම් කල බවත් මහාචාර්යවරයා පවසා තිබුනා.

ඉන්දියාව, ඇමෙරිකාව, ඉතාලිය වැනි ලොව පුරා බොහොමයක් රටවල් රැසක යෝගානිගේ මේ ගායන හැකියාවන් වැළඳගෙන ඇති බව ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් එය අපට එය ඉමහත් ගෞරවයක් ගෙන දෙන්නක් බව ද ඒ මහතා පැවසුවා. ඒ වගේම මෙරට කිසියම් පුද්ගලයකු රටට කීර්තියක් ගෙන දිමට කටයුතු කරන්නේ නම්, ඔවුන් ඇගයීමට රජය කිසිසේත්තේ ම පැකිළෙන්නේ නැති බව ද මේ සම්බන්ධයෙන් අප ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවැසිය. ඉතින් ලෝකෙම ආදරේ දිනාගත් යෝහානිට මේ ගෞරවය පිරිනැමීමට ගත් තීරණය පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?