‘මම බැන්දේ අවුරුදු 9ක් බාල මාමාගේ දුව’ ජනප්‍රිය නළු සුම්රාන් කියන කතාව

දඟකාර කටකාර හැඩකාර තාරුණ්‍යයේ කඩවසම් ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකර. වර්තමානයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රි ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ අභිමාන්ගේ චරිතයට පණ දෙන සුමිරාන් එක්ක කතා කරන්නයි අද අපේ සුදානම, ඇත්තටම සුමිරාන් කියන්නේ කවුද, “මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. දැන්නම් රංගන ශිල්පියෙක් කියන්නත් පුළුවන්. අම්මා තාත්තාට ආදරණිය පුතෙක්, ඒ වගේම ආදරණිය ස්වාමි පුරුෂයෙක්, ආදරණිය තාත්තා කෙනෙක්. සමාජයේ හොද පුරවැසියෙක්. යාළුවෝ කියන්නේ සුම්මා කියලා. පවුලේ එකම දරුවා”

සුමිරාන්ගේ ප්‍රේම කතාව හරි ලස්සනයිලු නේද,? “ඒක මෙහෙමයි. එයා මට වඩා අවුරුදු නවයක් බාලයි. එයාගේ තාත්තා අපිට ඈතින් නෑකමට මාමා වෙන්නේ. ඉතින් එයා ඉපදුන දවසේ ඉදන් මම එයාව දන්නවා. පවුලේ අය එක්ක ගියපු ට්‍රිප් එකකින් තමා මම එයාගෙන් කැමැත්ත ඇහුවේ. එයා මුලින්ම කැමති වුනේ නෑ. හැබැයි පස්සේ කැමති වු⁣නා. ඊට පස්සේ අපේ ගෙවල් වලට අපේ සම්බන්ධය මාට්ටු වුනා. හැබැයි ගෙවල් වලින්නම් ප්‍රශ්නයක් වුනේ නෑ.

අපේ සම්බන්ධයට එයාලා අවසර දුන්නා. අපේ අදහස් එහෙම හොදටම ගැළපුනා. හරියට සංසාරේ පතාගෙන ආවා වගේ. අපි අවුරුදු පහක් විතර ආශ්‍රය කළා. අපිට තේරුම් ගියා අපිට අපි තමා ගැළපෙනම දෙන්නා කියලා. ඉතින් අපි අපේ ආදරය විවාහයක් දක්වා ගේන්න තිරණය කළා. අද අපි දෙන්නම සතුටින් ඉන්නවා.”

ඔබට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? “එයා නිසා තමයි මට මේ ගමන එන්න ලේසි වෙලා තියෙන්නේ. මොකද මම කරන චරිත වල අඩුපාඩු කියලා දෙන්නේ එයා. ප්‍රේම ජවනිකා එහෙම තවත් රොමෑන්ටික් විදිහට කරන්න තිබුනා කියලා කියන්නේ එයා. කවදාවත් රංගනය ඇතුලේ මේක හොදයි මේක කරන්න එපා කියලා එයා කියලා නෑ. නීල පබළු පවුල එක පවුලක් වගේ ඒ නිසා හැමෝම එක පවුලක හැගිමකින් ඉන්නවා. මගේ බිරිඳ මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්.”

ඔබ නිතර දකින්න නැති චරිතයක්,? “මේකයි මම එකව⁣රකට භාර ගන්නේ එක චරිතයයි. මම රංගනය කරන්නේ ආසාවට. නිතර නිතර ප්‍රේක්ෂකයා අතරට එන්න ගියොත් මිනිස්සුන්ට වුනත් අපිව එපා වෙනවා. මම සම්බන්ධ වෙන්නේ එක නිර්මාණයකට නිසා මම මගේ උපරිමය ඒ නිර්මාණය වෙනුවෙන් දෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *