‘හැමෝම බලන් ඉන්නේ මට මඩ ගහන්න’ ජනප්‍රිය නිලි ගයේෂා කියන කතාව

ගයේෂා පෙරේරා කියන්නේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇය සම්බන්ධ වු සියළු නිර්මාණ බොහොමයක් ආදෝලාත්මක නිර්මාණ. නමුත් එම නිර්මාණ සියල්ලම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් ඇය දක්ෂ බව කියන්න වෙනත් උපහැරණ අවශ්‍ය නෑ. මේ වනවිට විදෙස් රටක ඉන්න ගයේෂා ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. අවුරුදු පහක් ඇය ජිවත් වෙන්වේ විදෙස් රටක. ඇය මේවන විට මවක්. ගයේෂා මේ වෙද්දි රසිකයන්ට අමතක වෙලාද? “ඉස්සර තරම් ප්‍රතිචාරනම් ලැබෙන්නේ නෑ දැන්. හැබැයි සමාජ මාධ්‍ය වල මට ආදරේ කරන අය මට කතා කරන අය ඉන්නවා. ඉතින් මාව අමතක වෙලාම නෑ.”

රඟපාන්න අවස්ථා ලැබෙන්නේ නැද්ද දැන්, “ආරාධනා ලැබෙනවා. ලංකාවට ආවහම ආරාධනා ලැබුනොත් මම පිළිගන්නවා. මෙහේ ආරාධනා ලැබුනේ ශ්‍රි ලංකාවේ රූගත කරන නාට්‍යයකට සම්බන්ධ දර්ශන තල කිහිපයකට. කොවිඩ් තත්වය ටිකක් මඟ ඇරනහම මම නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. එහෙම නැතුව රඟපාන්න ලොකුවට උවමනාවක් නෑ දැන්”

ඉස්සර ගයේෂාට මඩ ගහපු තරමට අද තත්ව⁣ය වෙනස් නේද? “කොහොමත් ගොඩක් අය බලන් ඉන්නේ මට මඩගහන්න. හැබැයි මම ඒ කිසි දෙයක් භාරගන්න කෙනෙක් නෙවෙයි. ප්‍රසිද්ධ වෙන ඕනිම කෙනෙක්ට මේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. හැබැයි මම ඕනිවට වඩා ඒ දේවල් ගැන හිතන්නේ නෑ. මගේ ෆේස්බුක් ෆොටෝ වලට නරක කමෙන්ට් කරන අය පවා මම දකිනවා.

හැබැයි මම ඔවුන්ටවත් මොනවත් කියන්නේ නෑ. මිනිස් ජිවිතයක් ලබන්න අපි කොයි තරම් පින් කරන්න ඕනිද. ඉතින් ඒ නිසාම මම මගේ ජිව්තේ විදවන්නේ නැතුව විදිනවා. මට පුළුවන් හැම මොහොතකම මම සතුට්න් ඉන්නවා. මඩ කියන දේවල් භාරගන්නේ නැතුව. කවුරු මොනවා කිවුවත් තමන්ගේ හිත ශක්තිමත් නම් ඒ කියන කතා අදාළ වෙන්නේ නෑ”

ඔබ සංචාරයට කැමති කෙනෙක් නේද? “ඔව් මෙහේ ගොඩක් ලස්සන තැන් තියෙනවා. මගේ පුතා හරි ආසයි ඇවිදින්න ඒ තැන්වල. ඉතින් මගේ ලංකාවේ ඉන්න දුලා පුතාලට ඒ නොදැකපු ලෝකය ගැන පෙන්වන්න මම හිතුවා. ඒකටම මම යුටියුබ් එකක් පටන් ගත්තා. ඒ නිසා ලංකාවේ අයට මෙහේ ලස්සන බලන්න පුළුවන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *