Fri. Jan 28th, 2022

දමිතා අබේරත්න කියන්නේ ලාංකිය කලා ලෝකයේ චරිතාංග රංගන ශිල්පිනියක්. ඉතින් ඇගේ විවාහ ජිවිතය ගැන බොහෝ දෙනෙක් කතා කලා. ඒ නිසාම අපි හිතුවා ඇය සමඟ කතා කරන්න. මේ ඇය ගැන කතාවයි. දමිතාගේ ආදර කතාවෙන්ම අපි කතාව පටන් ගමු, “අපි අදුරගෙන අවුරුදු 18 පමණ වෙනවා. ජිවිතේ මොන මොන ප්‍රශ්න බාධක ආවත් අවුරුදු 18 අපේ ආදරේ ආරක්ෂා වෙලා තිබුනා. අපි හැම වෙලාවකම අපේ ප්‍රශ්න කතා බහ කරලා විසදගන්නවා. ආදරයෙන් ජිවත් වෙනවා. මම හිතන්නේ ඒක තමා දෙන්නෙක් අතර තියෙන්න ඕනි ලොකුම දේ. අපි අතරේ අඩුපාඩු හදාගෙනයි අපි ආදරෙන් ඉන්නේ”

නොගැළපිම් ගැළපිම් කරගත්ත එකද ආදර කතාවේ සාර්ථකත්වය, “ආදරේ කරද්දි ප්‍රශ්න එද්දි ඇත්තටම දරාගන්න අමාරුයි. ඒකට හොද ඉවසිමක් තියෙන්න ඕනි. මම හිතන්නේ අපේ ආදරය තුළින් මම ඉගෙන ගත්ත ලොකුම දේ ඉවසිම. ඉස්සරනම් මට වුනත් ඉක්මනින් කේන්ති යනවා. තරහ යනවා. හැබැයි දැන්නම් ගොඩක් දුරට මම ඉවසනවා”

ඔබ කැමතිම ගුණය මොකක්ද ඔහු තුළ තියෙන, “එයා කිසිම වෙලාවක මාව සැක කරන්නේ නෑ. එයා මගේ ෆෝන් එකවත් බලන්නේ නෑ. අනික එයා කොයිම වෙලාවකවත් මට කරදරයක් වෙන්නේ නෑ. මම කරන වැඩේ හොදට කරන්න කියලා එයා මට වදයක් නොවි ඉන්නවා. මානසික නිදහස කියන දේ එයා මට ඕනවටත් වඩා දීලා තියෙනවා. මම කරන හැම වැඩකදිම මගේ හයියට එයා එනවා. බොරුවට අකමැති කෙනෙක් එයා. අපි බොහොම සරලව ජිවත් වෙන්නේ දෙන්නම. අනික අපි දෙන්නම කැමති පොළවේ පය ගහලා ජිවතේ ඉස්සරහට යන්න.”

ගෙදර වැඩ වලට ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද? “මම විවේකයක් නැතුව එක දිගට වැඩ කරනවනම් එයා මට ලොකු සහයෝගයක් දෙනවා. අපි ඉතින් එකිනෙකාට උදව් කරගෙන ගොඩක් සහයෝගයෙන් පවුල ඇතුලේ ජිවත් වෙනවා.”

කට කතා නිසා ඔබේ ආදරයට ප්‍රශ්නයක් ඇති වුනේ නැද්ද? “කටකතා කොච්චර හැදුනත් මගේ ජිවිතේට කිසිම බලපෑමක් ඇති කරන්න ඒ කතාවලට බැරි වුනා. මම වටා ඉන්න හැමෝම මාව තේරුම් ගත්ත අය ඉතින් ඒ නිසා කටකතා කියන්නේ මාව වට්ටන්න පුළුවන් දෙයක් නෙවෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *