අක්කලා මල්ලිලාට ආදරේ කරන්නේ ඇයි

වයස ආදරයට බාධාවක් නෙවෙයි කියලා ඔප්පු කරපු සිදුවීම් අද කාලයේ ඕන තරම් තියෙනවා. වැඩිමහල් කාන්තාවන් සහ වයසින් බාල තරුණයින් අතර ප්‍රේම සබඳතා විවාහයකින් කෙලවුරු වුණු පුවත් සුපිරි තරු අතරේ පවා අසන්නට දකින්නට ලැබෙනවා. Kate Moss, Priyanka Chopra, Heidi Klum වැනි සුපිරි තරු ඊට උදාහරණයි. ඔවුන් තමන්ගේත් තම සහකරුවන්ගේත් අතර ඇති වයස පරතරය තම විවාහ ජීවිතයට බාධාවක් කියා සිතන්නේ නැහැ. නමුත්, අපි දන්නවා සමාජ සම්මතයට අනුව මෙවැනි ප්‍රේම සබඳතා ගැන සමාජය බලන්නේ වපර ඇසකින්. කෙසේවෙතත්, සමාජ සම්මත නොතකමින් තමන්ගේ ජීවිතය තමන් ගත කරන්නේ කවුරුන් සමඟ දැයි තිරණය කිරීමට තරම් බොහෝ කාන්තාවන් නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අද කාලයේදි බහුලව දක්නට ලැබෙන දෙයක්. වැඩිමහල් කාන්තාවන් වයසින් බාල තරුණයන්ට කැමති ඇයි? අපිට හමුවුණා හේතු කිහිපයක්ම.,

බාල තරුණයින්ගේ ශරීර සුවඳ ආකර්ෂණීය වීම නිසා

මීට හේතුව තමයි තාරුණ්‍යයේ හිනි පෙත්තේ සිටින ඔවුන්ගේ සිරුරු අතිශය නීරෝගී වීම. අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වයසින් මුහුකුරා යත්ම සිරුරේ සුගන්ධය සැර අධික වෙමින් ක්‍රමයෙන් වෙනස් වන බවයි. තරුණයින් බොහෝ විට කොලෝන්  සහ බොඩි ස්ප්‍රේ වර්ග භාවිතයට ඉතා වැඩි ප්‍රියතාවයක් දක්වති. සුවඳ කියන්නේ ආකර්ෂණයට ප්‍රබලව බලපාන දෙයක්. සුවඳට ආකර්ෂණය වීම සම්පූර්ණයෙන්ම අචේතනික දෙයක්. ඒ කිව්වේ අපිට නොදැනීම තමයි අපි සුවඳට වශි වෙන්නේ. ඉතින්, කාන්තාවන් තරුණයින්ට ආකර්ෂණය වෙන්නේ ඒ නිසයි.

බාල තරුණයින් ලෝකය අත්දකින්න උත්සාහ කරන්නේ වෙනස්ම විදියකට නිසා.

මේ සඳහා generation gap කියන දේ ගොඩක් බලපානවා.  අලුත් පරම්පරාවේ තරුණයින් තමන්ගේ හැසිරිම්, ගති පැවතුම් සහ සිදුකරන දේවල් පවා හරිම වෙනස්. මේ වෙනසට කාන්තාවන් ගොඩක් කැමතියි කියලයි කියන්නේ. හරියට ලෝක 2 ක් එකතුවුණා වගේ උපරිම විනෝදයක් සහ සතුටක් එවැනි යුවලක් විසින් අත්දකිති. ජීවිතය වෙනස්ම විදියකට දකින අයෙකු සමඟ ජීවත් වීම සැහැල්ලුවක් වගේම වෙනස්ම මුහුණුවරක් ජීවිත වලට එක්කරනු ලබයි.

තරුණයින් අඳින පලඳින විදිය විලාසිතානුකූල බවින් වැඩි ආකර්ෂණීය ඒවා වීම නිසා.

තරුණයින් තමන්ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත්. අලුත්ම trends අනුගමනය කිරීමට් ඔවුන් වැඩි ප්‍රියතාවක් දක්වනවා. අලුත්ම විලාසිතා සමඟ නිතරම update වෙමින් තමන්ගේ බාහිර පෙනුම ආකර්ෂණීයව තබාගන්න ඒ අය හරිම උනන්දුයි. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ තරුණයින්ගේ විලාසිතාවන් කාන්තා ආකර්ෂණය දිනාගැනීමට සමත් වන ප්‍රධාන සාධකයක් බවයි. කෙනෙක් තමන්ගේ බාහිර පෙනුම පවත්වාගන්නේ කොහොමද කියන දේ ගැන කාන්තාවන් විසින් වැඩි වැදගත්කමක් ලබාදෙන දෙයක් නිසා ඔවුන් පිරිමි අයගෙන් ද එය අපේක්ෂා කරන බව එහි සඳහන්.

බාල තරුණයින් උපරිම ජවයකින් හෙබි වීම නිසා

ජවය කියන්නේ සබඳතාවක පැවැත්මට ඉතා වැදගත් වන සාධකයක්. ජවයෙන් ශක්තියෙන් පිරිපුන් තරුණයින් ජීවිතයේ අලුත් අත්දැකීම් ලැබීමට, අලුත් දේ උත්සාහ කර බැලීමට, ගවේෂණයට සහ සංචාරයට ඉතා දැඩි උනන්දුවක් දක්වති. එවැනි අය සමඟ ජීවිතය බෙදාගැනීමට කාන්තාවන් ඉතා කැමතිය. ඒකාකාරී ජිවිතයකට වඩා විනෝදයෙන් සහ අලුත් අත්දැකීම් වලින් පිරුණු ජීවිතයක් යනු මතකසටහන් ‍රැසක් ලබාදෙන්නකි. කාන්තාවන් කැමති එවැනි ජීවිතයකට කියලයි කියන්නේ.

බාල තරුණයින්ගේ flattering  හැකියාව ආකර්ෂණීය එකක් වීම නිසා

ප්‍රේම සබඳතාවක romantic ගතිය නැතිනම් එය හරිම හිස් සබඳතාවක් වගෙයි. තමන්ගේ පෙම්වතා තමාව අගය කිරීම තරම් සතුටක් කාන්තාවකට නැහැ. බාල තරුණයින් තමන්ගේ පෙම්වතිය වයසින් වැඩි කෙනෙකු වුණා කියලා ඇයට හිමිවිය යුතු ඇගයීම ලබාදීමට අමතක කරන්නේ නැහැලු. ඒ නිසාම කාන්තාවන් වයසින් අඩු තරුණයින් සමඟ ප්‍රේමයෙන් බැ‍ඳෙන්න මේ කරුණත් එක් හේතුවක් කියලයි කියන්නේ.

දරුවන් ගැන සිතමින් වද නොවන නිසා

ගොඩක් තරුණයින් අද කාලයේ දරුවන් ගැන සැලසුම් කරන්නේ වයස අවුරුදු 30 පසු වු විට හෝ ඊටත් වඩා කල් ගත වූ පසු බව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. බොහෝ විට ස්ථාවරයකට පත් වී සිටින අය පවා දරුවන් ලැබීම ගැන තීරණයකට එලඹීමට හදිසි වන්නේ නැහැයි කියලයි පෙනි යන්නේ. දරුවන් ලැබීමට අකමැති කාන්තාවන් ද සමාජයේ ඉන්නවා. ඉතින්, තරුණයින්ගේ මේ ප්‍රතිතිපත්තියට ඇතැම් කාන්තාවන් ආකර්ෂණය වෙනවාලු.

තමන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන නිසා

වයසින් බාල තරුණයින් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන බවයි කියන්නේ. දෙදෙනා සමඟ එකට සතුටින් කාලය ගත කිරීම විවාහ ජීවිතයේ නීරෝගි පැවැත්මට ඉතා වැදගත් වන්නක්. ඉතින්, මේ කරුණ නිසාත් කාන්තාවන් ඔවුන්ට ආකර්ෂණය වෙන බව සඳහන් වෙනවා.

ඔවුන්ගේ සරුබව නිසා

වයසින් ලාබාල තරුණයින් ගේ සරුබව ඉතා ඉහළ මට්ටමක පවතියි. විවාහ ජීවිතයේ දරුවන් ගැන සැලසුම් කිරීමේදී එය වැදගත් සාධකයකි. ගැබ්ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවීම විවාහය දික්කසාදයකින් කෙලවර වීමට තරම් දැඩිව බලපාන හේතුවක් විය හැකියි, විශේෂයෙන්ම මදසරුබව නිසා දරුවන් නොමැතිවීම වැනි ගැටලු හේතුවෙන්.