‘ලැජ්ජා නැතුව පාරේ යන්න පුළුවන් ඇඳුම් විතරයි මම අඳින්නේ’ මලක් වගේ සුන්දර විනූ කියන කතාව

විනු සිරිවර්ධන කියන්නේ ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව තම වසඟයට ගත් සුන්දර රංගන ශිල්පිනියක්. අද අපි ලස්සන විමේ රහස් ගැන කතා කරන්න තෝරගත්තෙ ඇයවයි. සුන්දර රූ සපුවක් හිමිවිම නිසාම ඇයට අද ජිවිතේ බොහෝ දේ ලැබිලා ⁣තියෙනවා. නමුත් ඇය රංගනය තුළ තම නම රදවාගෙන ඇත්තේ දක්ෂතාවය සහ ඒ පිළිබඳව හැදෑරිම නිසා බවයි ඇය අප හා කියා සිටියේ. ඇත්තටම කාන්තාවකට ලස්සන කියනදේ වැදගත් දෙයක්ද? “ඇත්තටම ඔව්. කාන්තාවකගේ බාහිර ස්වරූපය මෙන්ම අභ්‍යන්තරයද ලස්සන වෙන්න ඕන. මොකද බාහිර ලස්සන විතරක් තේරුමක් නෑ ජිවිතේකට. හදවතත් ලස්සන වෙන්න ඕන.”

මුහුණ ලස්සන හැමෝගෙම හදවත ලස්සන නෑ නේද? “ඔව් ඇත්තටම මට වුනත් එහෙම අය මගේ ජිවිතේ හමුවෙලා තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ විවිධාකරයි. ඉතින් ඒ නිසා අපිට පෙනුමෙන් කිසි⁣ම කෙනෙකුගේ හදවත මනින්න පුළුවන් කමක් නෑ හදවත ලස්සන අයගේ රූපය අවලස්සන වෙන්න පුළුවන්. රූපය අවලස්සන අයගේ හදවත ලස්සන වෙන්න පුළුවන්. ඇත්තටම සිද්ධ වෙන්න ඕනි හදවත ලස්සන වෙන්න ඕනි එකයි.”

විනූ කැමති විලාසිතා ගැන කිවුවොත් “මම විලාසිතා කරන කෙනෙක්. හැබැයි මම මුලින්ම හිතන්නේ මට මම කරන විලාසිතා ගැළපෙනවද කියලා. මොකද මට ලැජ්ජා නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් ඇදුම් මම අදින්නේ. අනිත් කාරණය තමයි මම දකින දකින විලාසිතා කරන්නේ නෑ. ගොඩක් වෙලාවට මම මටම ආවේනික විලාසිතාවන් නිර්මාණය කරගන්නවා”

ඔබ කෑමබීම පිළිබඳ සැලකිලිමත් කෙනෙක්ද? “ඇත්තෙන්ම ඔව්. මම කෑම පාලනය කරන කෙනෙක්. උදේ, දවල්, රෑ කෑම ගැන මම ගොඩක් සැලකිලිමත් කෙනෙක්. ඒ වගේම මම ගොඩක් පළතුරු කනවා. ගොඩක් වෙලාවට මම පළතුරු ආහාරයට ගන්නේ උදේ වරුවට. මොකද ඒක මගේ ශරිරයේ පැවැත්මට ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා”

සමේ පැහැය රදවගන්න ඔබ මොකද කරන්නේ, “විශේෂයෙන් කරන දේ මම ගොඩක් වතුර බොනවා. දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය මම කොහොම හරි පානය කරනවා. ඊට අමතරව සම පැහැපත් වෙන්න කියලා හිතලා උදේට කැරට් ජුස් එකක් බොනවා. ඒ වගේම ගොඩක්ම හෙල්දී කෑම තමයි මම ගන්නේ. ඉඳලා හිටලා ඉතින් ආසාවට කඩචෝරු ටිකක් කනවා”

කාන්තාවක අධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනි, “මගේ පෞද්ගලික අදහස අපි හරි විදිහට ජිවත් වෙනවනම් ඕනම වෙලාවක අනිත් අයව අගය කරලා කතා කරන්න පුළුවන්නම් කෙනෙකු⁣ට වචනයෙන් හරි උදව් කරන්න පුළුවන්නම් ඇත්තටම ඉබේම අපි ලස්සන වෙනවා. කාන්තාවට පිරිසිදුකම පිළිවෙල එක්ක බැදුන ලස්සන කියන්නේ ආභරණයක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *