‘මම මගේ ළමයින්ට සල්ලි හම්බ කරන්නේ නෑ’ ජනප්‍රිය නළු උද්දික කියන කතාව

උද්දික ප්‍රේමරත්න නමින් පවා ඔහු නොදන්න කෙනෙක් නැති තරම්. රංගන ශිල්පියෙක්, ගායකයෙක්, නිවේදකයෙක් මෙන්ම වර්තමානයේ දේශපාලනය හා බැදුන කෙනෙක්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු සමඟයි. කාලෙන් කාලේට කලා ලෝකයේ දකින තරු අතර මොහු මේ කාලය තුළ නිරන්තරයෙන් නොදකින චරිතයක්.

කලා ලෝකයේ ඔබ රංගන ශිල්පියෙක් වුනත් සැබෑ ජිවිතේ ඔබ කොයි වගේ කෙනෙක්ද, “මම සැබෑ ජිවිතය තුළ ගොඩක් සරල කෙනෙක්. ආදරණිය බිරිඳට හොද ස්වාමියෙක් වගේම මගේ දරුවාට හොද තාත්තා කෙනෙක්. මම රංගනයෙන් හදාගත්තා මගේ රූපය තුලින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. කෙටියෙන් මගේ පවුලේ කිසි කෙනෙක් උද්දික කියන නළුවා නිසා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් අපිත් අනිත් අය වගේම රටේ ජිවත් වෙන සරල පවුලක්”

උද්දික පුතාට ගොඩක් ආදරේ නිසාම පුතාගේ ජිවිතේ ගැන මේ වෙද්ද තිරණ අරගෙන ඉවරද, “මේකයි මම සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවෙයි. දරුවන්ට අද දවසේ වෙන්න ඕනි හැම යුතුකමක්ම කරනවා. හැබැයි දරුවන්ට දරුවන්ගේ දරුවන්ට මම හම්බකරන්න යන්නේ නෑ. මගේ පුතා එයාගේ අනාගතය හදාගන්න ඕනි. මගෙන් එයාට ලැබෙන්න ඕනි සහයෝගය මම එයාට දෙනවා. මගේ යුතුකම් කොටස මම කරනවා. දවසක ම⁣⁣ගේ පුතා වුනත් ඒ දේවල් තේරුම් ගනිවි. මොන දේ වුනත් මම වර්තමානය තුළ සතුටින් ජිවත් වෙන්න ඕනි හැමදේම එයාට කරලා දෙනවා.”

උද්දිකට පිය සෙනෙහස කියන දේ දැනෙන්නේ කොහොමද “පිය සෙනෙහස ගැන කියන්න මට වචන මදි වෙයි. මොකද මම හිතන්නේ ‘පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදියි’ යනුවෙන්. කවුරු කොහොම ඇහුවත් කවදාවත් තාත්තා කෙනෙකුගේ ආදරේ මෙච්චරයි කියලා කාටවත් කියන්න පුළුවන් ඇති කියලා මම හිතන්නේ නෑ.”

ඔබට මතකද මුලින්ම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඔබට දැනගන්න ලැබුන අවස්ථාව, “අම්මෝ ඔව් මට හොදට මතකයි. හරියට අද වගේ මම රාජකාරි වැඩකට යන ගමන් තමයි බිරිඳමට කෝල් කරලා කිවේ මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. එයා ඒක කිවේ සතුටට අඩන ගමන්. මට ඇත්තටම ඒ වෙලාවේ දැනුන සතුට කියාගන්න බෑ. ඒ හැගිම ඇත්තටම වෙනස්ම හැගිමක්. මගේ මුළු ආත්මයම සතුටින් පිරුණා කියලා කිවොත් හරි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *