‘ෂෙනාලි තමයි මගේ නංගි බබා’ තරුණියන්ගේ සිහින කුමාරයා අශාන් කියන කතාව

‘විජයබා කොල්ලය’ සිනමාපටය කියන්නේ කාගේත් හදවත දිනාගත්ත නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පියෙක් තමයි අශාන් ඩයස් කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ඔහු සමඟයි. අශාන්ගේ රංගන ජිවිතේ ආරම්භය ගැන කතා කලොත්, “වසර දහයකට විතර කලින් ‘අලිමංකඩ’ කියන නිර්මාණයෙන් තමා මම කලාවට සම්බන්ධ වෙන්නේ.

ඊට පස්සේ කොමන් මෑන් කියන නිර්මාණයේත් පොඩි චරිතයකට සම්බන්ධ වෙන්න මට පුළුවන් වෙනවා. ටික කාලයක් නිර්මාණ වලට සම්බන්ධ නොවෙද්දි සෝමරත්න දිසානායක මහතාගේ සිරි පැරකුම් නිර්මාණයට මම සම්බන්ධ ⁣වෙනවා. ඊට පස්සේ තමා මම විජයබා කොල්ලය කියන නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ඉදිරියේදි තව චිත්‍රපට පහක් වගේ තිරගත වෙන්න තියෙනවා.”

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද? “දැන් ටික කාලේක ඉදන් රංගනය තමා කරන්නේ. මොකද සිනමාවට සම්බන්ධ වුන නිසා. මම වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. අවුරුදු 9ගක් විතර මම ඒ වෘත්තියේ හිටියා. මම අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ හිටියේ. හැබැයි ලංකාවට ආවට පස්සේ සිනමාවට සම්බන්ධ වුනා.”

ඔබට විජයබා කොල්ලය නිර්මාණයේදිත් සෙනාලි හම්බවෙනවා රංගනයට. ඒ වගේම හේමාල්. ඒ බැදිම ගැන කතා කලොත්, “සෙනාලි මම අතරේ තියෙන්නේ අවුරුදු ගානක මිත්‍රතත්වයක්. එදා සිරි පැරකුම් ටෙලි නාට්‍යයේ සෙනාලි තමයි නංගි බබා වුනේ. හැබැයි මේ නිර්මාණ යේදි එයා තමයා මගේ පෙම්වතිය වෙන්නේ. මට සෙනාලි එක්ක රඟපාන එක ආදුනික නෑ. මමයි හේමාලුයි අදුරගන්නේ 1970 ‘ලව් ස්ටෝරි’ කියන චිත්‍රපටය අතරේ. ඉතින් ඒ හදුනා ගැනම අද මෙම නිර්මාණයට සාර්ථක පිටුවහලක් වුනා. මාව මේ චරිතයට හොදයි කියලා තෝරලා දෙන්නත් හේතුවක් වුනේ හේමාල්. අපි අතරේ මේ තියෙන බැදිම හැමදාම තියේවි.”

ඉතින් ඉදිරියේදී මොකද කරන්න හිතන් ඉන්නේ. ”මෙහෙමයි මම හීන ගොඩක් තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මම නිතරම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් මට ලොකු ලොකු හීන නෑ. කවදා හරි රංගනය පැත්තෙන් හොඳ දෙයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. වෙන හීන මට නෑ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *