‘මම පෙරපාසල් කාලේ රඟපාලා තියෙනවා දැන් මම නළුවෙක්’ ජනප්‍රිය නළු ප්‍රමොත් කියන කතාව

මෙගා නාට්‍ය අර ‘සංගීතය’ කියන ටෙලිනාට්‍යයට හිමි වෙන්නේ විශේෂ තැනක්. නවක නළු නිළියක් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න කතාවක් විදිහට මේ කතාව හදුන්වන්න පුළුවන්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ එහි එක් චරිතයක් ගැනයි. නමින් ප්‍රමෝත් ගනේආරච්චි. ඔබ ගායකයෙක් විදිහට නේද කලාවට සම්බන්ධ වෙන්නේ. “ඔව් මම දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරගාවලියෙන් තමා කලාවට මුලින්ම එන්නේ. මම ඩ්‍රිම් ස්ටාර් තරඟයේ අවසන් හතර දෙනා දක්වාම එනවා. ඒ ආව ගමන තමයි අවසානයේ මම නළුවෙක් කලේ.

කොහොම වුනත් හරි ආසාවෙන් මම මගේ රංගන කටයුතු කරගෙන යනවා. මොකද මට මේ චරිත නිසා හොද නරක වගේ හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබෙනවා. කලණ කියන්නේ ගොඩක් දෙනෙක් විවිධත්වයක් දකින චරිතයක්.”

ප්‍රමෝත්ට මේ අත්දැකිම දැනෙන්නේ කොහොමද? “ඩ්‍රිම් ස්ටාර් තරඟය නිසා මම හිතපු නැති විදිහට මට නළුවෙක් වෙන්න පුළුවන් වුනා. මම රඟපාන චරිතයට ගොඩක් අය බැන්නත් එයාලා කියන්නේ මම රංගනය උපරිම හොදට කරනවා කියලා. ගායකයෙක් විදිහට මාව අදුරගද්දි මට ආදරය කරන පිරිසක් හිටියා. අද මාව නළුවෙක් විදිහට අදුරගෙන මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේට ඇත්තටම මම කැමතියි. මේ අත්දැකිම ජිවිතේම වෙනස් කලා. ගායකයෙක් වෙන්න ආව මම අවසානේ නළුවෙකුත් වුනා හිතපු නැති විදිහට.”

රංගනයට පිවිසිමත් එක්ක ඔබ දිගටම රංගනයේ ඉන්නවද? “මම ඇත්තටම ආසයි මේ කේෂ්ත්‍රයේ විවිධ හැඩතල ඔස්සේ මාව හදුන්වා දෙන්න. මම ගාය⁣නයෙන් කලාවට ආවත් අද මම නළුවෙක් නිසා මම ආසයි රංගනය පිළිබඳ ඉගෙන ගන්න. අලුත් අලුත් දේ දැනගන්න. අපේ රටේ ප්‍රවිණයන් එක්ක වැඩකටයුතු කරලා ඒ අයගේ උපදෙස් ගන්න. ජිවිතේ විවිධ මාවත් ඔස්සේ විවිධ දේ සොයන්න ඇත්තටම මම ආසයි. එ නිසා රංගනය ගායනය දෙකම මම කරනවා.”

ඔබ මේ ක්ෂේත්‍රයට එන්න ඔබට තියෙන දක්ෂතා මොනවද? “මම පොඩි කාලේ ඉදන්ම සංගීතය කියන කේෂ්ත්‍රයට කැමතියි. ඒ ආසාව නිසාම මම උසස් පෙළට පවා සංගීතය කියන විෂය හදාරන්න හිතුවා. සංගීත උණ වගේම රඟපාන්නත් පුංචි පුංචි ආසාවක් තිබුනා⁣. මොකද මම පෙරපාසලෙත් කාලේ රඟපාලා තියෙනවා. ඒ හැමදේකම හුරුව තමා මාව නිර්මාණය කලේ. ඉතින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නෙත් මේ අංශ දෙකෙන්ම තමා “

Leave a comment

Your email address will not be published. Required fields are marked *