‘මම විදුහල්පති කෙනෙක් කියලා ගොඩක් අය දන්නේ නෑ’ ජනප්‍රිය නළු ප්‍රියන්ත කියන කතාව

ප්‍රියන්ත සෙනවිරත්න කලාව තුළ බොහෝ දෙනාගේ මුහුණට සිනහව දෙන්න පුළුවන් චරිතයක්. නළුවෙක් වගේම විටෙක නිවේදකයෙක් වෙන මොහු වෘත්තීයෙන් ගුරුවරයෙක්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු සමඟයි. ප්‍රියන්ත ගුරුවරයෙක් කියලා වැඩිය කවුරුවත් දන්නේ නෑ නේද, “ඔව් මම වෘත්තීයෙන් ගුරුවරයෙක්. මගේ විෂය නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය.

උසස් පෙළ අංශයට තමා මම ඉගෙනිම් කටයුතු කරන්නේ. මගේ ගුරු වෘත්තියට අවුරුදු තිහත් ඉවරයි දැන්. මේ වෙද්දි මම දකුණු කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර විදුහල්පති කෙනෙක් විදිහට වැඩ කරනවා. මම ඉගෙන ගත්ත දේවල් තව කෙනෙක්ට නිහතමානිව දෙන්න කැමතියි. අද මට කොහේ ගියත් මගේ ගෝලයෙක් හමු වෙනවා. ඒ ගැන ආඩම්බරයි මට.”

ප්‍රියන්තට වැඩිපුර කැමති පොඩි ළමයි නේද, “ඔව්, අද ළමයි ඇත්තටම තාක්ෂණය අතින් හරි දියුණුයි. අපි පටන් ගත්ත තැන⁣ට වඩා තැනක එයාලා ඉන්නවා. අපේ සුන්දර ළමා කාලය ඇත්තටම දැන් ඉන්න පොඩි අයට නෑ. රියලිටි වැඩහටහන් වල මම විකට චරිතයක් වෙන්නේ පොඩි අයගේ ආතතිය මග හරින්න. මොකද එයාලා ටිකක් බයකින් තමා ඕනිම දෙයක් කරන්නේ. මම ආසයි පොඩි අය එක්ක වැඩ කරන්න. ඒක හරි සුන්දර අත්දැකිමක්.”

ඔබ මේ දිනවල වේදිකාවට දෙන දායතත්වය කොහොමද? “මට කාලේකින් හොද නිර්මාණයක් ලැබුනේ නෑ. ප්‍රවිණයන් පවා අලුත් නිර්මාණ පටන් ගත්තේ නෑ. මට හොද නිර්මාණයකට ආරාධනා ලැබුනොත් අනිවාර්යයෙන් මම ඒකට කැපවෙනවා. ඉදිරියේදි ගිරාගේ අලුත් නිර්මාණයක් එළියට එන්න තියෙනවා. ඒකට සහභාගි වුනා පහුගිය කාලයේ.”

ගායනය, රංගනය, ගුරු වෘත්තීය මේ අතරින් ඔබ කැමතිම අංශය, “මට ලොකු ගායන හැකියාවක් නෑ පොඩි ගායන හැකියාවක් තියෙනවා. මම ඔය මොන අංශයට වුනත් කැමතියි. මොකද ජිවිතය කියන්නේ ඇත්තටම රඟපෑමක්. විවිධ තැන්වල විවිධ අවස්ථා රඟපානවා අපි. ගෙදරක වුනත් අපි විවිධ චරිත රඟපානවා. මම මොන අංශයට වුනත් හරි කැමැත්තෙන් සහභාගි වෙනවා.”

ගෙවි ගිය ජිවිතය ගැන කතා කලොත්, “ඉතාම දුෂ්කරව ගෙවපු කාලේ ඉවර වෙලා සතුටින් දැන් කාලය ගෙවනවා. ජිවිතය කියන දේ ඇත්තටම හරි සුන්දරයි .මගේ බිරිඳ යහළුවන් හැමෝම එක්ක මම ගොඩක් සතුටින් ජිවත් වෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *