‘මම හැඩ වෙලා තියෙන්නේ නළ දත නිසා’ ජනප්‍රිය නිලි දිනක්ෂි කියන කතාව

මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙන සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සාරංග දිසාසේකරගේ ආදරණිය බිරිඳ, ඇය නමින් දිනක්ෂි ප්‍රියසාද්. අද අපි ලස්සන කියන දේ ගැන කතා කරන්න තෝරගද්තේ ඇයවයි. දිනක්ෂි හිතන විදිහට කාන්තාවකට ලස්සන කියන වැදගත් කියලා හිතනවද? “අපිට කාන්තාව කියන සැනින් මතක් වෙන්නේ ලස්සන නේද. කාන්තාවන්ට ඇත්තටම ආවේණික ලස්සනක් තියෙනවා. අපිට ඕනිම කෙනෙකුගේ බාහිර ලස්සන දකින්න පුළුවන්.

හැබැයි මම විස්වාස කරන්නේ හදවතින්, සිතුවිලි වලින් අපි අවංක වෙන්න ඕන. එතකොට අපේ රූපය අපිටත් නොදැනිම ලස්සන වෙනවා. මනස ලස්සන වුනා කියලා එක දවසින් දෙකෙන් කෙනෙක් ලස්සන වෙන්නේ නෑ. හැබැයි කාලයත් එක්ක අනිවාර්යයෙන් රූපය ලස්සන වෙනවා. ඉතින් මම හිතනවා කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා.”

අපේ සිතුවිලි ලස්සන කරගන්න අපි මොකද කරන්න ඕන. “මම හිතන්නේ අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ තමා සිතුවිලි ලස්සන වෙන්න පුළුවන් තැනට හිත හැදෙන ප්‍රවේශය. අපිට ඇති වෙන තරහ වගේ දේවල් අපි බුද්ධිමත් විදිහට මග හරින්න පුරුදු වෙනවනම් අපේ ලේ පවා පිරිසිදු වෙනවා. ⁣අපේ චේතනාව තමා හැමදේටම මුල් වෙන්නේ. ඉතින් මම හැමදවසක්ම පටන් ගන්කේ යහපත් දේවල් ප්‍රාර්ථනා කරලා.යහපත් විදිහට.”

ඔබ ලස්සනයි කියලා ඔබට දැනුනේ, “මට ඇත්තටම මම පොඩි කාලේ ලස්සනයි කියලා දැනිලා නෑ. මොකද මගේ නංගිලා සුදුයි ගොඩක් පොඩි කාලේ ඉදන්. එයාලා දෙන්නා තමා වෙළඳ දැන්විම් වලට පවා ගත්තේ. ලස්සන කියන රාමුව ඇතුලේ ඇත්තටම මට ලැබුන දේවල් අඩුයි පොඩි කාලේනම්. මම අවුරුදු 17 තමා මුලින්ම වෙළඳ දැන්විමකට සම්බන්ධ වුනේ. එතනින් මගේ ගමන පටන් ගත්තා. ගොඩක් අය මට ආදරේ කරන්න ගත්තා. එදා තමා මට මම ගැන ලස්සනයි කියන හැගිම දැනෙන්න ගත්තේ”

විවාහ ජිවිතයකට බිරිඳගේ ලස්සන කියන දේ වැදගත් වෙනවද? “ලස්සන කියන දේ තිබුන පමාවට පවුල් ජිවිතයක් සාර්ථක වෙන්නේ නෑ. හැබැයි සැමියාගේ ආකර්ෂණය කියන දේ ලැබෙනවා. මොකද ඒ ආකර්ෂණය නිරතුරුව අපිට ලැබෙන්න ඕනි දෙයක්. අපි යාළුවෝ වගේ ඉන්න කාලේ අපි අපේ අපේ අඩුපාඩු හදාගන්න ඕන. බිරිඳක් විදිහට තම ස්වාමියා ලගට යද්දි අනිවාර්යයෙන් පිරිසිදුකම කියන එක කාන්තාවක් ලග තියෙන්නම ඕනි. ඒ වගේම පිළිවෙල කියන දේත් තියෙන්න ඕන. එතකොට ඕනිම පවුල් ජිවිතයක් සාර්ථක කරගන්න පුළුවන්.”

ඔබ හිතන විදියට ඔබ ලස්සනයි කියලා ඔබට දැනෙන්නේ කොහොමද, ” මෙහෙමයි ගොඩක් අය කියන්නේ මගේ නළ දත නිසා මස ලස්සනයි කියලා. සමහරුකියනවා නළ දත නිසා මම කැතයි කියලා. ඒක ඉතින් එක එක අය මාව දකින විදිහනේ. තව සමහර අය මගේ ෆිගර් එක ලස්සනයි කියනවා. මොනවා වුනත් ඒ හැම අදහසකටම රංගන ශිල්පිනියක් විදිහට මම ගරු කරනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *