‘මොනවා උනත් මම සැපේ ඉන්නවා’ හැමෝම ආදරේ කරන සුදු චූටි සෙනාලි කියන කතාව

වර්තමානය ටෙලි වංශකතාවේ රසිකයින් බොහෝමයක් ආදරෙන් වැළදගත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පාඨලි නොදන්න කෙනෙක් නැති තරම්. ඇය නමින් සෙනාලි ෆොන්සේකා. සිනමාව පුංචිතිරය තුළ ආදරණිය චරිතයක් වෙන ඇය සමයි අද ලස්සන විමේ රහස් ගැන කතා කරන්න සුදානම් වෙන්නේ. සෙනාලි හිතන විදිහට කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් වෙනවද, “ඔව් මම හිතනවා කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා. මේ ලෝකේ ඕනිම කාන්තාවකට ආවේණික ලස්සනක් පෙනුමක් තියෙනවා.

ඒක එක එක කෙනාට සාපේක්ෂව වෙනස්. අපි අපිට උපතින් ලැබුන ලස්සන රැකගන්න ඕන. කෙනෙකුගේ රූපය ලස්සන වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ කටහඩ, මේ විදිහට එකඑක විදිහට කාන්තාව⁣න්ගේ ලස්සන කියන දේ වෙනස් වෙනවා. අනිත් කාරණය තමයි නිරෝගිව ඉන්න ඕන. පිරිසිදුව ඉන්න ඕන. ඒ විතරක් නෙවෙයි කාන්තාවක් වුනත් තමන්ට හිමි පෞර්ෂයයක් හදාගන්න ඕනි”

සිතුවිලි වලින් ලස්සන වෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕනි,? “මම හිතන්නේ අපි සිතුවිලි වලින් ලස්සන වෙන්න අනිවාර්යයෙන් සතුටින් ඉන්න ඕන. මම හිතන්නේ නැව ගිලුනත් බෑන් චූන් කියලා. ජිවිත වලට ප්‍රශ්න එනවා යනවා. මොකද ප්‍රශ්න නැති කිසිම කෙනෙක් ඇතියි කියලා මම හිතන්නේ නෑ. දුකක් කරදරයත් එද්දි අපි ඒකට මුහුණ දෙන් අපේ හිත ශක්තිමත් කරගන්නම ඕනි. ඒක තව කෙනෙක්ට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමාගේ සිතුවිලි වලින්ම ⁣ගොඩ නගා ගන්න ඕනි දෙයක් විදිහටයි මම දකින්නේ.”

ඔබ කෑම බීම ගැන සැලකිලිමත් කෙනෙක්ද? “අම්මෝ ඔව්. මම ගොඩක් වෙලාවට වසවිස නැති ගුණදායක ආහාර ගන්න කැමති කෙනෙක්. මම කොච්චර ආස කෑම වුනත් වෙලාවකට නොකා ඉන්නවා මහත් වෙයි කියලා. මොකද මට කෑම බීම වලට වඩා මගේ නිරෝගිකම ගොඩක් වටිනවා. පළතුරු වගේ දේවල්නම් මම ගොඩක් ආහාරයට ගන්නවා. මම විශේෂයෙන් දවසකට වතුර ගොඩක් බොන කෙනෙක්. මම වෙනම පෝෂණ අති⁣රේකයක් එකතු කරගෙන තියෙනවා. ඒකට හේතුව දෛනිකව සමහර කෑම වලට මම දක්වන අකමැත්ත.”

සෙනාලි ලස්සන රැක ගන්න මොන වගේ දේවල්ද කරන්නේ, “බාහිර ලස්සන රැකගන්න පොඩි කැපකිරිමක් කරනවා මම. විවිධ ආලේපණ මට ගැලපෙන දේවල් පාවිච්චි කරනවා මම. මම අභ්‍යන්තරය ලස්සනට තියාගන්න මනස කියන දේ නිරවුල්ව තියාගන්නවා. අපේ හදවත ලස්සනයිනම් අපේ පෙනුම ⁣ඉබේම ලස්සන වෙනවා. අපි වෛර කරලා මොන ලබාගන්නද කාගෙන්වත්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *