‘රඟපාන්න ගිහින් මගුල් නටලා ගෙදර එන්න එපා කිවුවා’ ජනප්‍රිය නිලි මල්කාන්ති කියන කතාව

ගුවන් විදුලිය, සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකාව ඇයට ආදුනික නොවේ. මේ සියළු කලා⁣වගෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය මල්කාන්ති ජයසිංහ. අද අපේ සොදුරු කතා බහ ගෙනියන්නේ ඇය සමඟයි. අවුරුදු 36කට වැඩි කාලයක් කලාව හා දිවි ගෙවන ඇය සැබවින්ම කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක්.

ඔබව අපි අතීතයට අරගෙන ගියොත්,? “මම පුංචි කාලේ ඉදන්ම රඟපාන්න කැමති කෙනෙක්. ඒක මට තිබුන උණක් වගේ. දවසක් මම පත්තරයක දැක්කා සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය වැඩමුළුවකට ළමයි ගන්නවා කියලා. එදා ළමයි 40 අතරින් ගත්ත 25 දෙනාට මාව තේරුනා. ඒ 1982 වසරේ. මට ඒ වැඩමුළුව ඕන වුනේ රඟපාන්න නෙවෙයි. රංගනය ගැන දැනගන්න. ඔය වැඩමුළුවේ ඉන්න ගමන් මට ළමා චරිතයක රංගනයට අවස්ථාව ලැබෙනවා.

රන්මලී, කතන්දර දෙකක්, ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි වගේ ගොඩක් නාට්‍ය වල රඟපාන්න ලැබෙනවා. ඇත්තටම ඒක මට ලැබුනේ ප්‍රවිණයන් එක්ක.1995 මට හොදම සහය නිළිය සම්මානය ලැබෙනවා දෝන කතිරිනා නාට්‍ය වෙනුවෙන්. මගේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ දොරකඩ මාරාව. එහිදි මට සම්මාන දෙකක් ලබාගන්නත් පුළුවන් වෙනවා. හැබැයි 1987 පස්සේ මට ගොඩක් වැඩ කරන්න ලැබුනේ ටෙලිනාට්‍ය එක්ක.”

ඔබ පාසල් කාලේ ඉදන් රංගනයට කැමති කෙනෙක්ද? “පාසල් කාලේ මම හරිම නිශ්ශබ්ද චරිතයක් කිවොත් හරි. මම බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුනත් එක්ක තමා උඩට එන චරිතයක් බවට පත්වුනේ. පාසල් කාලේ මම හොද ක්‍රිඩිකාවක්. පාසල් කාලේ මට රංගනය කරන්න සිද්ධ වුනා පිරිමි චරිතයක්. ඒ කාලේ මේකප් නෑනේ. ම⁣ගේ කොණ්ඩය සුදු කලෙත් පවුඩර් වලින්. එදා හොදම නළුවා සම්මානයත් මට ලැබුනා. මට ඒ විදිහට පාසල් කාලේ මතක් වෙද්දි ඇත්තටම ⁣ගොඩක් සතුටුයි.”

ඔබගේ විවාහය ගැනත් කතා කලොත්, “මම විවාහ වෙන්නේ 1992වසරේ. මට එයාව මුණ ගැහෙන්නේ සෝමලතා සුබසිංහ මහත්මියගේ වැඩමුළුවෙන්. නාට්‍ය අංශයේ තාක්ෂණ ශිල්පියෙක් විදිහට තමා එයා වැඩ කරන්නේ. එයාට මේ කලාව ගැන හොද අවබෝධයක් තිබුනා. මම විවාහ වුනාට පස්සේ තමා ගොඩක් දේවල් ලැබුනේ. එයා මට කවදාවත් රඟපාන්න එපා කියලා කිවේ නෑ. හැමදාම මගේ ගමනට උදව් කලා. අද මට ලොකු දරුවෝ ඉන්නවා. එයාලා යන්න ආස මොන කේෂ්ත්‍රයට ද මම ඒකට උදව් කරනවා.”

ජිවිතේ කලාවට ආව මුල් කාලේ ඔබට වේදිකාව තමා ගැළපෙන්නේ කියලා හිතුන තැන් තියෙනවද, “එහෙම විශේෂයක් නෑ. මාව කලාවට සම්බන්ධ වුනේ හරි අහම්බයෙන්. මට නිළියන්ගේ පිස්සුවක් තිබුනෙත් නෑ. මම කලාවට එද්දිමට අවුරුදු 21යි. තරුණ කාලේ කලාවට සම්බන්ධ විම ගැන ගෙදරින් මට කිසිම විදිහකට අනුබලයක් ලැබුනේ නෑ. එයාලා නිතරම කිවේ ගෑණු ළමයෙක්ට මේ කේෂ්ත්‍රය ගැලපෙන්නේ නෑ කියලා.

මම තනි තිරණයක් අරගෙන තමයි මේ විදිහට කලාවට එන්නේ. තාත්තා එදා කියපු දේ අද වගේ මට මතකයි “රඟපාන්න ගිහින් මොනවා කලත් කමක් නෑ නම කැත කරගෙන ගෙදර එන්න එපා” කිව්වා. කාලයක් යද්දි මගේ දෙමාපියන් මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වුනා. අද වෙනකන් මට ලැබෙන පුංචි දේකින් වුනත් මම සතුටු වෙන කෙනෙක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *