‘සමහරු වගේ මම යුටියුබ් දාලා ළමයි විකුණන් කන්නේ නෑ’ ජනප්‍රිය නිලි මහේෂි කියන කතාව

අහිංසක චරියක් ලෙස රංගනය තුළින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය නමින් මහේෂි මධුසංකා. රංගනයට උපන් හැකියාවකින් යුත් ඇය 2019 Mrs.sri lanka for Mrs.universe විවාහක රූ රැජින කිරුළටද හිමිකම් කියනවා. අද අපි අපේ කතා බහට එකතු කරගන්⁣නේ ඇයවයි. පහුගිය කාලය පුරාවට ඔබ කලාවේ දකින්න ලැබුනෙ නෑ. “ඔව් ඒකට හේතුව මගේ පුතු පැටියා. මට නිර්මාණ වලට ආරාධනා ලැබුනත් පුතා නිසා මම ටිකක් නිර්මාණ වලින් ඈත් වෙලා හිටියේ. ඉදිරියට අලුත් නිර්මාණ කිහිපයක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

මට ලැබුන ලොකුම සම්මානය අම්මා කියන සම්මානය. ඉතින් ඒ උතුම් පදවිය වෙනුවෙන් මම මගේ ජිවිතේ කැප කරන්න සුදානම්. දරුවා එක්ක ගෙවපු කාලයට පුංචි විවේකයක් දිලා ඇය ටෙලි නාට්‍යාය් අවසන් කොටස් කිහිපයට මම සම්බන්ධ ⁣වුනා. දැන් ටික ටික ආරාධනා භාරගෙන ආයේත් කලාවට එකතු වෙන්න තමා මම හිතාගෙන ඉන්නේ.”

නිරූපණයත් එක්ක ඔබ රංගනයට තිත තියනවද? “මගේ ජිවිතේ අද මට දෙයක් ලැබිලා තියෙනවනම් ඒ හැමදේම ලැබුනේ රංගනය නිසා. ඒ නිසා මම කිසිම වෙලාවක රංගනයට ගරහන්නේ නෑ. මට ප්‍රේක්ෂක ආදරය ලැබෙන්න ගත්තේ රංගනයත් එක්ක. ඒ නිසා මම රංගනය අතාරින්නේ නෑ කිසි මොහොතක. හැබැයි හොද නිර්මාණයක් ලැබුනොත් මම නිරූපණයට සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න රංගනය අතහැරලා නිරූපණය කරනවා කියන තැන මම නෑ. අනික නිරූපණය කියන කලාව ඇතුලේ මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.⁣ ටිකෙන් ටික ඒ දේවල් ඉගෙන ගෙන නිරූපණයත් කරනවා.”

බොහෝ නළු නිළියන් ප්‍රසිද්ධිය පස්සේ යන කාලේක ඔබ හරි වෙනස් චරිතයක්, “මම කොහොමත් ජිවිතේ ඇතුලේ හැමදේම ප්‍රසිද්ධ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම ගොඩක් කැමති සාමාන්‍ය කෙනෙක් විදිහට ජිවත් වෙන්න. මම කරන කියන දේවල් දන්නේ මගේ ගෙදර අය විතරයි. තරඟයකට ගියත් එහෙමයි කෙටියෙන් මම විවාහ වුනෙත් වෙඩින් එකක් අරගෙන නෙවෙයි. විවාහය කියන්නේ ප්‍රසිද්ධ කරන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක දෙන්නෙත් අතර ඇතිවෙන විස්වාසය හා බැදුන දෙයක්. මේක පෞද්ගලික දෙයක්. මම බබා ලැබෙන්න ඉද්දි ඒකවත් ප්‍රසිද්ධ කලේ නෑ. මට ෆොටෝ ෂුට් වලට ආරාධනා ලැබුනත් මම ඒවා පිළිගත්තේ නෑ. දැන් ඉන්න ගොඩක් අය ගැබ් ගත්ත දවසේ ඉඳන් ඒවා වීඩියෝ කර කර යුටියුබ් දානවා. හැබැයි මම සමහරු වගේ මගේ ළමයි විකුණගෙන කන්න කැමති කෙනෙක් නෙවෙයි. අනික ඇයි අපි මාතෘත්වය වගේ උතුම් දෙයක් එච්චර පහත් තැනකට දාන්නේ.”

ඔබ 2019 දිනාගත් කිරුළ ගැනත් කතා කරමු, “ඔව් මට 2019 Mrs.sri lanka for Mrs.universe විවාහක රූ රැජින කිරුළ දිනාගන්න පුළුවන් වුනා. මේක මගේ තනි ජයග්‍රාහණයක් නෙවෙයි. ⁣විශේෂයෙන් මගේ සැමියාගේ පවුලේ අයගේ කැපවිම. මට වුනත් ලොකු කැප කිරිමක් කරන්න සිද්ධ වුනා. මට ඇත්තටම ගොඩක් අය උදව් කළා. මම විවාහ වෙන්න කලින් ඉදලම ආස කලා දවසක විවාහ රූ රැජින වෙන්න. ඉතින් බයෙන් වුනත් මම මගේ ගමන යන්න හිතාගත්තා මට අවසානේ මගේ හීනයට යන්න පුළුවන් වුනා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *