‘මම විවාහ වෙන්න ඉන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ක’ ජනප්‍රිය නිලි නයෝමි කියන කතාව

නවක රංගන ශිල්පිනියක් වුණත් මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව හිමි කරගෙන තියෙනවා. මේ දිනවල ගොඩක් අයගේ ජනප්‍රිය කතාවක් වන නීල පබළු ටෙලි නාට්‍යය ජනප්‍රිය චරිතයක් වන පූජා ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. සැබෑ නමින් ඇය නයෝමි තක්ෂිලා. ගුරුවරියක් වෙන්න ආස කරපු තක්ෂිලා රංගන ශිල්පිනියක් වුණේ කොහොමද , ”මම 2012 2013 කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට එන්නේ රංගන කලාව පිළිබඳ උපාධියක් ලබාගන්න. මොකද මගේ ලොකු බලාපොරොත්තුවක් උනේ ගුරුවරියක් වෙන්න. අවුරුදු හතරක් විතර මට වේදිකා වල රංගනය කරන්න හම්බුනා. වේදිකාවට ආපු මට පුංචි තිරයටත් ආරාධනා ලැබුණා.

මට පළවෙනි වරට රඟපාන්න ලැබුණේ සිනමාවේ අග රැජින මාලනී ෆොන්සේකා මහත්මිය සමග. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම නිළියක් වෙන්න කවදාවත් බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. ඒත් මගේ පළවෙනි සිනමාවෙන්ම කලාවට එන්න මට ආස හිතුනා. කලාවට සම්බන්ධ වුණත් ඉදිරියේදී උපාධිය උපාදිය අවසන් කරලා ගුරුවරියක් වෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගමන මම ආවේ ගොඩාක් දුක් විඳලා.

අනික මම රංගනයට එන රංගනය පිළිබඳව ඉගෙනගෙන. මම උපරිම කැප වෙලා මගේ දක්ෂතාවය පෙන්වලා ඉස්සරහට යන්න කැමතියි. ඇත්තටම දෙයක් ලබාගන්න අපි උත්සාහ කරන්නේ ඕනේ. එදා මම රංගනයට උත්සාහ කළේ නැත්නම් අද මම අනුරාධපුරේට වෙලා විවාහ වෙලා පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙයි”

කලාව තුළ ඔබට කැපිලි කෙටිලි වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැද්ද, මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු නමයක් වෙනවා. හිත් රිදවීම් ප්‍රතික්ෂේප වීම් නැති තරම්. මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගොඩක් ගරු කරන කෙනෙක්. ඇත්තටම සුදුස්සාට සුදුසු තැන දීලා කටයුතු කළොත් අපිට අපේ ගමන යන්න ලේසියි. මම කලාවට කොච්චර පරණ කෙනෙක් වුණත් මම අලුත් නිර්මාණයකට යද්දි මම හිතන්නේ මම නවකයෙක් කියලා. ඉතින් ඒ නිසාම මට මේ ගමන යන්න හරි ලේසියි. කැපිලි කෙටිලි නෑ.

නීල පබලු ටෙලි නාට්‍යයේ පූජාට ලැබෙන ප්‍රතිචාර කොහොම ද, මට හැමදාම රංගනයෙන් දායක වෙන්න ඕනේ අහිංසක චරිත වලට. හැබැයි පූජා කියන්නේ වෙනස්ම චරිතයක්. අද වෙද්දි ගොඩක් අය පූජා කියන චරිතයට බනිනවා. මේක වෙනස්ම චරිතයක් මට. හැබැයි හරි ආසාවෙන් මං ඒක කරනවා.

ඔබේ විවාහය ගැන කතා කළොත්, ”හැමදාම මේ විදිහට ඉඳලා බෑනේ. ලබන අවුරුදු විවාහ වෙන්නයි සූදානම. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. එයා ව්‍යාපාරිකයෙක්. මගේ කලා ජීවිතේ ඉස්සරහට යන්න මගේ දෙමවුපියන් වගේම එයත් මට ලොකු සහයෝගයක් දෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද ඒ වගේ කෙනෙක්ගේ ආදරයක් ලැබීම ගැන. හරිම කෙනා හරිම තැනදි හරිම වෙලාවට හම්බ වෙනවා කියනවනේ. අන්න ඒ වගේ තමා මටත්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *